වැස්සට සේදුනු තරගයේ ජය බ්ලූ ස්ටාර් සමාජයට

425
Blue Star SC v Colombo FC

පසුගිය ඉරිදා පැවති බ්ලූ ස්ටාර් සහ කොළඹ පාපන්දු සමාජය අතර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ දෙවන අර්ධය අද (22) දිනය දක්වා කල් දැමීමට සංවිධායකවරුන් තීරණය කල අතර ගෝල 01-00ක් ලෙස කොළඹ ක්‍රීඩකයෝ පරාජය කරමින් බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් විය.

ධාරානිපාත වර්ෂාවෙන් යුධ හමුදා ජයග්‍රහණය කල් යයි

කාන්තා පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ තරගයක දී යුධ හමුදා ක්‍රීඩා සමාජය වාර්තා කළ ගෝල 3කින් පොලිස් කණ්ඩායමට කණගාටුදායී ලෙස පසුබසින්නට සිදුවිය..

ඉකුත් ‍19 වැනිදා පැවති මෙම තරගයට කණ්ඩායම් දෙකම ජයග්‍රාහි මනසකින් යුතුව පිවිසියේ බ්ලූ ස්ටාර් විසින් සොලිඩ් ගෝල 02-00ක් ලෙසත්, කොළඹ සමාජය විසින් නාවික හමුදාව ගෝල 03-01ක් ලෙසත් පරාජය කරමිනි.

තරගය ආරම්භය වී සුළු මොහොතක් ගත වන විට ඉදුවෝ හමීඩ්ට කහ කාඩ්පතක් නිකුත් කලේ සර්වාන් ජොහාර් අභියෝගයට ලක් කිරීම නිසාවෙනි.

කෙසේ නමුත් තරගය ආරම්භ මිනිත්තු 13ක් ගත වන විට ලකුණු පුවරුව සක්‍රීය කරමින් ගෝලයක් වාර්තා කරන්නට බ්ලු ස්ටාර් ක්‍රීඩක මොහොමඩ් ෆර්සීන් සමත් විය. අෆොන්සා ජිබෝලා සාර්ථකව පාද මඟින් හසුරුවමින් රැගෙන ආ පන්දුව ඩැහැගත් ෆර්සීන් වැර යොදා එල්ල කල පහරත් සමඟින් දැල තුලට ගමන් කලේ ලකුණක් සමඟිනි.

ඒ ගෝලයත් සමඟ ලද පන්නරයෙන් ක්‍රියාත්මක වූ ඊ. බී. චන්න, ජිබෝලා සහ ෆර්සීන් විසින් තවත් ගෝලයක් වාර්තා කිරීමට ආසන්නයටම පිවිසියත්, ප්‍රතිවාදී දැල් රකින්නා එය සාර්ථකව වළක්වා ගැනීමට සමත් විය.

ප්‍රේක්ෂක සහයෝගයත් සමඟින් පන්නරය ලැබූ කොළඹ සමාජය ප්‍රවේගකාරී පන්දු හුවමාරුවක යෙදුණ ද ප්‍රථම අර්ධය නිමා වන තෙක් ගෝලයක් වාර්තා කරන්නට ඔවුන්ට නොහැකි විය.

ප්‍රථම අර්ධය: කොළඹ ක්‍රීඩා සමාජය 00 – 01 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

කෙසේ නමුත් ඇදහැළුනු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් තරගයේ දෙවැනි අර්ධය කල් දැමීමට තීරණය කල අතර අද පැවති දෙවන අර්ධයේ දී බ්ලූ ස්ටාර් සමාජය සම කරමින් ගෝලයක් ලබා ගැනීමට උත්සහ කල ද දියත් කල කිසිදු උත්සාහයක් සාර්ථක වූයේ නැත.

දෙවැනි අර්ධයේ දී දරුණු ආබාධ කිහිපයකටම ක්‍රීඩකයින් ගොදුරු විය. එහිදි ෆර්සීන් දණහිසේ ආබාධයකට ලක්වූ  අතර ජිබෝලාට ද මුහුණේ තුවාලයක් ඇති විය.

නගුර් මීරා හට තරගයේ ලකුණු මට්ටම සම කර ගැනීමට අවස්ථාවක් ලද නමුත් ඔහුගේම දුර්වලතා සහ ප්‍රතිවාදී ආරක්ෂාව හමුවේ එම අවස්ථාව ගිලිහී යන ලදි.

ආබාධ හේතුවෙන් අතිරේක මිනිත්තු 05ක් දක්වා තරගය ඇදී ගියත් කොළඹ කණ්ඩායමට නැවත තරගයට පිවිසීමට නොහැකි විය.

අවසන් ලකුණු තත්වය: බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය 01 – 00  කොළඹ ක්‍රීඩා සමාජය

ගෝල වාර්තා කල ක්‍රීඩකයින්

  • බ්ලූ ස්ටාර්: මොහොමඩ් ෆර්සීන් 13’

කහ කාඩ්පත්

  • බ්ලූ ස්ටාර්: ඉදුවෝ හමීඩ්
  • කොළඹ සමාජය: මොහොමඩ් රමීස්

  තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට