සුබවාදී බලාපොරොත්තු සමඟින් ධනංජය කොදෙව් දේශයට

923

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ  පිතිකරුවෙක් වන ධනංජය ද සිල්වා මේ මස 6 වැනිදා ආරම්භ වන ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා සහභාගී වීමේ බලාපොරොත්තුවෙන් අද (3) දිවයිනෙන් පිටව යනු ඇත.

ධනංජයගේ පියාට වෙඩි ප්‍රහාරයක්

මොරටුව ප්‍රදේශයේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවෙකු වන ධනංජය ද සිල්වාගේ පියා වන කේ.

එම තරගාවලිය වෙනුවෙන් නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත්ව සිටි ධනංජය ද සිල්වා හට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගිය දිනයේ දී දිවයිනෙන් පිටව යාමට නොහැකි වූයේ ධනංජයගේ පියා වූ රංජන් ද සිල්වා (62) මහතා පසුගිය 24 වැනිදා හදිසියේ ජීවිතක්ෂයට පත්වීම නිසාවෙනි.

ThePapare.com වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තේරීම් කමිටු ප්‍රධානී ග්‍රැහැම් ලැබ්රෝයි මහතා පවසා සිටියේ ධනංජය ද සිල්වා අද (3) බටහිර ඉන්දීය කොදෙව් දේශය බලා පිටත්ව යාමට සූදානම් බවයි.

“ඔහු අද දිනයේ දී දිවයිනෙන් පිටත්ව යන්නට සූදානමින් ඉන්නවා. ධනංජය ද සිල්වා පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කිරීමට සුදුසු මානසික හා ශාරීරික යෝග්‍යතා මට්ටමක ඉන්නවා ද කියලා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය  තීරණය කරාවී.” යැයි ලැබ්රෝයි මහතා එහි දී පවසා සිටියේය.

2016 වර්ෂයේ දී පළමු වරට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමි කර ගත් ධනංජය ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව මෙරට දී පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 3-0ක් ලෙස පරාජය කරමින් ඉතිහාස ගත ජයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක් විය.

අනතුරුව තරග සංචාර කිහිපයක දී සංචිතය තුළ ස්ථානයක් දිනා ගැනීමට ඔහුට අවස්ථාව නොලැබුණු අතර පසුගිය වර්ෂයේ ඉන්දියාව සමඟ දිල්ලි හිදී පැවති තරගයේ දී නැවතත් ඔහු දස්කම් අතරට පිවිසීමට සමත් විය.

ධනංජයගේ තැනට කිසිවෙකු නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ධනංජය ද සිල්වාගෙන් හිස්වන ශ්‍රී ලංකා සංචිතයේ පුරප්පාඩුවට කිසිවෙකු නම් නොකරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායමක් කොදෙව් දේශයේ දී ටෙස්ට් තරගයක දැක්වූ ඉහළම දස්කම් දක්වමින් මෙතෙක් ජයග්‍රහණය කර ඇත්තේ 2007/08 වර්ෂයේ දී පැවති තරගය වන අතර මාලින්ද වර්ණපුර එම තරගාවලියේ පළමු තරගයේ දී රැස්කර ගත් අගනා ශතකය නිසාවෙන් එම තරගය ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් විය. නමුත් එහි දෙවන තරගයෙන් අවාසනාවන්ත ලෙස පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූ නිසා එම තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<