ඩර්වින් ජීවන ක්‍රීඩාවට සමුදෙයි

304
Dervin Perera

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඩර්වින් පෙරේරා මහතා ඊයේ (15) සවස කොළඹ පෞද්ගලික රෝහලක දී අභාවප්‍රාප්ත විය.

ආසියානු යොවුන් ශූරතාවලිය‍ට 12ක්

මැයි මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වීමට නියමිත දෙවන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන 12 දෙනෙකුගෙන්…

මිය යන විය 68 හැවිරිදි වියේ පසු වූ ඩර්වින් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රවීණයෙකු ලෙස පිළිගැනීමට ලක්ව සිටි චරිතයකි.  ඔහු දශක තුනකට ආසන්න කාලයක් පුරා ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ධූරය හෙබ වූ අතර රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපති ධූරය ද ඔහු විසින් දරණ ලදි.

1997 වසරේ ඇතෑන්ස් නුවර පැවති ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ දී සුසන්තිකා ජයසිංහ රිදී පදක්කමක් දිනා ගත් අවස්ථාවේ දී ඇයගේ පුහුණුකරු ලෙස කටයුතු කළේ ඩර්වින් පෙරේරා මහතා යි.

ඊට අමතරව ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස අන්තර් ජාතික පදක්කම් දිනා ගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේම මුල් පුහුණුකරු වුයේ ද ඩර්වින් පෙරේරා මහතා යි. පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනා ගත් කඩුලු පැනීමේ ශූරී ශ්‍රීයානි කුලවංශගේ ද පුහුණුකරු වුයේ ඔහුයි.

1968 වසරේ ඉන්දු- ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර එම තරගාවලියේ දී ම 4 * 400m සහය දිවීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගන්නා ලදි. ඊ‍ට අමතරව 1975 වසරේ දී කොරියාවේ පැවති ආසියානු ශූරතා තරගාවලියේ දී මීටර් 400 ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිමින් එම වසරේ මීටර් 400 ජාතික ශූරයා ද විය.

තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට