සුපිරි වේගපන්දු තරුව ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙයි

389

දකුණු අප්‍රිකාවෙන් ලෝක ක්‍රිකට් පිටියට දායක වූ ලොව සුපිරි වේගපන්දු යවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන ඩේල් ස්ටේන් අද සිට (5) ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ. 

Video – අලුත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ගැන හරීන්ගෙන් ඉඟියක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි කීපයක් හා ක්‍රීඩා අමාත්‍යාංශය මගින් ක්‍රීඩාවේ යටිතල පහසුකම් දියුණු කිරීමට ගෙන ඇති…

වයස අවුරුදු 36ක් වන දකුණතින් වේගපන්දු යවන ස්ටේන් එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා තිබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සීමිත පන්දුවාර තරග රටාවන් තුල ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඔහු තවදුරටත් සූදානමින් සිටින බවයි.

2004 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා එංගලන්තයට එරෙහිව පෝර්ට් එලිසබත් හිදී පැවති ටෙස්ට් ක්‍රිකට් තරගයක දී දකුණු අප්‍රිකාවේ 297 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණි ස්ටේන්, එදා සිට මේ දක්වා ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 93කට සහභාගී වෙමින් ටෙස්ට් කඩුලු 439ක් දවා ගැනීමට සමත්ව ඇත. 

ටෙස්ට් කඩුලු දවා ගැනීමේ සාමාන්‍යය 22.95ක් වැනි ඉතාමත් විශිෂ්ට මට්ටමක පවත්වා ගෙන තිබෙන ඔහු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදෙන විට ලොව වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවා ගත් පන්දු යවන්නන් අතරේ 8 වන ස්ථානයේ පසුවන්නේ එහි ඉදිරියෙන්ම සිටින දකුණු අප්‍රිකානු ජාතික ක්‍රීඩකයා ද වෙමිනි.

මහින්දයේ සිතිර තුන් ඉරියව්වෙන් වැඩ පෙන්වයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 17න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ අද…

මේ වසරේ පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාව සමඟ පැවැත්වුණු  ටෙස්ට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් තරගය පොර්ට් එලිසබත් හිදී පැවැත්වුණු අතර එය ස්ටේන් අවසන් වතාවට ක්‍රීඩා කළ ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයයි. නමුත් ශ්‍රී ලංකාව එම තරගය කඩුලු 8කින් ජයගෙන 2-0ක් ලෙස තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට සමත් විය.

කෙසේ නමුත් මෑත කාලීනව ශාරීරික ලෙස ඇතිවූ ආබාධයන් කිහිපයක්  නිසාවෙන් සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට ස්ටේන් හට නොහැකි වීම කනගාටුවට කරුණකි. ඩේල් ස්ටේන් ඔබට සුබ ගමන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<