සන්රයිසස් නායකත්වය ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුට

62

එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් නායකයා ලෙස ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් නැවත පැමිණෙනු ඇතැයි සන්‍රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පවසා සිටියා. 

2018 වසරේ දී සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීම නිසා වසරක ජාත්‍යන්තර තරග තහනමක් වෝනර් හට පැනවූ අතර ඔහුගෙන් පුරප්පාඩු වූ නායකත්වය නවසීලන්ත ක්‍රීඩක කේන් විලියම්සන් හට පැවරිනි. කේන් විලියම්සන් තරගාවලි දෙකක දී සන්‍රයිසස් නායකත්වය දැරීය. 

භානුක, ඕෂධ කොදෙව් 20-20 හැලේ

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ ලබන මාර්තු මාසයේ දී පැවැත්වීමට නියමිත තරග…….

“නැවත වරක් කණ්ඩායමට නායකත්වය දැරීමට අවස්ථාව ලැබීම ගැන මම අතිශයින් කෘතඥ වෙනවා” යැයි වෝනර් පවසන වීඩියෝවක් ට්විටර් වෙබ් අඩවියේ සන්රයිසර්ස් හයිද්‍රාබාද් විසින් පළ කර තිබිණි. 

“මේ වසර. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී කණ්ඩායමට මගේ උපරිමය ලබා දෙනවා. මෙවර කුසලානය ජයග්‍රහණය කරන්න ලොකු උත්සාහයක් ගන්නවා” වෝනර් පවසා ඇත. 

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම් සගයා වන ස්ටීව් ස්මිත්, මෙවර ලීගයේ නායකත්ව භූමිකාවෙන් ඉවත් වූ අතර දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයක දී සිදු කළ පන්දුව පළුදු කිරීමේ සිදුවීම වංචාව සම්බන්ධයෙන් 2018 සංස්කරණයෙන් තහනම් විය.

විලියම්සන් 2018 වසරේ දී ද ඉන්දීය ප්‍රිමියර් ලීග් අවසන් මහා තරගයට සන්රයිසර්ස් කණ්ඩායම මෙහෙයවූ අතර එහි දී ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් හමුවේ පරාජයට පත්විය.  ඔහු එම වසරේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූයේ ලකුණු 735ක් ලබා ගනිමිනි.

ජනතාව පැතූ මැතිව්ස් ආයෙත් පිටියට?

ඒ 2009 වසරයි. ශ්‍රී ලංකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානයේ……

සන්රයිසර්ස් කණ්ඩායම පසුගිය වසරේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හමුවේ පරාජය වීමෙන් පසුවය.

2016 දී සන්රයිසර්ස් පිල ඔවුන්ගේ එකම ඉන්දීය ප්‍රිමියර් ලීග් ශූරතාවයට වෝනර්ගේ නායකත්වය යටතේ හිමිකම් කීමට සමත් විය. 2019 දී නැවත ලීග් තරගාවලියට පිවිසි වෝනර් එහි දී ඉනිම 12 කදී ශතකයක් හා අර්ධ ශතක 12ක් සමඟින් ලකුණු 692ක් ලබා ගැනීමට සමත් විය. එම වසරේ වැඩිම ලකුණු ලාභියා වූයේ ද ඔහුය. 

වසරක ජාත්‍යන්තර තරග තහනමකින් අනතුරුව පසුගිය වසරේ දී ලෝක කුසලාන තරගාවලියේ දී ඕස්ට්‍රේලියා කණ්ඩායම නියෝජනය කිරීමට වෝනර් හා ස්මිත් සමත් විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<