වාර්තාවක් අභියස සිටින දකුණු අප්‍රිකානු අකුණු සැරය

670

මෑත කාලයේ දී දකුණු අප්‍රිකාව විසින් බිහි කල විශිෂ්ටතම වේගපන්දු යවන්නා කවුරුන් දැයි යම් අයෙකු ඔබගෙන් ඇසුවෙත් නිසැකවම ඔබගේ මුවඟට පැමිණෙන පිළිතුර වනුයේ ඩේල් ස්ටේන් ය.

දකුණු අප්‍රිකානු ටෙස්ට් සංචිතයේ හදිසි වෙනසක්

දකුණු අප්‍රිකානු වේගපන්දු බලඇණියේ ප්‍රබලතම සාමාජිකයෙකු වන වර්නන් ෆිලැන්ඩර්ගේ දකුණු මහපට ඇඟිල්ලේ සිදු වූ අස්ථි භග්නයක් නිසාවෙන් එළඹෙන බදාදා පාකිස්තානයට එරෙහිව…

තම ක්‍රිකට් දිවියේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයක් පසුකිරීමට සැරසෙන ඩේල් ස්ටේන් හෙට (26) දිනයේ දී පාකිස්තානය සමඟ සෙන්චූරියන් පාක් හීදී ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගයේ දී නිසැකවම දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා වීමේ අභිමානවත් මෙහොත උදා කර ගනු ඇතැයි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුව වී ඇත.

ස්ටේන් තම මව්බිම වෙනුවෙන් ටෙස්ට් කඩුලු 421ක් බිඳ හෙළා ඇති අතර හිටපු දකුණු අප්‍රිකානු නායක ශෝන් පොලොක් දැනට එම වාර්තාවට හිමිකම් කියන්නේ ස්ටේන් හා සම කඩුලු සංඛ්‍යාවක් දවා ගනිමිනි.

Twitter.com

උරහිසේ ඇති වූ ආබාධයක් නිසාවෙන් වසරක පමණ කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඇත්ව සිටීමට ඔහුට සිදු වූ අතර පසුගිය වසර තුන පුරාවටම ඔහුට ක්‍රීඩා කිරීමට හැකි වූයේ ටෙස්ට් තරග හයක් පමණි. එසේ නොවන්නට මෙම වාර්තාව මීට බොහෝ කලකට ඉහත දී බිඳ දමන්නට ඔහුට ඉඩප්‍රස්තාව තිබුණි.

ආබාධයන්ට ලක්වීම නිසා පාකිස්තානය සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා වර්නන් ෆිලැන්ඩර් සහ ලුන්ගි නිගිඩි හට සිය දායකත්වය ලබා දීමේ අවස්ථාව අහිමි වී ඇති අතර එම නිසා කගිසෝ රබාඩා සමඟ එක්වෙමින් වේගපන්දු බලඇණිය සවිමත් කිරීමේ වැඩි කාර්‍යභරයක් කණ්ඩායමේ සිටින  ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයා වශයෙන් ස්ටේන් හට පැවරෙනු ඇත.

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා තම උපරිමය කණ්ඩායමේ ජයග්‍රහණය උදෙසා ලබා දීමට ඔහු බලාපොරොත්තු වන අතර ආබාධ තත්වයන් කළමනාකරණය කරගනිමින් සුපුරුදු රිද්මය රඳවා ගැනීම ඔහු ඉදිරියේ ඇති ලොකුම අභියෝගයයි.

පුවත් මවන ශකීබ්ට සුබ ආරංචියක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති තරග තුනකින් සමන්විත වූ විස්සයි විස්ස තරගාවලිය පසුගිය සති අන්තයේ දී නිමා වීමත් සමඟම දෙපිලේම ක්‍රීඩකයින්…

දිගු කාලයක් හිසරදයක්ව තිබූ උරහිසේ ආබාධය සුව අතර හැරීමෙන් අනතුරුව  මෙම වසරේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවති ජිලට් කුසලාන පන්දුවාර 50 තරගාවලිය තමාගේ යලි ආගමනය සඳහා වේදිකාව බවට පත් කර ගත් ස්ටේන් තරග තුනකින් සමන්විත වූ තරගාවලිය පුරා ඕස්ට්‍රේලියානු පිතිකරුවන්  7ක් දවා ගනිමින් තවමත් ඔහුගේ කඩුලු පිපාසව සන්සිඳී නොමැති බව ලෝකයාට හැඟෙව්වේ සියලුම පිතිකරුවන් හට රතු එළියක් ද දල්වමිනි.

දකුණු අප්‍රිකානු ක්‍රීඩා මාධ්‍ය නාලිකාවක් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවක් අතරතුර දී සිය අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොතරම් නවීන අංග සහ ආකෘතීන් ක්‍රිකට් ක්‍රීඩාවට එකතු වූවත් ටෙස්ට් තරගයක දස්කම් අතරට පැමිණීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය සහ සතුට අනෙක් කිසිදු ආකාරයකින් ලබාගත නොහැකි බවයි.

“හැකිතාක් කල් ටෙස්ට් ක්‍රීඩා කරලා මගේ උපරිමය කණ්ඩායමට ලබා දෙන්න පුළුවන් වුනොත් ඒක ඉතාමත් වටිනවා. ලොව පුරා T20 ලීගවලට බොහෝ දෙනා ආකර්ෂණය වෙන්නේ ඒකත් එක්ක බැඳිලා තියෙන විශාල මුදල් සම්භාරය නිසා නමුත්, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන ඕනෑම කෙනෙකු දන්නවා සැබෑ ක්‍රිකට් කියන්නේ ටෙස්ට් තරගවලට කියලා. මම හැමදාමත් ආදරය කරන්නේ රතු පන්දුවට.” යැයි වැඩිදුරටත් සාකච්ඡාවට එක්වෙමින් ස්ටේන් පවසා සිටියේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<