කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙසින් ප්‍රසිද්ධියට පත් මහනුවර කිංස්වුඩ් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර 111 වැනි වරටත් පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගය ඊයේ (17) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය. තරගය අද ජය පරාජයෙන් තොරව අවසන් විය.

කන්ද උඩරට සුලෝහිත සටනේ පළමු දිනයට විමුක්තිගෙන් 87*ක්

කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය ලෙසින් ප්‍රචලිත මහනුවර කිංස්වුඩ් විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය අතර 111 වැනි වරටත් පැවැත්වෙන පාසල් මහා ක්‍රිකට් තරගය අද (17) මහනුවර පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ දී ආරම්භ විය…

කාසියේ වාසිය ජයග්‍රහණය කල කිංස්වුඩ් විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

කිංස්වුඩ් ලකුණු පුවරුව ලකුණු 167ක් දක්වා ඔසවා තැබීමට විමුක්ති විජේවර්ධන සමත් විය. නිවන්ත හේරත් ලකුණු 27ක් තුල කඩුලු 4ක් ඩැහැ ගන්නා විට, නවින්ද ඩිල්ශාන් හා ගිහාන් විතාරණ අතරේ කඩුලු දෙක බැගින් බෙදී යන ලදි.

තම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ධර්මරාජ විද්‍යාලය දිනය අවසන් වන විට කඩුලු 2ක් දැවී ලකුණු 41ක් ලබාගෙන සිටි අතර, දෙවන දිනය සඳහා තරගය එතැන් සිට ක්‍රියාත්මක විය.

[rev_slider dfcc728]

ධර්මරාජ විද්‍යාලය කෙසේ හෝ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව පිතිකරණයේ නිරත වුවද, එය අභියෝගයක් බවට හරවා ගෙන ක්‍රීඩා කල ගනිදු කෞෂාල්‍ය දක්ෂ ලෙස පන්දු යවමින් කඩුලු 7ක් සොරා ගෙන ධර්මරාජ විද්‍යාලයට තම පළමු ඉනිමේ ජයග්‍රහණය අහිමි කරවන ලදි. නමුත් නොසැලී සටන් වැදුණු දුලාජ් බණ්ඩාර හා නිවන්ත හේරත් දක්ෂ ලෙස සබඳතාවයක් ගොඩනංවමින් පිළිවෙළින් ලකුණු 41ක් හා 40ක් රැස්කරගෙන ලකුණු 161ක් දක්වාම ලකුණු පුවරුව ඔසවා තැබුව ද, ලකුණු 6ක් පමණක් ලබා ගැනීමට නොහැකි වීම නිසා ඔවුන්ගේ අභිප්‍රාය ඉටුකර ගැනීමට නොහැකිව යන ලදි.

පළමු ඉනිමේ වාසිය ද අතැතිව නැවතත් පිටියට පැමිණි කිංස්වුඩ් විද්‍යාලය දෙවන හා අවසන් දිනය අවසානයේ කිසිදු පීඩනයකින් තොරව එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 102ක් රැස්කර ගන්නා ලදි. එහි දී ඉනිම වර්ණවත් කල යසෝද් කාවින්ද ලකුණු 58ක් හා නොදැවී ක්‍රීඩා කල අමිල ජයවීර ලකුණු 25ක් රැස්කර ගෙන කඩුල්ලේ රැදී සිටිය දී, තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි.

කිංස්වුඩ් විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 167 (පන්දුවාර 64.4): විමුක්ති විජේසිරිවර්ධන 87*, නිවන්ත හේරත් 4/27, නවින්ද ඩිල්ශාන් 2/27, ගිහාන් විතාරණ 2/55

ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 161 (පන්දුවාර 92.5): දුලාජ් බණ්ඩාර 41, නිවන්ත හේරත් 40, ගනිදු කෞෂල්‍ය 7/62

කිංස්වුඩ් විද්‍යාලය දෙවන ඉනිම – එක් කඩුල්ලක් දැවී ලකුණු 102 (පන්දුවාර 33.2): යසෝද් කාවින්ද 58, අමිල ජයවීර 25*

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න  ක්‍රිකට් ක්‍රීඩා පිටුවට