බ්‍රැඩ්බි වසන්තය සඳහා දින නියමවේ

142

පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව 2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය දින නියමයකින් තොරව කල් ගිය අතර කොළඹ රාජකීය විදුහල හා මහනුවර ත්‍රිත්ව විදුහල අතර පැවැත්වෙන මහා රග්බි සංග්‍රාමයක් වන බ්‍රැඩ්බි පලිහ ශූරතාව ද දින නියමයකින් තොරව කල් දැමීමට බලධාරීන් තීරණය කරන ලදි.

දෙවන වටයේ තරග කාල සටහන නිකුත් වෙයි

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අවාසනාවන්ත ………

නමුත් ඊයේ (15) සියලු අමාත්‍යංශවල අවසරය මත පාසල් රග්බි ලීගය නැවත ආරම්භ කිරීමට බලධාරීන් තීරණය කිරීමත් සමඟ ජුනි 1 සහ ජුනි 15 දිනවල දී බ්‍රැඩ්බි පලිහේ ප්‍රථම අදියර සහ දෙවැනි අදියර පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත.

1945 වසරේ දී ආරම්භ කළ බ්‍රැඩ්බි පලිහ ශූරතාවලිය මෙවර පැවැත්වෙන්නේ 75 වැනි වරටයි. මැයි මස 11 වැනිදා හා 25 වැනිදා මෙවර බ්‍රැඩ්බි පලිහ පැවැත්වීමට තීරණය කර තිබුනත්,  දිවයිනේ ඇතිවූ තත්ත්වය හේතුවෙන් තරග කල් දැමීමට සංවිධායකයින්ට සිදු විය.

පාසල් රග්බි පිටියේ නිවාඩුව අවසන්

පසුගිය අප්‍රේල් මස 21 වැනිදා, පාස්කු ඉරිදා සිදු වූ ……

ප්‍රේක්ෂකයින් 5000කට අධික ප්‍රමාණයක් වාර්ෂිකව බ්‍රැඩ්බි පලිහ ශූරතාවය දැක බලා ගැනීම සඳහා පැමිණෙන අතර එම නිසාවෙන් මෙවර තරගාවලිය සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවනු ඇත.

මෙවර පාසල් ලීග් තරගාවලියේ සියලු තරග මහනුවර බෝගම්බර ක්‍රීඩා පිටියේ හා කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේ දී පැවැත්වීමට නියමිත නමුත් බ්‍රැඩ්බි පලිහේ ත්‍රිත්ව විදුහල සත්කාරකත්වය දරන ප්‍රථම අදියර ජුනි 1 මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ද, රාජකීය විදුහල සත්කාරකත්වය දරන දෙවැනි අදියර ජුනි 15 රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී ද පැවැත්වීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<