ඩේවිඩ් වෝනර්ගෙන් තවත් සුපිරි වැඩක්

527

ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර ඊයේ (12) දිනයේ ටොන්ටන් හිදී පැවති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී තමන්ට ලැබුනු “තරගයේ වීරයා” සම්මානය තරගය නැරඹීමට පැමිණ සිටි පුංචි ඕස්ට්‍රේලියානු ප්‍රේක්ෂිකාවකට පරිත්‍යාග කිරීමට ඩේවිඩ් වෝනර් කටයුතු කළ අයුරු ක්‍රිකට් ප්‍රේක්ෂකයින් අතර දැඩි ප්‍රසාදයට ලක්විය.

පාන්ඩ්‍යාගේ වටිනාකම කොච්චරක් ද?

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉන්දීය කණ්ඩායමට…..

ඊයේ (12) දිනයේ පැවති පාකිස්තාන – ඕස්ට්‍රේලියා තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තානු නායක සර්ෆරාස් අහමඩ් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලබාදුන් අතර එහිදී ඕස්ට්‍රේලියානුවන් පන්දුවාර 49ක දී සියලුදෙනා දැවී ලකුණු 307ක් වාර්තා කරන ලදි. වමතින් පිතිකරණයේ නිරත වන ඩේවිඩ් වෝනර් 4 පහර 11ක් හා එක් 6 පහරක් එල්ල කරමින් ලකුණු 107ක් රැස්කර ගත්තේ සිය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් දිවියේ 15වන ශතකය වාර්තා කරගෙනයි. එය 2017 වර්ෂයට පසු ඔහු ලබාගත් ප්‍රථම ශතකය ලෙසද වාර්තා පොත් අතරට එකතු විය.

එම තරගය ඕස්ට්‍රේලියාව ලකුණු 41කින් ජයගත් අතර එම තරගයේදී ශතකයක් රැස්කර ගත් ඩේවිඩ් වෝනර් හට “තරගයේ වීරයා” සම්මානය හිමි විය. එම සම්මානය දිනාගත් ඔහු සිය අත්සන ද ඒ සම්මානයේ සටහන් කළ අතර තරගය නැරඹීමට පැමිණ සිටි පුංචි දියණියක් වෙත ඒ සම්මානය ලබාදුනි. එය එම පුංචි දියණියට ඉතාමත් සතුටුදායක මොහොතක් වූ බව පෙනෙන්නට විය. වෝනර් විසින් ලෝකයාට ලබාදුන් මේ අපූරු පණිවුඩය මහත්මා ක්‍රීඩාවේ එක් හැරවුම් ලක්ෂ්‍යක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෝ පෙන්වා දෙති.

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com  සමඟම.

                                  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<