රන් සිංහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී චමිඳුගෙන් වාර්තාවක්

472

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවති රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (31) මාතර උයන්වත්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් වූයේ දෙපිළේම ක්‍රීඩකයෝ තම තමන්ගේ ගෞරවයන් ආරක්ෂා කර ගනිමිනි.

කෙසේ වෙතත් අද තරගයේ වූ සුවිශේෂීම සිදුවීම වූයේ ධර්මපාල විද්‍යාලයේ චමිඳු සමරසිංහ තරග ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීම ය.

7 වැනි රන් සිංහ සටනේ පළමු දිනය දඟ පන්දු දඟයෝ ග්‍රහණයට ගනිති

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ

පළමුවෙන් පන්දුවට පහර දුන් ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 126ට පිළිතුරු ලෙසින් රාහුල ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 181ක් පමණි. පළමු දිනය අවසාන වන විට සත්කාරක රාහුල ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබා පළමු ඉනිමේ ජයග්‍රහණය ආසන්නයටම පැමිණ පළමු දිනයේ වැඩි ගෞරවය දිනා සිටි අතර එය තව දුරටත් පවත්වා ගෙන යමින් ඔවුන් සංචාරක ක්‍රීඩකයන්ට වඩා ලකුණු 55ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි දිනයේ දී තම පළමු ඉනිම අවසන් කළහ.

එම ඉනිමේ දී අර්ධ ශතක ලබාගත් ක්‍රීඩකයන්ට අමතරව අද නායක යුරාජ් චලක ලකුණු 43ක් ලබා ගනිමින් වැඩි දායකත්වයක් දැක්විය. ඔහුගේ ඉනිම පන්දු 126කින් සමන්විත වූ අතර ඊට හතරේ පහරක් ඇතුලත් විය.

රාහුල ඉනිම බිඳ දැමීමේ දී වමතින් පා දඟපන්දු යැවූ චමඳු සමරසිංහ ලකුණු 57කට කඩුලු 8ක් ලබා ගත්තේය. ඉනිම අවසානයේ ඔහුගේ පන්දු යැවීම සටහන් වූයේ 32-10-57-8ක් ලෙසිනි. මෙම දක්ෂතාව රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් ඉතිහාසයේ පන්දු යවන්නෙක් ලෙසින් ඉනිමක වාර්තා කළ හොඳම දක්ෂතාව විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ධර්මපාල ක්‍රීඩකයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 144ක් ලබා ගත්හ. එතෙකින් සෑහීමකට පත් වූ ඔවුන් නැවත පන්දුවට පහර දීමට සත්කාරක ක්‍රීඩකයන්ට ආරාධනා කළේ ලකුණු 94ක ඉලක්කයක් ලබා දෙමිනි. තරගය අවසන් වන විට රාහුල ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියහ.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩිකාවෝ විස්සත් දිනති

සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති

ධර්මපාල දෙවැනි ඉනිමේ දී අමිල ඩයනක ලකුණු 96ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිම පන්දු 174කින් සමන්විත වූ අතර හතරේ පහර 11ක් ඇතුලත් වුණේ අනෙකුත් ක්‍රීඩකයන් තමන් සන්තකයේ තබා ගනිමිනි. එම ඉනිමේ කඩුලු 2 බැගින් ලබා ගැනීමට සජිත රාජපක්ෂ සහ සචිත් මනුරංග සමත් වූහ.

පිළිතුරු ඉනිමේ ලකුණු 21ක් ලබා ගනිද්දී බිනර සංකේත් ලකුණු 12ක් ලබා ගත් අතර ලබා ගත් කඩුල්ලේ හිමිකාරිත්වය චමිඳු සමරසිංහ සතු විය.

තරගයේ සම්මාන දෙපිළේ කණ්ඩායම් සම සමව බෙදා ගත් අතර එහි දී ධර්මපාල විද්‍යාලය වෙනුවෙන් දක්ෂතම පිතිකරු ලෙසින් අමිල ඩයනක ද, දක්ෂතම පන්දු යවන්නා ලෙසින් චමිඳු සමරසිංහ ද නම් කෙරුණි.

රාහුල විද්‍යාලය වෙනුවෙන් දක්ෂතම පන්දු රකින්නා ලෙසින් බිනර සංකේත් නම් කෙරුණ අතර තරගයේ වීරයා ලෙසින් සසිත් මනුරංග සම්මාන දිනා ගත්තේ ය.

දෙවිදුහල් හී පැවැත්වෙන සීමිත පන්දුවාර තරගය හෙට (01) උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතය.

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (41.4) මලිත් සඳකැළුම් 44, අමිල ඩයනක 21, සසිත් මනුරංග 6/25, සජිත රාජපක්ෂ 4/36

රාහුල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 181 (82.3) බිනුර සංකේත් 55, සහන් බණ්ඩාර 53, යුරාජ් චාලක 43, චමිඳු සමරසිංහ 8/57, ඩිල්ශාන් ද සිල්වා 70/2

ධර්මපාල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 144 (54.3) අමිල ඩයනක 96, සජිත රාජපක්ෂ 2/46, සචිත් මනුරංග 2/52

රාහුල විද්‍යාලය; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 21 (9.0)  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<