රිනවුන් කණ්ඩායම තියුණු ජයක් ලබයි

381

අද (18) මොරගස්මුල්ල පාපන්දු පිටියේ දී පැවති, මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ රිනවුන් ක්‍රීඩා සමාජය අතර තරගය ගෝල 2-3ක් ලෙස නිමා වූයේ රිනවුන් ක්‍රීඩා සමාජයට ජයග්‍රහණය ලබා දෙමිනි.

2017 Dialog ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තෙවන සතියේ අවසන් තරගය වූ මෙම තරගය සවස 3.30ට ආරම්භ විය.

තරගයේ පළමු මිනිත්තු 25 තුළ දෙපිළම කරට කර සටනක නිරත වෙමින් ක්‍රීඩා කළ ද, පසුව රිනවුන් කණ්ඩායම තම තරග සැලසුම් තරමක් දුරට වෙනස් කරමින් ක්‍රීඩා කරනු දැක ගන්නට ලැබුණි. තරගයේ 26 වන මිනිත්තුවේ දී මොරගස්මුල්ල ක්‍රීඩක එස්. සමන්ත හට විනිසුරුතුමා විසින් කහ කාඩ්පතක් නිකුත් කළේය.

සෝන්ඩර්ස් සහ ගුවන් හමුදාව අතර උණුසුම් තරගයක්

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලිය යටතේ ඊයේ (17) කැලණිය පාපන්දු සංකීර්ණයේ දී පැවති, සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජය..

තරගයේ 28 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ජොබ් මයිකල් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයේ ආරක්ෂක පවුරු බිඳ දමමින් ගෝලයක් වාර්තා කළේ, තරගයේ පළමු ගෝලයට හිමිකම් කියමිනි.

අනතුරුව තරගයේ 31 වැනි මිනිත්තුවේ දී රිනවුන් කණ්ඩායමට නිදහස් පහරක් හිමිවුවද, මොරගස්මුල්ල ගෝල රකින්නා වූ තරිඳු රුක්ශාන්ගේ දක්ෂතාවය නිසා එය සාර්ථක නොවීය.

එයින් නොසැලුණු රිනවුන් කණ්ඩායම වෙනුවෙන් ටරාරේ මවුන්හමීඩ් තරගයේ 35 වැනි මිනිත්තුවේ දී වම් පාදයෙන් දැකුම්කළු ගෝලයක් ලබා ගත්තේ, සිය කණ්ඩායමේ දෙවන ගෝලය වාර්තා කරමිනි. ඒ නිසා පළමු අර්ධය තුළ වැඩි වාසිය රිනවුන් කණ්ඩායම නතුවිය.

පළමු අර්ධය: මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය 0 – 2 රිනවුන් ක්‍රීඩා සමාජය

කිසිදු වෙනසක් තොරව කණ්ඩායම් ද්විත්වයම දෙවන අර්ධය සඳහා පිටියට අවතීර්ණ වූයේ සවස 4.30ට පමණයි. තරගයේ 50 වැනි මිනිත්තුවේ දී මොරගස්මුල්ල ක්‍රීඩක චාමර ගුණසේකර සිය කණ්ඩායම වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළේය.

මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය එක් ගෝලයක් ලබාගත් පසුව නව රිද්මයක් සහිතව තරගයට අවතීර්ණ විය. එහි ප්‍රතිඵලයක් ලෙස තරගයේ 60 වන මිනිත්තුවේ දී පුබුදු සකුලාද සිය කණ්ඩායම වෙනුවෙන් අගනා ගෝලයක් ලබා ගත්තේ, සිය සත්කාරකත්වය ඇතිව ක්‍රීඩා කරන ප්‍රේක්ෂකාගරයේ උණුසුම් අත්පොළසන් හඬ මැදිනි. ගෝල 2–2ක් ලෙස ලකුණු සම මට්ටමට පැමිණි නිසා 60 වැනි මිනිත්තුවට පසුව ගෙවී ගිය මිනිත්තු කිහිපය ඉතාමත් තරගකාරී හා තියුණු විය.

තරගයේ 63 වන මිනිත්තුවේ දී රිනවුන් ක්‍රීඩක ඔලුමිඩ් ෆ්‍රැන්සිස් හට කහ කාඩ්පතක් හිමි වූයේ, පන්දුව ඔහුගේ අතේ වැදීම නිසාවෙනි.

71 වන මිනිත්තුවේ දී මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට නිදහස් පහරක් හිමි වූයේ තරගයේ උණුසුම් තව තවත් වැඩි කරමිනි. නමුත් එය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. තරගයේ 77 වන මිනිත්තුවේ දී රිනවුන් ක්‍රීඩා සමාජය තුළ සිටින දක්ෂ ක්‍රීඩකයෙක් වන ජොබ් මයිකල් මෙම තරගය තුළ තම කණ්ඩායම වෙනුවෙන් ලබාගත් දෙවන ගෝලය සටහන් කිරීමට සමත් විය. එම ගෝලයත් සමඟින් මොරගස්මුල්ල ක්‍රීඩකයින් දෙසට තරගයේ සම්පූර්ණ පීඩනය පතිත විය. අවසන් මිනිත්තු කිහිපය තුළ දෙපිළටම ගෝල ලබා ගැනීමට තිබූ අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරිණි.

සම්පූර්ණ කාලය: මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය 2 – 3 රිනවුන් ක්‍රීඩා සමාජය

ThePapare.com තරගයේ වීරයා –  ඩිලාන් මදුසංක (මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය)

ගෝල ලාභීන්

  • මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය (2) – චාමර ගුණසේකර 50’, පුබුදු සකුලාද 60’
  • රිනවුන් ක්‍රීඩා සමාජය (3) – ජොබ් මයිකල් 28’ , ටරාරේ මවුන්හමීඩ් 35’ , ජොබ් මයිකල් 77’

කහ කාඩ්පත්

  • මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය – එස්. සමන්ත 26’
  • රිනවුන් ක්‍රීඩා සමාජය – ඔලුමිඩ් ෆ්‍රැන්සිස් 63’

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට