දසුන් ශානකට දඩ; තරග තහනමකට අවදානමක්

1211

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ නාග්පූර් හිදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේ දී පන්දුවේ තත්වය වෙනස් කිරීමේ වරදට ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක දසුන් ශානක හට ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2 වන මට්ටම කඩ කිරීම වෙනුවෙන් තරග මුදලින් 75%ක දඩ මුදලක් පැනවීමට ICCය තීරණය කර ඇත.

ඊයේ (25) දිනය අවසානයේ දී සිදු කළ වරද සහ ඩේවිඩ් බූන් විසින් ඒ සඳහා නිර්දේශ කරන ලද දඬුවම දසුන් ශානක විසින් පිළිගෙන ඇත.

ඉන්දීය පිතිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට වෙහෙසකර පුහුණු සැසියක්

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටිය පුරා දුවවමින් ඔවුන්ට වෙහෙස කර පුහුණු සැසියක් සංවිධානය කළා වූ ඉන්දීය පිතිකරුවෝ නාග්පූර් පිටිය වර්ණවත් කරමින් දෙරට අතර පැවැත්වෙන….

ඒ අනුව දසුන් විසින් ICC ආචාර ධර්ම සංග්‍රහයේ 2.2.9 වගන්තිය උල්ලංඝනය කර ඇති අතර ඔහුට පනවන ලද මෙම දඩ මුදලට අමතරව ඔහුගේ විනය වාර්තාවට අවගුණ ලකුණු 3ක් ද එක් කිරීමට තීරණය වී ඇත. ඒ අනුව ආචාර ධර්ම සංග්‍රහයේ 7.6 වගන්තියට අනුව ඔහුගේ විනය වාර්තාවේ මුළු ලකුණු ප්‍රමාණය ඉදිරි මාස 24ක කාලය තුළ 4 හෝ ඊට වැඩි සංඛ්‍යාවක් දක්වා ඉහළ ගියහොත් ඒවා තරග තහනම් ලකුණු බවට පරිවර්තනය වී ඔහුට තරග තහනමක් පැනවෙනු ඇත.

අද දිනයේ තරගය අවසානයේ දසුන්ට එරෙහිව මෙම වරදට අදාළව චෝදනා ගොනු කිරීමට පිටියේ විනිසුරුවන් වශයෙන් කටයුතු කළ ජොයෙල් විල්සන්, රිචඩ් කෙට්ල්බරෝ, තුන්වන විනිසුරු නයිජල් ලෝන්ග් සහ සිව්වන විනිසුරු චෙට්ටිතෝඩි ශම්ෂුද්දීන් කටයුතු කර ඇති අතර ඒ අනුව ක්‍රියා කරමින් ඔහුට මෙම දඬුවම පනවා ඇත.

මීට අදාළ සිදුවීම ඉන්දියානු පළමු ඉනිමේ 50 වන පන්දුවාරය අතරතුර සිදු වී ඇති අතර ඔහු එය සිදු කරන ආකාරය කිහිප වරක්ම රූපවාහිනියේ ද දිස්වී ඇත. ඒ අනුව දිනය අවසානයේ සිය වරද පිළිගනිමින් ICC තරග තීරකවරුන්ගේ ‘Emirates Elite’ කමිටුවේ ඩේවිඩ් බූන් විසින් නිර්දේශ කරන ලද දඬුවම දසුන් විසින් පිළිගත් අතර ඒ අනුව මෙම සිදුවීමට අදාළව විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට අවශ්‍ය නොවීය.

ඔහුගේ තීරණය ගැන අදහස් දක්වමින් බූන් මහතා ප්‍රකාශ කළ සිටියේ;

“තාම මේ යන්නේ දසුන්ගේ ක්‍රිකට් දිවියේ මුල් කාලය. ඒ නිසා මම විශ්වාස කරනවා මේ දඬුවම නිසා ඔහු ඉදිරියේ දී පන්දුවේ තත්වය පවත්වා ගෙන යාම පිළිබඳව හොඳින් සැලකිලිමත් වෙයි කියලා.”

19න් පහළ ක්‍රිකට් නායකත්වය ඉසිපතනයට

ඉන්දියාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ අභියෝගතා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායමේ නායකත්වය…

ආචාර ධර්ම සංග්‍රහයේ 2 වන මට්ටමේ වරදක් සිදු කළ විට අවම වශයෙන් තරග මුදලෙන් 50-100% අතර දඩ මුදලක් සහ හෝ තරග තහනම් ලකුණු දෙකක් පිරිනැමිය යුතු අතර ඒ අනුව යමින් දසුන්ගේ දඬුවම තීරණය කර ඇත.

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<