තරග සති 3ක්; කණ්ඩායම් 3ක්

772
DCL16 – Three game weeks

2016/17 ඩයලොග් ශූරයන්ගේ පාපන්දු කුසලානයේ සුපිරි 8 දෙනාගේ තරග සමයේ 4 වන සතිය ද  නිමාව දකිමින් කණ්ඩායම් තුනක් පමණක් මේ වන විට ශුරතාවයේ බලාපොරොත්තු ඇතිව තරගාවලියේ රැදී සිටියි.

ශූරතාව දිනා ගැනීමට ඉදිරි තරග තුල දී එක් එක් කණ්ඩායම් විසින් සිදුකල යුත්තේ කුමක්ද, ඉදිරි තරග තුල දී විය හැක්කේ කුමක් ද පිළිබඳව විශ්ලේෂණයක් මෙසේ ThePapare.com විසින් සිදු කෙරෙනු ලැබීය.  

කොළඹ පාපන්දු සමාජය, රිනවුන් ක්‍රීඩා සමාජය, බ්ලු ස්ටාර්  ක්‍රීඩා සමාජය යන කණ්ඩායම් තුනටම තමන්ට ආවේණික වූ බලාපොරොත්තු ඇත. නමුත් පහත දැක්වෙන්නේ ඔවුන් තරගාවලි ජයග්‍රහණය සඳහා කළ යුත්තේ කුමක් ද යන්නයි.

dcl16 PT

බ්ලු ස්ටාර්  ක්‍රීඩා සමාජය ලීගය ජය ගැනීමට නම්,

තරග 4කට පසු ලකුණු 8ක් ලබා ගනිමින් 3 වන ස්ථානයේ රැදී සිටින බ්ලු ස්ටාර්  ක්‍රීඩා සමාජය තරගාවලිය ජය ගැනීමට ඇත්තේ අඩු සම්භාවිතාවයකි.

පළමුව ඔවුන්ට සොලිඩ් SC පිල පරාජයට පත්කිරීමට සිදුවේ. නමුත් ඉන්පසුවද පැවැත්වෙන්නේ තීරණාත්මක තරග දෙකකි. මුල්ම තරගය මේ වන විට ශූරතාවට හිමිකම් කියන කොළඹ කණ්ඩායම සහ ඉන්පසු යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟ ය. මෙම තරග තුනම ජය ගැනීමට ඔවුන්ට හැකිවුවහොත් තරගාවලිය ජය ගැනීමට බොහෝ දුරට ඉඩ සැලසේ.

ලකුණු 17ක් රැස්කර ගැනීම ඔවුන්ගේ ඉලක්කය වුවද, අනෙකුත් තරග ඔවුන්ට අවැසි වන ආකාරයේ ප්‍රතිඵල ලබා ගැනීම තරගාවලිය ජය ගැනීමට සාධකයක් විය හැක.

රිනවුන් පිල තම තරග 2ම ජයගෙන තරගාවලියේ 7 වන සතියට පිවිසියහොත් ගෝල අතර වෙනස ද අත්‍යවශ්‍ය කරුණක් විය හැක. එම නිසා ශූරතාවේ සිහිනය සැබෑ කර ගැනීමට නම් සොලිඩ් SC පිලට එරෙහිව විශාල ජයක් අත්කරගැනීමට සිදුවේ.

ප්‍රධාන තරගය – කොළඹ FC කණ්ඩායම (තරගාවලියේ 6 වන සතිය)

බ්ලු ස්ටාර්  ක්‍රීඩා සමාජය ගෝල 1-0 ලෙස  තරග වලදී පරාජයට පත්කළහොත් එය අවසාන සතියේ ඔවුන්ගේ ලොකුම අභියෝගය වන යුධ හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවැත්වෙන තරගයට මුහුණදීමට අවශ්‍ය විශ්වාසය සහ තරගය ජය ගැනීමට අවශ්‍ය ගම්‍යතාව සමඟ ඉවහල් වනවා නොඅනුමානය.

රිනවුන් ක්‍රීඩා සමාජය ලීගය ජය ගැනීමට නම්,

ගෝල 6 ට වඩා වැඩි වෙනසක් සමඟ 2 වන ස්ථානයේ ලකුණු 9ක් ලබා ගනිමින් තරග වදින රිනවුන් ක්‍රීඩා සමාජය මනා දස්කම් දක්වන කණ්ඩායමක් විය.

ඔවුන්ගේ අභියෝගයවන්නේ පිට පිට තරග 2ක් ජයගනිමින් අවසාන තරග සතියට අවතීර්ණ වීමයි.

කොළඹ කණ්ඩායමට තම තරග මාවතේ දී ලකුණු ලබා ගැනීමට අසීරු වුවහොත් 8 වන තරග සතියේ දී ප්‍රතිඵලයක් නොමැති තරගයකින්  කුසලානය දිනා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමිකර ගත හැක.

සැලකිය යුතු කරුණක් වන්නේ රිනවුන් පිල මීට පෙර සිටි කිසිදු ශූරයෙක් සමඟ අවසාන තරග සතිය වනතෙක් ක්‍රීඩා නොකර තිබීමයි. ගුවන් සහ නාවික හමුදා කණ්ඩායම් අතර තරගය තුලින් අවසාන තරග සඳහා අවශ්‍ය මානසිකත්වය ගොඩනගා ගැනීමට ඔවුන්ට හැකිවනු ඇත. නමුත් තවමත් ඔවුන්ගේ ඉරණම ඔවුන්ව මනා ලෙස පාලනය කරයි.

ප්‍රධාන තරගය – කොළඹ පාපන්දු කණ්ඩායම (තරගාවලියේ 7 වන සතිය)

අවසාන වරට ක්‍රීඩා කල තරග දෙකෙහිදීම රිනවුන් පිල වැඩි දක්ෂතා දක්වා ඇත.

2015 ඩයලොග් ශූරයන්ගේ කුසලානයේ සුපිරි 8 දෙනාගේ වටයේදී කොළඹ කණ්ඩායමේ 23 වන තරගය ගෝල 1-2ක් ලෙස රිනවුන් පිල ජය ගත් අතර ඉන්පසු ජනාධිපති කුසලානයේ දී ගෝල 1-1 ලෙස අවසන් වූ අවසාන තරගයේ සම ශූරතාව දෙපිලම විසින් හිමිකර ගන්නා ලදි.

ගුණාත්මකභාවයෙන් සහ අත්දැකීම් තුලින් කණ්ඩායම් දෙකම සමාන වන බැවින් මෙම තරගය දෙපිලටම පහසු නොවනු ඇත. මෙම තරගය බොහෝ දුරට ශූරයින් තෝරා ගැනීමේ තරගය ද විය හැක.

කොළඹ පාපන්දු සමාජය ලීගය ජය ගැනීමට නම්,

ගෝල වෙනස 5 වඩා වැඩි වෙනසක් සමඟ ලකුණු 10ක් ලබා සටහනේ පෙරමුනේ පසුවන කොළඹ කණ්ඩායම මෙවරත් ශූරතාවය තමන් සතු කරගැනීමට විශාල ඉඩකඩක් ඇත. රිනවුන් පිල සහ බ්ලු ස්ටාර් කණ්ඩායම් අතර අසීරු තරග 2කට අවසාන සති දෙකේදී මුහුණ දීමට කොළඹ කණ්ඩායමට සිදුවේ. තරගාවලිය ජයග්‍රහණය සඳහා ලකුණු 7ක් ඔවුන්ට අවශ්‍යව ඇති අතර ඔවුන් අවසාන තරගය රිනවුන් පිලට එරෙහිව තරග වදුනහොත් 7න් 6ක් ලෙස ඩයලොග් ශූරයන්ගේ කුසලානය ජය ගැනීමට හැකි වනු ඇත. කෙසේ වෙතත් අනෙකුත් තරග ප්‍රතිඵල ඔවුන්ගේ ජය මාවත තීරණය කරනු ඇත.

ප්‍රධාන තරගය – බ්ලු ස්ටාර් කණ්ඩායම (තරගාවලියේ 6 වන සතිය)

රිනවුන් සමඟ තරගය අත්‍යවශ්‍ය දිනුමක් නොවීමට නාවික සහ බ්ලු ස්ටාර් තරග ජය ගැනීම අනිවාර්ය වේ.

බ්ලු ස්ටාර් තරගය තරමක් අසීරු විය හැකි අතර කොළඹ FC කණ්ඩායමට තරගාවලි ජය වාර්තා කිරීමට තමන්ගේ හොඳම දක්ෂතාවයන් පෙන්වීමට අනිවාර්යයෙන් සිදුවේ.

කළුතර පිලට පරාජය වීම තුලින් ඔවුන් ඉගෙන ගත යුතු පාඩම නම් ආක්‍රමණය කිරීමේදී තවත් ඉවසීමෙන් කාලය ලබා ගැනීමෙන් ක්‍රීඩා කල යුතු බවයි.

අඩුම අවස්ථාවක් ඇති බ්ලු ස්ටාර් පිල ශූරතාවය දිනා ගනිවිද? නැතිනම් කුසලානය ජයගනිමින් රිනවුන් ඉඩෝරය අවසන් කරාවිද? එසේත් නැතිනම් කොළඹ කණ්ඩායම තම ශූරතාවය මෙවරත් රැක ගැනීමට සමත් වේවිද? එක්වී සිටින්න ඩයලොග් ශූරයන්ගේ කුසලානය පිළිබඳ නවතම විස්තර සහ සවිස්තරාත්මක තොරතුරු සදහා ThePapare.com සමඟින්.

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට