මොහොමඩ් ෂමිගේ කඩුලු ත්‍රිත්වයේ රහස

576

ඇෆ්ගනිස්තානය ඉදිරියේ ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ කකුල් පැටලෙන්නට ආසන්නව තිබිය දී නැවත වරක් ඔවුන්ට අත දී කෙළින් කළ ක්‍රීඩකයෙකු ඇත. නැත, ඔහු මොහොමඩ් ෂමි නොවේ. ඔව්, ඒ මහේන්ද්‍ර සිං දෝනි නම් ක්‍රිකට් මොළයයි.

2019 ලෝක කුසලාන තරගාවලියේ 28 වැනි තරගයයි. ජයග්‍රහණය සඳහා ලකුණු 225ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානයට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවාරයේ දී (කඩුලු 3ක් අතැතිව) ලකුණු 16ක් අවශ්‍ය විය. මොහොමඩ් නබි, පිතිකරණයේ යෙදෙමින් පිටියේ ස්ථාවර වී සිටියේය. පන්දු යැවීමට සිදු වූයේ පෙර තරගයේ දී ආබාධයකට ලක්වූ බුවනේෂ්වර් කුමාර් වෙනුවට ඉන්දියානු කණ්ඩායමට කැඳවූ මොහොමඩ් ෂමි හටයි.

ජයකිෂන්ගේ ඔලුව පැලූ වෝනර් සමාව ඉල්ලයි

“මට සමාවෙන්න” යැයි පසුගිය වසරේ දී ලෝවැසි ක්‍රිකට් ……

පළමු පන්දුවට හතරේ පහරක් එල්ල විය. පීඩනය තිබුණේ ෂමි වෙතය. එහෙත් පන්දුවාරයේ තෙවැනි, සිව්වැනි සහ පස්වැනි පන්දුවල දී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරමින් ෂමි තරගය අවසන් කළේය. එය ලෝක කුසලාන ඉතිහාසයේ 10 වැනි කඩුලු ත්‍රිත්වයයි. ඉන්දියානුවන්ගේ දෙවැන්නයි. මේ සියල්ල පිටුපස “දෝනි සාධකය” ක්‍රියාත්මක වෙමින් තිබූ බව අප්‍රකට ය. පන්දුවාරය අතරතුර දෝනි, ෂමි වෙත දිවගොස් යම් උපදෙසක් ලබා දෙනු පමණක් අපි දුටුවෙමු. ඔහු පැවසුවේ මොනවා ද?

සැලසුම සරලයි. හිතන්න වෙලාවක් තිබුණේ නැහැ. ඒක ඔබ ඔබේ දක්ෂතා මත විශ්වාසය තැබිය යුතු අවස්ථාවක්. මම වෙනස්කම්වලට ගියේ නෑ, මොකද ඒකෙන් ලකුණු ගන්න ලේසි වෙන්න තිබුණා.” ෂමි rediff හරහා තම මතකය අවදි කළේ එසේයි. මේ සියල්ල මැද මහේන්ද්‍ර සිං දෝනි ඔහුට පැවසුවේ මොනවා ද?

නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ කැප්ටන් කූල්, එසේත් නැත්නම් සංයමයෙන් හරිම තීරණ ගන්නා නායකයා වූයේ මහේන්ද්‍ර සිං දෝනි ය. දැනට වයස අවුරුදු 37ක් වුවත්, ඔහුගේ ශරීරය වේගවත් ක්‍රිකට් රටාවට 100%ක් එකඟ නොවූවත්, ඔහු පතාක ක්‍රිකට් යෝධයෙකි. තරගයේ එක් එක් අවස්ථාවලට අනුව ක්‍රීඩකයන් විසින් සිදු කළ යුතු වෙනස්කම්, පිටියේ ඇතිවිය යුතු වෙනස්කම්, පන්දු යවන්නා පන්දු යැවිය යුතු කෝණය, පිතිකරුවෙකු නම් ලකුණු රැස්කළ යුතු ආකාරය ගැන ඔහුට ඇත්තේ හසල දැනුමකි.

