ආසියානු පැරා මේසපන්දුවෙන් ලෝකඩ පදක්කම දිනේශ්ට

136

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආසියානු පැරා මේසපන්දු තරගාවලියට සහභාගි වූ දිනේශ් දේශප්‍රිය එහි ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය. ආසියානු පැරා මේසපන්දු තරගාවලිය චීන තායිපේහි ටයිචුන් හිදී පැවැත්වේ. 

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගි වන එකම ක්‍රීඩකයා දේශප්‍රිය වන අතර ඔහුට එම අවස්ථාව උදා වන්නේ ද මහත් බාධක හමුවේ වීම විශේෂත්වයකි. සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස මේසපන්දුවට අවතීර්ණ වන දිනේශ් දේශප්‍රියට පසුව ඇති වන පාදයේ ආබාධයක් නිසා ඔහු පැරා මේසපන්දු ක්‍රීඩකයෙකු බවට පත්කළේය. 

තරගාවලියේ පළමු වටයේ දී දිනේශ් විසින් ඉන්දුනීසියාව වට 3-0ක් ලෙස ද, කොරියාව වට 3-0ක් ලෙස ද පරාජය කළ අතර ජපානය හමුවේ වට 3-0ක් ලෙස පරාජය වීමට ඔහුට සිදු විය. පළමු වටයේ දක්ෂතා අනුව අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙන දිනේශ් දේශප්‍රිය එහි දී චීනය වට 3-0ක් ලෙස පරාජය කරමින් අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තේය. 

අවසන් පූර්ව වටයේ දී ඔහුගේ ප්‍රතිවාදියා වූ ලොව අංක 4 ස්ථානයේ සිටින ක්‍රීඩක Koyo Lwabuchi හමුවේ වට 3-2ක් ලෙස පරාජය වන නමුත් එම තරගයේ දී දිනේශ්ගේ දක්ෂතා කැපීපෙනිනි. කෙසේ වෙතත් තුන්වැනි ස්ථානය සඳහා වන තරගය ජයග්‍රහණය කරමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට දිනේශ් සමත් විය. 

මෙම පැරා මේසපන්දු තරගාවලිය සඳහා දිනේශ් 9 වැනි කාණ්ඩය නියෝජනය කළ අතර එය දණහිස් දෙකම ආබාධිත හා ක්‍රීඩා කරන අතෙහි ආබාධ සහිත කාණ්ඩයයි. දිනේශ් මීට පෙර 10 වැනි කාණ්ඩය එනම් එක් දණහිසක් පමණක් ආබාධිත කාණ්ඩය නියෝජනය කළේය. 

පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

“21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවය” මෙවර පැවැත්වෙන්නේ ඉන්දියාවේ කතක් හිදී ය. කතක් හි ශ්‍රී ජවහර්ලාල්….

“මට උපතෙන්ම හර්මොෆීලියා රෝගය තියනවා. දැන් ඒක මගේ අස්ථිවලට බලපෑමක් වෙලා තියෙන්නේ. ඒක ඔස්ටියෝපොරෝසිස් දක්වා වර්ධනය වෙනවා. මම ක්‍රීඩා කරන්නේ ලොකු වේදනාවකින්.” 

මෙම කාණ්ඩයේ පෙරමුණ ගැනීමට බෙලරූස් හා බෙල්ජියම් නියෝජනය කරන ක්‍රීඩකයෙන් දෙදෙනෙක් සමත්ව සිටින අතර දේශප්‍රිය තරග කළ ජපාන ක්‍රීඩකයා එම කාණ්ඩයේ සිව්වැනි ස්ථානය ලබාගෙන සිටී. 

“මම තායිලන්ත විවෘත පැරා තරගාවලියේ රන් පදක්කම දිනුවා. මේ කාණ්ඩයේ 15 වැනි ස්ථානය ලබා ගැනීමටත් සමත් වුනා. ඒ පසුගිය දෙසැම්බර්. මට තියන ආර්ථික අපහසුතා එක්ක මට ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට යා හැකි තරග ක්‍රීඩා කිරීමට අපහසුයි. මම මේ වෙද්දී ශ්‍රේණිගත කිරීම්වල 17 වැනි ස්ථානයේ සිටිනවා. මම මුල් 16 දෙනා අතරට ආවොත් මට ලෝක පැරා මේසපන්දු තරගාවලියට යන්න අවස්ථාව තියනවා. ඒක තමයි මගේ මීළඟ බලාපොරොත්තුව.”

තම දෛවයට අභියෝග කරමින් ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන යන දිනේශ් දේශප්‍රිය වැනි ක්‍රීඩකයන් රැකගැනීම අප සෑම දෙනාගේම වගකීම වී ඇත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<