වායු දූෂණයට එරෙහිව බොක්සිං ගහන ක්‍රීඩිකාවෝ

155
static.independent.co.uk

ලෝක කාන්තා බොක්සිං ශූරතා තරගාවලියට පෙර ‘දිල්ලියේ වායු දූෂණ මාතෘකාව’ නැවතත්  කරළියට පැමිණ ඇත. තරගාවලිය ඉන්දියාවේ අග නගරය වන නවදිල්ලි නුවර දී පැවැත්වීමට නියමිතව ඇත්තේ එළඹෙන 24 වැනිදා යි.

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (AIBA) අනුදැනුම යටතේ පැවැත්වෙන තරගාවලියට පුහුණුවීම් වල යෙදෙන බොක්සිං ක්‍රීඩිකාවන් දැනටමත් නාස් සහ මුඛ ආවරණ සහිතව සිටින බව මේ වන විට දැනගන්නට ලැබේ. ඒ එම ප්‍රදේශයට ඉහළ වායුගෝලය තුළ පවතින බව කියන විෂ වායුවක් ආඝ්‍රාණය වන බව පවසමිනි.

ඉවතලන වාහන අපද්‍රව්‍ය සහ ඉවතලන ආහාරමය අපද්‍රව්‍ය ගිනි තැබීම නිසා නවදිල්ලියේ වායු දූෂණය ඉහළ මට්ටමක පවතින බව ප්‍රසිද්ධ කරුණකි. එමෙන්ම මේ දිනවල සුළං හමන ස්වභාවයක් ද නොමැති බැවින් ඒ විෂ වායූන් නගරයෙන් ඉවතට හමා නොයන බව වාර්තා වේ.

මේවෙදර් ගහගන්න වගේම පොරකන්නත් සූදානම්

අපරාජිත වෘත්තීය බොක්සිං ශූර ෆ්ලොයිඩ් මේවෙදර් පසුගිය වසරේ පැවති මේවෙදර් – මැක්ග්‍රෙගර් …

“මගේ පවුල කනස්සල්ලෙන්. අපි දන්නවා ඒක අපේ ශරීරවලට හොඳ නැති බව” බල්ගේරියානු ජාතික බොක්සිං ශූරියක වන ස්ටැනිමිරා පෙට්‍රෝවා එසේ පවසා තිබුණේ රොයිටර් වෙතයි. ඇය 2014 වසරේ බැන්ටම් වෙයිට් අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාවයි.

“එය අපහසුයි. මම මුහුණට උඩින් සළුවක් බැඳගෙන ඉන්නවා. අපට හුස්ම ගැනීමේ අපහසුවකුත් තිබුණා. මේ තත්වය යටතේ පුහුණුවෙන්න හරිම අමාරුයි.” ඇය වැඩිදුරටත් පවසා තිබිණි.

නාගරික පාලනාධිකාරිය විසින් විශාල වාහන නගරයට ඇතුළු වීම තහනම් කොට ඇති අතර ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට ද (දුහුවිලි පාලනය සඳහා) නියෝග කර ඇත. කෙසේ වෙතත් යුරෝපියානු බොක්සිං ක්‍රීඩිකාවන් හත්දෙනෙකුම ඔවුන්ගේ දෑස් ද අවහිරයට පත්ව ඇතැයි පැමිණිලි කොට තිබුණි. ඔවුන්ගේ පුහුණුකරුවන් පවසා ඇත්තේ එසේ සිදුකර තිබියදීත් සංවිධායකයන් කිසිදු ආරක්ෂක ආවරණයක් තමන් වෙත නොදුන් බවයි.  

ඇයි අවුල් ද?

ඔබ මේ පින්තූරයේ දකින්නේ විද්‍යාඥයින් හෝ ශල්‍යවෛද්‍යවරුන් නොවේ. ලෝකයේම මාධ්‍ය …

පසුගිය වසරේ පැවති ඉන්දියා – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ දී ද වායු දූෂණය හේතුවෙන් මුඛවාඩම් පැලඳ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය. එය ඉන්දියානු මාධ්‍ය වල විවේචනයට ලක්වුවද මේ චෝදනාව ඔවුනට එල්ලවන්නේ යුරෝපය ඇතුළු මුළුමහත් ලෝකයෙන්ම ය.

බොක්සිං වැනි ක්‍රීඩාවක දී හුස්ම යනු අනිවාර්යයෙන්ම ප්‍රධාන සාධකයකි. පිරිසිදු වාතාශ්‍රය රහිතව එවන් ක්‍රීඩාවක යෙදීම අතිශයින්ම අපහසු ය. කනගාටුදායකම කාරණය නම් මිලියන 18කට වැඩි ජනතාවකට නිවහන වන දිල්ලි අගනුවර තුළ ප්‍රධාන ක්‍රීඩා තරගාවලියක් පැවැත්වෙන විට මෙම මාතෘකාව කරළියට පැමිණියත්, දිනපතා ජීවත් වන ජනතාවට අත්වන ඉරණම ගැන විධිමත් අවධානයක් ලෝකයෙන් හිමි නොවීමයි.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<