ඕල් බ්ලැක්ස් පරාජය හා රිචී මැකෝගේ ශාපය

149

2011, 2015 ලෝක කුසලාන ශූරයන් වෙමින් 2015 සිට පවත්වාගෙන ආ නවසීලන්ත ඕල් බ්ලැක්ස් අපරාජිත වාර්තාව අවසන් කිරීමට එංගලන්තය පසුගිය දා සමත් විය. ඒ මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගයේ දී ය. 

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් ඉතාමත්……..

නවසීලන්තයේ මෙම පරාජය එරට මෙන්ම ලොව පුරා විසිරී සිටින ඕල් බ්ලැක්ස් ක්‍රීඩාලෝලීන් දැඩි කම්පනයකට ලක් කිරීමට සමත් වූ බව නොරහසකි. ඔවුන්ගේ මෙම පරාජය සඳහා හේතු සෙවීමට සියලු දෙනා උත්සුක වූයේ ඒ අනුවය. පුහුණුවීමේ අඩුපාඩු වල සිට රිචී මැකෝගේ ශාපය දක්වා එම කතාබහ දුරදිග ගොස් තිබුණි. 

නවසීලන්තය ප්‍රබල එංගලන්තය හමුවේ පරාජය වූයේ ලකුණු 19-07ක් ලෙසිනි. එම පරාජයත් සමඟින් නවසීලන්තයේ පිට පිට තුන් වතාවක් ලෝක කුසලානය දිනා ගැනීමේ සිහිනය ද බිඳ වැටුණි. මෙම පරාජය ජාතික මට්ටමේ මාතෘකාවක් බවට පත්ව ඇත. 

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

නවසීලන්තයේ ටෝක්බැක් රේඩියෝ ආයතනය පැවැත්වූ වැඩසටහනක් අමතමින් එරට ක්‍රීඩාලෝලීන් බොහෝ දෙනා පවසා සිටියේ තරගාවලියේ ප්‍රබලතම කණ්ඩායම ලෙස තරගාවලියට පිවිසි නවසීලන්ත කණ්ඩායම මෙලෙස පරාජය වීම අදහාගත නොහැකි බවයි. 

“මේක කණගාටුදායකයි. අපි ඔවුන් අපිව අභිබවා ගියා. රග්බි කියන්නේ අපේ ආගමක් වගේ දෙයක්. ඒ නිසා තමයි මේක මෙතරම් වේදනා සහගත. “ නවසීලන්තයේ හිටපු ක්‍රීඩක ට්‍රෙවර් බ්‍රැඩ්ලි පවසා සිටියා. 

නවසීලන්ත දේශපාලනඥයින් ද මෙම පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි අතර එරට විපක්ෂ නායක සයිමන් බ්‍රිජස් තම ට්වීටර් ගිණුමේ “bugger” ලෙස සඳහන් කරමින් තම කනගාටුව පලකර තිබුණි. එම යෙදුම වික්ෂිප්ත බව, කළකිරීම දැක්වීම සඳහා නවසීලන්තයේ බහුලව භාවිතා වන යෙදුමකි. 

Jones ඇවිලූ ගින්නට හිටපු නවසීලන්ත පුහුණුකරු පිදුරු දමයි

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩර්න් මෙම තරගය සම්බන්ධයෙන් යම් අස්වසන සුළු ප්‍රකාශයක් සිදු කර තිබුණි. 

“ඒක අපේ රාත්‍රිය නොවන්නට ඇති. ඒත් මේ අපේ කණ්ඩායම. මම ඔවුන් ගැන ආඩම්බර වෙනවා. “

නවසීලන්ත පුහුණුකරු ස්ටීව් හැන්සන්ගේ අදහස් නවසීලන්ත හැරල්ඩ් පුවත්පත වාර්තා කර තිබුණි. 

“අමතක කළ යුතු රාත්‍රියක් ඒක. ඉක්මනින් අමතක කළ යුතු එකක්.” ඔහු පවසා තිබිණි. 

කෙසේ වෙතත් මෙම තරගයේ දී ස්කොට් බැරට් ෆ්ලෑන්කර් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කිරීම සුවිශේෂී කරුණක් වූ අතර මීට පෙර ඔහු ලොක් ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළේය. එම තීරණය පිළිබඳව අදහස් දක්වමින් නවසීලන්ත පුහුණුකරු පවසා සිටියේ එය ඔහු බලාපොරොත්තු වූ ලෙස සිදු නොවූ බවයි. 

ලෝක ශූරයින්ට මෙල්ල නොවුණු හිරු නොබසින අධිරාජ්‍යයේ විස්කම්!

2019 රග්බි ලෝක කුසලාන තරගාවලියේ ඔබ අප කවුරුත් ඉතාමත් ……

Stuff.co.nz වෙබ් අඩවිය පවසන පරිදි නවසීලන්තය ආරම්භයේ දී ලබා ගත් පන්නරය තරගාවලියේ අවසානය තෙක් පවත්වා ගැනීමට අසමත් වූ බවයි. තවදුරටත් අදහස් දක්වමින් එම වෙබ් අඩවිය පවසා සිටියේ අවසානයේ දී නවසීලන්තය ක්‍රීඩා කළ ආකාරය හා පරාජය වීම තරගාවලියේ ආරම්භයේ දී ම ඉවත් වීමට සමාන බවයි. 

