සුගතදාස සහ දියගම ධාවන පථ හැදෙන්නේ කවදාද?

587
Sugathadasa Stadium 2017

රටක කී‍්‍රඩාව දියුණු වීමට එයට අවැසි ප‍්‍රධාන සාධකයන් කිහිපයක් ඇත. එහිදී මලල කී‍්‍රඩාවට නම් කී‍්‍රඩාංගණයක අවශ්‍යතාවය අනිවාර්ය සාධකයක් වන්නේ පුහුණු කටයුතු සඳහා එය අත්‍යාවශ්‍ය වන බැවින්ය. 1990 දශකය සහ 2000 දශකය ශි‍්‍ර ලංකාවේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ස්වර්ණමය යුගයක් ලෙස අප පවසන්නේ, එම වකවානුවේ දී ශි‍්‍ර ලංකාවට ජාත්‍යන්තර පදක්කම් රැසක් හිමිවූ බැවිනි. එමෙන්ම ඉතා අගනා ශි‍්‍ර ලංකා වාර්තා කිහිපයක් බිහිවීම ද, ආසියානු පොදු රාජ්‍යය මණ්ඩලීය, ලෝක ශූරතා සහ ඔලිම්පික් පදක්කම් හිමිවූ වර්ෂයන් ලෙසද එම වකවානු හැදින්විය හැක.

සුසන්තිකාගේ තත්වය සුව අතට?

ඔලිම්පික් රිදී පදක්කම් ලාභී කෙටි දුර ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ, ඊයේ (27) හදිසියේ ඇති වු රෝගාබාධ තත්ත්වයත් හේතුවෙන් දියතලාව මූලික රෝහලට ඇතුළත් කරනු ලැබීය…

එම වකවානුවේදී කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සහ කී‍්‍රඩාංගණද නිසි ආකරයෙන් තිබුණු බවක් අපට දක්නට ලැබේ. විශේෂයෙන් සුගතදාස කී‍්‍රඩාංගණය එවකට ඉතා හොඳ තත්වයක පැවති අතර, සියලු ජාතික මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සිය පුහුණු කටයුතු සඳහා සුගතදාස කි‍්‍රඩා පිටිය වෙත පැමිණෙන ලදී. එහෙත් මේ වන විට සුගතදාස ක්‍රීඩාංගණය වසර ගණනාවක් සිට අලුත් වැඩියා කටයුතු කරන අතර එහි වැඩ කටයුතු මෙතෙක් නිම කිරීමට කි‍්‍රීඩා බලධාරින් සමත් ව නැති බව දක්නට ලැබේ.

මෙම ක්‍රීඩාංගණයට මේ දක්වා කෘතිම ධාවන පථ 3ක් දමා ඇති අතර, අවසානයේ දැමු සින්තටික් ධාවන පථය එහි වැඩ නිමාකර මාස 6ක් ගතවීමටත් පෙර ගැලවී යෑමට ලක්විය. අධික වියදමින් නිම වූ මෙම ධාවන පථය වරින් වර පැලැස්තර යොදා ප‍්‍රයෝජනයට ගත්තද, එවැනි පැලැස්තර එයට පිලියමක් නොවීය. මෙම ධාවන පථය කි‍්‍රීඩා අමාත්‍යවරුන් තිදෙනෙකුගේ පරික්ෂාවට ලක් වූ අතර එයින් කිසිදු ප‍්‍රයෝජනයක් නොවීය.

කෙසේ වෙතත් ඉදිරියේදී පැවැත්වෙන තරග සඳහා කි‍්‍රීඩක කි‍්‍රීඩිකාවන් තෝරා ගැනීමේදී ද ගැටලු රැසක් ඇති බව පුහුණුකරුවන් පවසයි. ඒ සුගතදාස කි‍්‍රීඩා පිටිය වෙනුවට භාවිතා කරන දියගම ධාවන පථයද විනාශ වි ඇති නිසාය. දියගම ධාවන පථය පුහුණු කටයුතු සඳහා යොදා ගැනීමෙන් මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල පිරිසක් ආබාධිත තත්වයන්ට ගොදුරු විමෙන් ප‍්‍රතිකාර ලබන බවද වාර්තා වේ. මෙම කි‍්‍රීඩාංගන 2ම මෙලෙස විනාශ වීමෙන් රටෙහි මලල කි‍්‍රීඩාව පරිහානියට පත්වෙන අතර බොඳ වි තිබෙන පදක්කම් සිහිනය ද සිහිනයක්ම වීම අනිවාර්ය වනු ඇති බවයි පුහුණුකරුවන්ගේ විශ්වාසය වන්නේ.

කෙසේ වෙතත් ශීත කාමරවල සිටින බලධාරින්ට ප‍්‍රශ්න වලට පැලැස්තර දමනු වෙනුවට නිසි කි‍්‍රයාමාර්ග ගැනිමට හැකි නම්, ශි‍්‍ර ලංකාවට නැවත ජාත්‍යන්තර පදක්කම් රැසක් හිමි වන කාලය වැඩි ඈතක නොවෙනු ඇත. යලිත් එවැනි කාලයක් උදාවුවහොත් පමණක් ක්‍රීඩා බලධාරින්ට ද ඉහලින් වැජඹිය හැකි බව ඔවුන් තරයේ මතක තබාගත යුතුයි.

මේ වන විට සුගතදාස ක්‍රීඩාංගණය

1

මේ වන විට හෝමාගම දියගම ක්‍රීඩාංගණයේ ධාවන පථය

3