ජ්‍යෙෂ්ඨයා සංයමයෙන් කටයුතු කරයි – indiatimes.com

මේ වන විට ඉන්දියානු ක්‍රිකට් නායකත්වය දරන්නේ විරාත් කෝලි වුවත් ඔහුට දෝනිගෙන් ලැබෙන සහාය තරග තුළ දී ඔබ නිතර දැක ඇති. කෝලි තරමක් කලබලයෙන් පිටියේ එහා මෙහා ඇවිදිමින් කණ්ඩායම හසුරුවන විට, සංයමයෙන් ඔහුගේ සුළු සුළු අඩුපාඩු සකස් කරන දෝනි සම්පූර්ණයෙන්ම වෙනස් වර්ණයක් කණ්ඩායමට ගෙන එයි.   

ජය ගැනීමට අපහසු තරග අවසන් පන්දුව තෙක් ඇදගෙන යෑම පුරුද්දක් කර ගත් දෝනි, අවසන් පන්දුවාරයේ දී ලකුණු 08ක්, 12ක්, 16ක් පවා සාර්ථකව හඹා යනු අපි දැක ඇත්තෙමු. අවසන් පන්දුවේ දී ලකුණු 3ක්, 4ක්, 6ක් අනිවාර්ය වූ මොහොතක දී එය ගෙදර ව‍ගේසපුරා ගැනීමට දෝනිට හැකි වූ වාර ගණන සුළුපටු නොවේ. වරක් එහි රහස කුමක් දැයි මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමසුවේය. ඔහු (දෝනි) පැවසුවේ මෙවැන්නකි.

ජොෆ්රා ආචර් එංගලන්තයට ගිය හැටි

​​බාබෙඩෝස් නම් කුඩා දූපතේ උපන් ජෝෆ්රා ……..

තරගයේ දී පන්දු යවන්නන් සහ පිතිකරුවන් යන දෙපිරිසම මනසින් ශක්තිමත් ය. විශේෂයෙන්ම පන්දු යවන්නන් තරගයේ වාසිය අතින් ඉදිරියෙන් සිටිද්දී ඔවුන්ව පාලනය කරන්නට අපහසුය. නමුත් දෝනි විශ්වාස කළ දෙයක් තිබේ. අවසන් පන්දුවාරය තෙක් තරගය ඇදගෙන ගොස් පන්දු යවන්නා සහ තමන්ව එකම මට්ටමකට ගෙන ඒම නම් එයයි. එහි දී තරගයේ තීරණය වෙනස් කරන්නේ එක් පන්දුවක් හෝ පන්දු කිහිපයකිනි. එහි පීඩනය දැඩිය. ඇහැට ඇහැ තබා එම දැඩි පීඩනයට මුහුණ දීමේ හැකියාව පන්දු යවන්නාට වඩා තමන්ට ඇති බැව් දෝනි විශ්වාස කළේය. එය පැහැදිලි සත්‍යයකි. දෝනි විසින් එලෙස ජයග්‍රහණය කළ තරග ඊට හොඳම සාක්ෂි වේ.

මහී අයියා (දෝනි) මට කිව්වා යෝකර්ස්ම දාන්න කියලා. ඔහු කිව්වා දැන් කිසිදෙයක් වෙනස් කරන්න එපා, උඹට හැට්-ට්‍රික් එකක් ගන්න පුළුවන්කියලා.” මොහොමඩ් ෂමි එසේ කීවේය.

1987න් පසුව ලෝක කුසලාන තරගාවලියක දී ඉන්දියානු පන්දු යවන්නෙකු විසින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි. business-standard.com

සිදු වූයේ එයමය. 1987 දී චේතන් ෂර්මා සිදු කළායින් පසුව ලෝක කුසලාන තරගාවලියක දී ඉන්දියානු පන්දු යවන්නෙකු විසින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි. නැවත නැවතත් පැහැදිලි වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා මනස කෙතරම් ශක්තිමත් විය යුතු ද, ඔබ කෙතරම් උපක්‍රමශීලී විය යුතු ද යන්නයි.

ඊට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කෙතරම් මැදිහත් විය යුතු ද යන්න ගැන ද මෙහි පණිවුඩයක් ඇත. එක්දින තරග 100ක් පමණ ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකුට ලැබෙන අත්දැකීම් සම්භාරය ඔහු විසින්ම හොඳින් ප්‍රයෝජනයට ගන්නවාක් මෙන්ම එය අනෙක් ක්‍රීඩකයන් වෙත බෙදා හැරීමට ද ඔබට විශේෂ හැකියාවක් අවශ්‍ය ය. මහේන්ද්‍ර සිං දෝනි සාධකය, ඒ ගැන අපට උදාහරණ සපයන ප්‍රභවයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<