නවසීලන්තයේ ක්‍රීඩා විලාසය පිළිබඳව අදහස් දක්වමින් එංගලන්තයේ ෆිලිස් පවසා සිටියේ නවසීලන්ත ක්‍රීඩකයන්ගේ මානසික යෝග්‍යතාව පවා එතරම් සුබදායි නොවූ බවයි. 

“ඔවුන් මීට වඩා උත්සාහ කළ යුතුව තිබුණා. ඔවුන් වෙනදා ක්‍රීඩා කරන රටාවට ඔවුන් ආවේ නෑ. අපි නවසීලන්තයේ වසර 24ක් ඉන්නවා. මම නවසීලන්තයට ගොඩක් ආදරෙයි. ඒත් මම අද ක්‍රීඩා කරපු ආකාරයට එංගලන්තය පිළිබඳව ගොඩක් ආඩම්බරයි. “

නවසීලන්ත පරාජයත් සමඟින් ක්‍රීඩාලෝලීන් කලහකාරී ලෙස හැසිරෙනු ඇති බවට එරට පොලීසිය අනුමාන කර තිබුණ ද, එලෙස ප්‍රචණ්ඩකාරී හැසිරීම් වාර්තා වී තිබුණේ එක් අවස්ථාවක පමණි. ඒ එංගලන්ත ආකෘතියකට සෑදූ ඕක්ලන්ඩ් අවන්හලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක වීදුරු වලට හානි කිරීමකි. 

එහි අයිතිකරු වන මයිලම් ස්ලොආන් පවසා සිටියේ මෙම සිදුවීම පසුපස ඇති හේතුව හරිආකාරව නොදන්නා බවත්, එය කලහකාරී නවසීලන්ත ක්‍රීඩාලෝලීන් කළ දෙයක් ලෙස විශ්වාස කරන බවත්ය. 

“අපිට අනුමාන කරන්න පුළුවන් මේක ඒ අයගේ වැඩක් කියලා. මට හිතා ගන්න පුළුවන් ඒ අයගේ වේදනාව. ඒ පරාජය දරුණු පරාජයක්. ඒත් ඒක හොඳ තරගයක්. එංගලන්තයට සම්පූර්ණ ගෞරවය ලබා දිය යුතුයි.”

Red Roses සමඟ හැප්පෙන්ට Springboks අවසන් සටනට!

නවසීලන්ත පරාජය පිළිබඳව කනස්සල්ලට පත්වූ ප්‍රේක්ෂකයන් කීපදෙනෙකු මෙම පරාජය රිචී මැකෝගේ ශාපයක් නිසා බව පවසා ඇත. නවසීලන්ත ලෝක ශූර කණ්ඩායමේ නායක රිචී මැකෝ මෙම තරගය නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට පැමිණ සිටියේය. රිචී මැකෝ තරග නැරඹීමට පැමිණෙන අවස්ථාවන් වලදී නවසීලන්තය අසාර්ථක වන බවට මතයක් අතීතයේ පටන් පවතී. 

පසුගිය රියෝ ඔලිම්පික් උළෙලේ දී මැකෝ ක්‍රීඩාංගණයට පැමිණ සිටි අවස්ථාවේ දී නවසීලන්තයට යම් අවාසනාවක් උදා වී ඇත. ඒ පිළිබඳව ඔහුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ “සමහර විට ඒක මම නිසා වෙන්න ඇති. මම ගියොත් හොඳයි.” යනුවෙනි. 

ඔත්තු බැලීම ඔට්ටු ද? එංගලන්ත පුහුණුකරුගෙන් සැර ප්‍රකාශ කිහිපයක්

මෙවර Webb Ellis ලෝක කුසලානයේ සැබෑ උරුමකරුවා සොයා…….

රියෝ ඔලිම්පික් උළෙල නැරඹීම සඳහා රිචී මැකෝ සහභාගි වූ අවස්ථාවේ දී යගුලිය දැමීමේ ප්‍රබලතම ක්‍රීඩිකාව වූ නවසීලන්තයේ වැලරි ඇඩම්ස් දෙවන ස්ථානයට පත්වූ අතර නවසීලන්ත කාන්තා හා පිරිමි රග්බි කණ්ඩායම් දෙකටම තරගාවලියේ මුල් වටයෙන් ඉවත් වීමට සිදු වී තිබුණි. කාන්තා හොකී කණ්ඩායමට සිදු වූ පරාජයේ දී ද මැකෝ ක්‍රීඩාංගණයේ සිටීම විශේෂත්වයකි. 

“ඔහු අපිව නැවතත් අසාර්ථක කළා”, “මැකෝගේ ශාපය නැවතත්” ලෙස එරට ක්‍රීඩාලෝලීන් stuff.co.nz ෆේස්බුක් පිටුවෙහි සටහන් කර තිබුණි. 

කෙසේ වෙතත් නවසීලන්තයේ මෙම පරාජය සාධාරණීකරණය කිරීමට නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පතෙහි කතෘ ක්‍රිස් රටුඒ උත්සාහ කර තිබුණි. 

“මේ පරාජය නවසීලන්තයට අත්දැකීම් ගන්න හොඳ අවස්ථාවක්. මේ පරාජයෙන් පන්නරය අරන් මීළඟ තරග සැලසුම් කර යුතුයි. මේක ඒකට සුදුසුම වෙලාව.” 

“නවසීලන්ත කණ්ඩායම මෙවරත් ජයග්‍රහණය කළා නම් ලෝක කුසලානයත් ජයග්‍රහණය කළහොත් ඒක රග්බිවලට එතරම් හොඳ දෙයක් නොවෙන්න පුළුවන්.”

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<