ඩැරන් බ්‍රාවෝ නැවතත් බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට

327

බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරනු ලැබූ බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට ඩැරන් බ්‍රාවෝ ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත.

තවත් ක්‍රිකට් විරුවෙකුගෙන් ආන්දෝලනාත්මක තීරණයක්

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් ආරම්භක …

පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවට එරෙහිව පැවති පන්දුවාර 20 තරගාවලියේ දී ඔහු ඒ සඳහා සහභාගී වූ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කරනු ලැබුවත් ඔහුට එරට එක්දින කණ්ඩායම නියෝජනය කිරීමට මේ ආකාරයට වරම් හිමිව තිබෙන්නේ 2016 වසරේ ඔක්තෝබර් මාසයෙන් පසුවයි.

එරට පන්දුවාර 20 කණ්ඩායමේ නායක කාලෝස් බ්‍රැත්වේට් සහ තුන් ඉරියව් ක්‍රීඩක රොස්ටන් චේස් ද මෙම සංචිතය සඳහා ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ නිත්‍ය නායක ජේසන් හෝල්ඩර් තවමත් ආබාධිත තත්වයෙන් පසුවන නිසා එළඹෙන මෙම තරගාවලිය සඳහා කණ්ඩායමේ නායකත්වය තාවකාලිකව රෝව්මන් පවෙල් වෙත ලබා දී ඇත.

“බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට නායකත්වය ලබා දෙන එක මට පොඩි කාලේ ඉඳලා තිබුණ හීනයක්. අද ඒක සැබෑ කරගන්න ලැබුණ එක මට ලොකු සතුටක්. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒ නිසා මං ඒ පිළිබඳව ගොඩක් සතුටට වගේම ආඩම්බරයට පත්වෙනවා.”

පවෙල් ඔහුට කණ්ඩායමේ නායකත්වය හිමි වීම පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.  

එමෙන්ම කණ්ඩායමේ නායකයා ලෙස ඔහුට මෙහි දී විශාල අභියෝගයක් හිමිව ඇතත් ඔහු කණ්ඩායමට නායකත්වය ලබා දෙන පළමු තරගාවලියේ දී කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමේ අභිප්‍රාය සහ උද්‍යෝගය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ;

“තරග 3කින් සමන්විත මෙම තරගාවලිය අපිට ලොකු අභියෝගයක්. නමුත් මට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා මෙම තරගාවලියේ දී අපිට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. ඕනෑම කණ්ඩායමක් තම රටේ දී ඉතා ප්‍රබල ලෙස ක්‍රීඩා කරනවා. ඒ විදිහට බංග්ලාදේශ කණ්ඩායමත් ඔවුන්ගේ රටේ දී ඉතාමත් ප්‍රබල කණ්ඩායමක්. කොහොම වුණත් නිසි පරිදි ක්‍රීඩකයින් හසුරුවා ගනිමින් නිසි සැලැස්මකට අනුව ක්‍රීඩා කළොත් මම විශ්වාස කරනවා අපිට බංග්ලාදේශ කණ්ඩායම අභිබවලා ජයග්‍රහණ වාර්තා කරගන්න පුළුවන් වෙයි කියලා.”

මෙතුශාන් හා අයන්තගේ වික්‍රමය ඩී. එස්. සේනානායකට ජයක් ගෙනේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව …

මේ වන විට එක්දින ශතක 3කට හිමිකම් කියන අත්දැකීම් බහුල ක්‍රීඩකයෙක් වන ඩැරන් බ්‍රාවෝ නැවතත් එක්දින කණ්ඩායමට ඇතුළත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති කර්ට්නි බ්‍රවුන් මහතා ප්‍රකාශ කර සිටියේ එය කණ්ඩායමේ දක්‍ෂතා ඉහළ නංවනු ඇති බවයි.  එමෙන්ම මේ වන විට ඔවුන් 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී කරවන ඔවුන්ගේ කණ්ඩායම පිළිබඳව අවසන් තීරණය ගනිමින් සිටියි.

“කණ්ඩායමේ නායක ජේසන් හෝල්ඩර් නැති වුනත් අපිට බංග්ලාදේශ කණ්ඩායමට හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඩැරන් බ්‍රාවෝ නැවතත් කණ්ඩායමට එක්වීම ඊට ගොඩක් උදව් වෙයි. ඔහුගේ අත්දැකීම් කණ්ඩායමේ පිතිකරණ අංශයට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම ඔහුගේ ඇතුළත් කිරීම හරහා කණ්ඩායමේ ස්ථානයක් සඳහා තියෙන තරගය ඉහළ යනවා. ඒ නිසා තේරීම් කමිටුව මේක අවස්ථාවක් කරගන්නවා ඉදිරි බංග්ලාදේශ තරගාවලිය සඳහා කණ්ඩායමට සුබ පතන්න.”

කර්ට්නි බ්‍රවුන් මහතා අදහස් දක්වමින් පැවසීය.

දෙරට අතර පළමු එක්දින තරගය මෙම මස 09 වන දින මිර්පූර් හිදී පැවැත්වීමට නියමිත ය.

තරගාවලිය සඳහා එක්වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය: රෝව්මන් පවෙල් (නායක), මාලන් සැමුවෙල්ස්, දේවේන්ද්‍ර බිශූ, රොස්ටන් චේස්, චන්ද්‍රපෝල් හෙම්රාජ්, ශිම්රන් හීත්මේයර්, ඩැරන් බ්‍රාවෝ, ශේයි හෝප්, කාලෝස් බ්‍රැත්වේට්, කීමෝ පෝල්, කිරන් පවෙල්, ෆේබියන් ඇලන්, කෙමාර් රෝච්, සුනිල් ඇම්බ්‍රිස්, ඔශේන් තෝමස්   

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<