7 වැනි රන් සිංහ සටනේ පළමු දිනය දඟ පන්දු දඟයෝ ග්‍රහණයට ගනිති

356

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය ආරම්භ කරමින් පැවති පළමු දිනයේ (30) දී තරගය සියතට ගැනීමට දෙපිළේම දඟපන්දු යවන්නෝ සමත් වීම කැපී පෙණුනි.

රුහුණු – මායා රන් සිංහයෝ මාතර දී සටනට පිවිසෙති

මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් සිංහයන්ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 30 සහ 31 දෙදින මාතර…

දිනයේ කඩුලු 13ක් දැවී ගිය අතර ඒ අතුරින් රාහුලයන් වෙනුවෙන් සසිත් මනුරංග සහ සජිත් රාජපක්ෂ ද ධර්මපාලවරුන් වෙනුවෙන් චමිඳු සමරසිංහ ද කඩුලු ගිණුම් විවෘත කළහ. දඟපන්දු දඟයන්ගේ දැඩි පීඩනය හමුවේ වූවද දෙවිදුහල් හී ම ආරම්භක පිතිකරුවෝ ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කිරීම කැපී පෙණුනි.  

කාසියේ වාසිය දිනූ ධර්මපාල විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 126ක් පමණි. දිනය අවසාන වන විට සත්කාරක රාහුල ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 124ක් ලබා පළමු ඉනිමේ ජයග්‍රහණය ආසන්නයටම පැමිණ පළමු දිනයේ වැඩි ගෞරවය දිනා ගැනීමට සමත් වූහ.

ධර්මපාල ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූවද පළමු කඩුල්ල වෙනුවෙන් මලිත් සඳකැළුම් සහ අමිල ඩයනක ලකුණු 71ක සබඳතාවක් එක් කිරීම කැපී පෙණුනි. මේ ආරම්භක වමත් පිතිකරුවන් දෙදෙනා සත්කාරක ක්‍රීඩකයෝ තඹේකට මායිම් නොකරමින් පන්දුවට පහර දුන්නේ ධර්මපාලවරුන් උණුසුමින් උද්යෝගිමත් කරමිනි. නමුත් අනෙකුත් පිතිකරුවන් සියලු දෙනා ලකුණු අතරට පිවිසීමට ගත් සියලු උත්සාහයන් වළකමින් ඔවුන්ගේ ලකුණු පුවරුව අඩුවෙන් තැබීමට රාහුලයන් සමත් වූහ.

කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූ මලිත් සඳකැළුම් ලකුණු 44ක් ලබා ගත්තේ පන්දු 71ක් වැය කරමිනි. ඊට හතරේ පහර 5ක් එක් කිරීමට ද ඔහු සමත් විය. ඔහුගේ සහායකයා වූ අමිල ඩයනක ලබා ගත් ලකුණු ප්‍රමාණය 21කි. ඒ සඳහා ඔහු පන්දු 40කට මුහුණ දුන් අතර ඉනිමට එක් කළ හතරේ පහර ප්‍රමාණය 4කි.

ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමඟින් කඩුලු වැලේ පුරුක් එකින් එක ඉතා ඉක්මනින්ම පැස්සීමට රාහුල පන්දු යවන්නෝ ක්‍රියාත්මක වූහ. දිවා විවේකය වෙද්දී ඔවුන්ගේ ඉනිම කියැවුණේ කඩුලු 4කට ලකුණු 104ක් ලෙසිනි. දිවා විවේකයෙන් පසුව අනෙකුත් කඩුලු 6 ලකුණු 22ක දී බිඳ වැටෙද්දී නායක අවිශ්ක හසරින්ද (16) සහ ලක්ෂිත පුරසිංහ (17) පමණක් ලකුණු අතරට පිවිසෙමින් ධර්මපාල ඉනිම මේ තරමින් හෝ ගොඩ දැමීමට දායක වූහ.

ධර්මපාල ඉනිම අඩු ලකුණු ප්‍රමාණයකට සීමා කරමින් විනාශ කර දැමීමේ පෙරමුණ ගත්තේ රාහුල විද්‍යාලයීය උප නායක සසිත් මනුරංග සහ සජිත රාජපක්ෂ ය. ඔවුන් දෙදෙනා ධර්මපාල කඩුලු 10 බෙදා ගත්තේ 6:4ක් ලෙසිනි. දකුණතින් පිට දඟපන්දු යැවූ සසිත් පන්දු වාර 16ක් යවමින් නොඉඳුල් පන්දු වාර 6ක් සමඟින් කඩුලු 6ක් ලබා ගත්තේ ලකුණු 25ක් පමණක් ලබා දෙමිනි. වමතින් පා දඟපන්දු යැවූ සජිත රාජපක්ෂගේ පන්දු යැවීම කියැවුණේ ලකුණු 36කට කඩුලු 4ක් ලෙසිනි.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි රාහුල විද්‍යාලයීය ක්‍රීඩකයන්ගේ ඉනිම වරෙක කියැවුණේ කඩුල්ලකට ලකුණු 95ක් ලෙසිනි. ධර්මපාල ඉනිමේ ආරම්භක වමත් පිතිකරුවෝ ද රාහුල ඉනිමේ දී ආරම්භක දකුණත් පිතිකරුවෝ ද තම යුතුකම මනා ලෙසින් ඉටු කරනු දක්නට ලැබීම සුවිශේෂී ය. ධර්මපාලවරුන් අභිබවා ගිය රාහුලයන්ගේ පළමු කඩුල්ලේ සබඳතාව අර්ධ ශතක දෙකකින් සමන්විත විය.   

ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?

2018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි. ඕස්ට්‍රේලියානුවන් පමණක් නොව මුළුමහත් ලෝක ක්‍රිකට් ප්‍රජාවම ලොව අංක එකේ ටෙස්ට්…

බිනුර සංකේත් පන්දු 134කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 55ක් ලබා ගත් අතර සහන් බණ්ඩාර පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනාගේ දැවී යෑමත් සමගින් දැවී ගිය අනෙක් කඩුලු 2ක ම ලකුණු 120 දී අහිමි කිරීමට ධර්මපාලවරුන් සමත් වූහ.

දැවී ගිය කඩුලු තුන ධර්මපාල විද්‍යාලයීය උප නායක චමිඳු සමරසිංහ වෙත හිමි විය. පිටියේ විනිසුරුවන් වූ චාමර සොයිසා සහ චන්දික අමරසිංහ විසින් දිනය නිමා වන බවට සංඥා කරමින් බේල්ස් ඉවත් කරන විට වමතින් දඟපන්දු යැවූ චමිඳු ලකුණු 32කට කඩුලු 3ක් ලබා සිටියේ ය.

තරගය දෙවැනි දිනයටත් (31) ක්‍රියාත්මක වෙද්දී පන්දුවට පහර දීමට පිටියට බැසීමට සූදානම්ව සිටින්නේ මේ වන විට නොදැවී ලකුණු 4ක් ලබා සිටින නායක යුරාජ් චලක සහ නොදැවී ලකුණු 3ක් ලබා සිටින උප නායක සසිත් මනුරංග ය.

ධර්මපාල විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 126 (41.4) මලිත් සඳකැළුම් 44, අමිල ඩයනක 21, සසිත් මනුරංග 6/25, සජිත රාජපක්ෂ 4/36

රාහුල විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 124 (51.0) බිනුර සංකේත් 55, සහන් බණ්ඩාර 53, චමිඳු සමරසිංහ 3/32

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<