දකුණු අප්‍රිකානු සුපිරි වේගපන්දු යවන්නා ලෝක කුසලානයට සමුදෙයි

271

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අත්දැකීම් බහුලම වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටෙයින් හට ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබේ. ඒ ඔහුගේ උරහිසෙහි ඇතිවී තිබූ ආබාධය සුව නොවීම හේතුවෙනි.

ශ්‍රී ලංකාවේ මැද පෙළ අදත් අනාථයි

ලෝක කුසලාන ක්‍රිකට්තරගාවලියේ දෙවැනි තරගයට සහභාගී වෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මේ වන විට කාඩිෆ් ක්‍රීඩාංගණයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන්…..

දකුණු අප්‍රිකාව වෙනුවෙන් එක්දින ක්‍රිකට් පිටියේ පස්වන වැඩිම කඩුලු ලාභියා වන ඩේල් ස්ටෙයින් නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර මෙම උරහිසෙහි ආබාධයට ලක්විය.

එම ආබාධය හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාව සහභාගී වූ පළමු තරග ද්විත්වයම ඩේල් ස්ටෙයින් ට අහිමි විය. ඩේල් ස්ටෙයින් 2016 වසරේදී පළමු වරට මෙම උරහිසෙහි ආබාධයට භාජනය වූ අතර අනතුරුව අවස්ථා කිහිපයකදීම ඔහු ශල්‍යකර්ම වලටද ලක් කෙරිනි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඩේල් ස්ටෙයින්ගේ මෙම ආබාධය ඔහුගේ ඉදිරි ක්‍රිකට් දිවියට මහත් තර්ජනයක් බවය.

සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ඩේල් ස්ටෙයින්ගේ සහභාගීත්වය නොමැති වීම මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට විශාල පාඩුවක් බව ක්‍රිකට් විචාරකයන් පවසා තිබේ.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී සහභාගී වූ පළමු තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත්වූ දකුණු අප්‍රිකාව දෙවන තරගයේදී පාකිස්තාන කණ්ඩායම හමුවේ පරාජයට පත්විය.

ආබාධය හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වන ඩේල් ස්ටෙයින්ගේ ස්ථානය සඳහා වේගපන්දු යවන ක්‍රීඩක බීරන් හෙන්ඩ්රික්ස් කණ්ඩායමට කැඳවීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දකුණු අප්‍රිකා ප්‍රබලයෙක්ට පළමු තරගය අහිමි වන ලකුණු

2019 ICC එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මංගල තරගය ලබන බ්‍රහස්පතින්දා සත්කාරක එංගලන්තය හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ආරම්භ වන…….

බීරන් හෙන්ඩ්රික්ස් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනාගත්තේ මෙම (2019) වසරේ ජනවාරි මස පාකිස්තානයට එරෙහිවය.

මේ වනවිට එක්දින තරග 02කට පමණක් ක්‍රීඩා කර ඇති හෙන්ඩ්රික්ස් එහිදී එක් කඩුල්ලක් දවා ගැනීමට සමත්ව තිබේ.

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වන තෙවන තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව හෙට (05) දිනයේ සවුතැම්ප්ටන්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.

ICC ඇසුරිණි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ඩිජිටල් වීඩියෝ පට වෙබ් අඩවියක් ලෙස ThePapare.com, තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟින්.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<