සත්කාරකයින් පරදා ආගන්තුකයින් දෙවැනි තැන දිනා ගනී

955

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ (8) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති අතර සත්කාරක ධර්මරාජ විද්‍යාලය ලකුණු 32-12ක් ලෙස පරාජය කරමින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් පළඟ ශූරතාවේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට සමත් විය.

වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර කොළඹ…

දැඩි වර්ෂාව නිසා ක්‍රීඩකයින්ට වරින් වර බාධා එල්ල වුන අතර බෝගම්බර ක්‍රීඩා පිටියේ තත්වය ද එතරම් හොඳ තත්වයක නොතිබිණි. මනුක හියාරපිටිය ධර්මරාජ ලකුණු පුවරුව ක්‍රියාත්මක කරමින් ක්ෂණිකව පන්දුව රැගෙන උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යමින් පළමු උත්සාහක දිනුම වාර්තා කිරීමට සමත් විය. බවන්ත උඩන්ගමුව එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ධර්මරාජ විද්‍යාලය 07-00 සාන්ත අන්තෝනි)

පළමු උත්සාහක දිනුමේ වාසිය රඳවා ගැනීමට ධර්මරාජ ක්‍රීඩකයින් අසමත් වූ අතර සාන්ත අන්තෝනි විද්‍යාලයේ ඉෂාර ලියනගේ ධර්මරාජ ආරක්ෂක වළල්ලෙන් මිදී සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. චමෝද් වනසිංග ඉතා පහසුවෙන් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් විය. (ධර්මරාජ විද්‍යාලය 07-07 සාන්ත අන්තෝනි)

වර්ෂාව නිසා තෙත්වුනු පන්දුව පාලනය කිරීමේ දී කණ්ඩායම් දෙකම දුර්වලතා පෙන්නුම් කළේය. ධර්මරාජ ක්‍රීඩකයින් අතින් පන්දුව ‘knock on’ අවස්ථාවකට ලක්වුණු අතර උත්සාහක දිනුම් සීමාව ඉතා ආසන්නයේ හිමි වූ ‘scrum’ අවස්ථාවක් සාර්ථකව ලබා ගනිමින් පන්දුව සිය පසුපෙලට යොමු කරමින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. සුහෙල් වසීම් එම උත්සාහක දිනුමට හිමිකම් කියූ අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (ධර්මරාජ විද්‍යාලය 07-12 සාන්ත අන්තෝනි)

පළමු අර්ධය: ධර්මරාජ විද්‍යාලය 07 – 12 සාන්ත අන්තෝනි විද්‍යාලය

දෙවන අර්ධය සම්පූර්ණයෙන්ම සිය ග්‍රහණයට ගැනීමට සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ සමත් විය.

රිච්මන්ඩ් – ඇලෝසියස් රිදී ජුබිලිය කා හට ද?

දකුණු පළාතේ ප්‍රධාන පාසල් දෙකක් වන රිච්මන්ඩ් විද්‍යාලය හා ඇලෝසියස් විද්‍යාලය වාර්ෂිකව විවිධ ක්‍රීඩා ඉසව්වලින් තරගාවලි සංවිධානය කරන පාසල් ද්විත්වයකි. ඒ අතරින්…

දෙවන අර්ධය ආරම්භයේම සාන්ත අන්තෝනි කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් මකාරීම් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන්ට නොහැකි විය. (ධර්මරාජ විද්‍යාලය 07-17 සාන්ත අන්තෝනි)

ධර්මරාජ ක්‍රීඩකයින් දිගින් දිගටම පසු පාදයට ඇද දමමින් සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පන්දුව සියතේම තබා ගනිමින් ධර්මරාජ අන්තය ආක්‍රමණය කළ අතර කේ. ආර්. ඩී. පී. සෙනෙවිරත්න සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් සිව්වැනි වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත් විය. චමෝද් වනසිංග එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නා ලදි. (ධර්මරාජ විද්‍යාලය 07-24 සාන්ත අන්තෝනි)

දුලංජන ධර්මසිරි සාන්ත අන්තෝනි විද්‍යාලය වෙනුවෙන් පස්වැනි වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා ගිය අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වූයේ නැත. පන්දුවට පා පහර දීමෙන් ලකුණු ලබා ගැනීම ඉතා දුර්වලව තිබුනත් උත්සාහක දිනුම්වලින් ලකුණු පුවරුවේ ඉදිරියට ඒමට අන්තෝනි ක්‍රීඩකයෝ සමත් වූහ. (ධර්මරාජ විද්‍යාලය 07-29 සාන්ත අන්තෝනි)

සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කහ කාඩ්පත් ලැබුණු අතර එහි වාසිය මැනවින් ප්‍රයෝජනයට ගත් ධර්මරාජ ක්‍රීඩකයෝ දෙවන වරටත් උත්සාහක දිනුම් සීමාව ඉක්මවා යාමට සමත්වුවද ඒ වන විට නැවත තරගයට පිවිසීමට තරම් කාලයක් ඔවුන්ට ඉතිරිව නොතිබුණි. (ධර්මරාජ විද්‍යාලය 12-29 සාන්ත අන්තෝනි)

තරගයේ අවසානයට මොහොතකට පෙර ලැබුණු දඬුවම් පහරක් ද සාර්ථක කර ගත් සාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ තරගයේ ජය තහවුරු කර ගනිමින් පළඟ ශූරතාවයේ දෙවන ස්ථානය ද තහවුරු කර ගැනීමට සමත්වූහ. (ධර්මරාජ විද්‍යාලය 12-32 සාන්ත අන්තෝනි)

අවසාන ලකුණු තත්වය: සාන්ත අන්තෝනි විද්‍යාලය 32 (5T 2C 1P) – 12 (2T 1C) ධර්මරාජ විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ඉෂාර ලියනගේ (සාන්ත අන්තෝනි)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • සාන්ත අන්තෝනි විද්‍යාලය: ඉෂාර ලියනගේ (1T), සුහෙල් වසීම්(1T), මොහොමඩ් මකාරීම් (1T), කේ. ආර්. ඒ. පී. ඩි සෙනෙවිරත්න (1T), දුලන්ජන් ධර්මසිරි (1T), චමෝද් වනසිංහ (2C,1P)     
  • ධර්මරාජ විද්‍යාලය: මනුක හියාරපිටිය (2T), බවන්ත උඩන්ගමුව (1C)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<