රිය පැදවීම බෙකම්ට තහනම්

187

පාපන්දු ඉතිහාසයේ සුපිරිතම තරුවක් සේ සැලකෙන එංගලන්ත ජාතික ඩේවිඩ් බෙකම් හට නීතිය ක්‍රියාත්මක වී තිබෙනවා. ඒ, රිය පදවන අතර ජංගම දුරකථනය භාවිතා කිරීම හේතුවෙන්.

ලන්ඩන් නගර මධ්‍යයේ ඔහුගේ බෙන්ට්ලි රථය පදවාගෙන යාමේ දීයි සිදුවීම සිදුවී තිබෙන්නේ. ඔහු විසින් වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා ඔහුට මාස 06ක රිය පැදවීමේ තහනමක් නියම වී තිබෙනවා. ඔහුට දඬුවම නියම වී තිබෙන්නේ බ්‍රොම්ලි මහේස්ත්‍රාත් අධිකරණයේ දීයි.

Video – කඩවසම් බවින් වැසී නොගිය දස්කම් – David Beckham

ඩේවිඩ් බෙකම් නම් දක්ෂ, කඩවසම් පාපන්දු ශූරයා ගැන …….

44 හැවිරිදි ඩේවිඩ් බෙකම් තමන් ක්‍රීඩා කරන සමයේ දී අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගෙන සිටියා. මැන්චෙස්ටර් යුනයිටඩ්, රියාල් මැඩ්රිඩ්, LA ගැලැක්සි ආදී ධනවත් පාපන්දු කණ්ඩායම් වල මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ඔහු ක්‍රීඩා කොට තිබෙනවා. ඔහු විසින් එල්ල කරන නිදහස් පහරවල් වල ඉලක්කය පාපන්දු ප්‍රේක්ෂකයන් මවිත කළේ වරක් දෙවරක් නොවෙයි. ඔහු අතිශය ධනවත් ක්‍රීඩකයෙකු ද වෙනවා.

කෙසේ වෙතත් මේ පුවත නම් පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ සතුටට හේතුවන්නක් නොවුනත්, නීතියේ ආධිපත්‍යය සියලු තරාතිරම් ඉක්මවා ඉහළින් තිබිය යුතු බවට මෙය හොඳ සාක්ෂියක්. වරද සුළු වරදක් වුවත් එය පිළිගැනීම ගැන ඩේවිඩ් බෙකම් හට අප ගෞරවය හිමිකර දිය යුත්තේ ජීවිත හානි සිදු කර පවා නීතියෙන් රිංගා යන පුද්ගලයින් සිටින රටක ක්‍රීඩා ප්‍රේක්ෂකයින් ලෙසයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<