ධනුෂ්ක රන්ජන්ට හදිසි ආබාධයක්

787
Ranjan

ආසියානු ක්‍රීඩා උළෙලේ රග්බි තරග සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෙකු වන ධනුෂ්ක රන්ජන් ආබාධයකට ලක්ව ඇති බවට වාර්තා වේ.

ආසියානු පදක්කම ගෙන එන්නට සවිය වෙන්න ‘සූරි’ත් සූදානමින්

නවක ක්‍රීඩකයන් හා උරෙනුර ගැටෙමින් පරිණත ක්‍රීඩකයින් අතලොස්සක් ද තම රට වෙනුවෙන්…

රන්ජන්ගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශය ආශ්‍රිතව මෙම ආබාධය ඇතිවී ඇති බවට වාර්තා වන අතර එය ඉක්මනින් සුව අතට පත්වන බව කණ්ඩායම් කළමනාකරු රොහාන් චින්තක මහතා පැවසීය. ThePapare.com. ශ්‍රී ලංකා රග්බි ආයතනයෙන් කළ විමසීමක දී රොහාන් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ,

“අපිට තාම හරියටම කියන්න බෑ රන්ජන්ගේ ආබාධය ගැන, ඒත් අපි එයාව ප්‍රථම තරගයට එනම් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ තරගයට සහභාගී කරවලා අවදානමක් ගන්නේ නෑ, එයා ඉක්මනින් සුව අතට හැරෙනවා, බොහෝ විට රන්ජන්ව කොරියානු තරගයට යොදවන්න පුළුවන් වේවි.”

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධාන තුරුම්පුවක් ලෙස සැලකෙන රන්ජන් පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ද බොහෝ දෙනාගේ අවදානමට ලක්වූ ප්‍රබල ක්‍රීඩකයෙකි. එම තරගාවලියේ දී ෆීජී දේශයට එරෙහිව හා වේල්සයට එරෙහිව එක් උත්සාහක දිනුම බැගින් ද, උගන්ඩා දේශයට එරෙහිව උත්සාහක දිනුම් දෙකක් ද වාර්තා කිරීමට ඔහු සමත් විය.

කණ්ඩායම් නායක සුදර්ශන මුතුතන්ත්‍රි ද ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ,

අපිට සියලුම බර එක ක්‍රීඩකයෙකුගේ කර මත පටවන්න බෑ, රන්ජන් ක්‍රීඩා නොකරන එක ඇත්තටම ලොකු පාඩුවක්, අපි බලාපොරොත්තු වෙනවා රන්ජන් කොරියා තරගය වෙනුවෙන් හෝ දෙවන දිනයේ දී සුව අතට පත්වේවි කියලා, යනුවෙනි.

නාවික හමුදා ක්‍රීඩා සමාජයේ බුද්ධිම පියරතන ප්‍රථම තරගයේ දී රන්ජන් වෙනුවට බොහෝ දුරට ක්‍රීඩා කිරීමට නියමිතයි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<