විස්සයි විස්සට අලුතින් දෙන්නෙක්

3232
Dasun Shanaka and Isuru Udana

සැප්තැම්බර් මස 6 වැනි දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ඉන්දියාවට එදිරිව පැවැත්වීමට නියමිත එකම විස්සයි විස්ස තරගයේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට, ඉසුරු උදාන සහ දසුන් ශානක සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

සියලු ගෞරව ඉන්දියාවට ලබා දෙමින් එක්දින තරගාවලිය නිමාවෙයි

ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට දී තරග 5කින් සමන්විත එක්දින තරගාවලියක් සම්පූර්ණයෙන්ම ජය ගැනීමට අද (03)….

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක මේ වන විට විස්සයි විස්ස තරග 12කට සහභාගී වී ඇති අතර ඔහු සහභාගී වූ අවසන් තරගයේ දී පන්දුවාර 4ක දී ලකුණු 27ක් තුල කඩුලු දෙකක් දවා ගැනීමට සමත් විය. ඒ් පසුගිය පෙබරවාරි මාසයේ දී පැවති ඕස්ට්‍රේලියානු සංචාරයේ තෙවැනි විස්සයි විස්ස තරගයේ දී ය.  

2009 වර්ෂයේ දී විස්සයි විස්ස ක්‍රීඩා පිටිය පිවිසි වමතින් පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන සිය විස්සයි විස්ස ක්‍රිකට් දිවියේ දී තරග 9කට සහභාගී වී ඇති අතර එහි දී ඔහු කඩුලු 8ක් දවා ගෙන අත්තේ ලකුණු 13කට කඩුලු 3ක් දවා ගැනීම සිය හොඳම දක්ෂතාවය ලෙස දක්වමිනි. ඔහුටම ආවේණික අයුරකින් වමතින් පන්දු යවන ඉසුරු අවසන් වරට ක්‍රීඩා කර ඇත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එදිරිව කේප් ටවුන් හි දී ය. ඒ් 2017 වසරේ දීයි.

ඉන්දියානු සංචාරය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සතුටුදායක තරගාවලියක් නොවන්නේ ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසත් සහ ඊයෙන් (03) අවසන් වූ එක්දින තරගාවලිය 5-0ක් ලෙසත් ඉන්දියාව හමුවේ පරාජයට පත් වීම නිසාවෙනි. කෙසේ වෙතත් සියලු බාධක පසෙක දමා මෙම විස්සයි විස්ස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාව මාන බලන්නේ, නැති වුන ක්‍රිකට් අභිමානය ද නැවත ලබා ගැනීමේ අටියෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න –ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<