මෙවර කුසලාන ශූරතාවය කාටද?

598

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලිය අවසන් වීමට ඇත්තේ තව සතියක පමණ කාලයක් පමණයි. මේ වනවිටත් සාන්ත පීතර විද්‍යාලය, රාජකීය විද්‍යාලය සහ සාන්ත ජෝසප් විද්‍යාලය ප්‍රථම ස්ථාන තුනේ අසුන්ගෙන අවසන්. ඒත් එළඹෙන සති අන්තයේ පැවැත්වීමට නියමිත රාජකීය – ජෝසප් ගැටුමෙන් මේ සියල්ල වෙනස් වෙන්න පුළුවන්. 

දෙවන අර්ධයේ රාජකීය ප්‍රහාරයෙන් ඉසිපතන බලාපොරොත්තු වතුරේ යයි

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ඉතා …….

දැනට ක්‍රීඩා කර ඇති තරග වල ප්‍රතිඵල වලට අනුව ප්‍රසාද ලකුණු සටහන පහතින්. 

දැනට පවතින තත්වය අනුව සාන්ත ජෝසප් විද්‍යාලයට තෙවන ස්ථානයේ සිට දෙවැනි ස්ථානයට පැමිණීමට හැකියාව තිබෙනවා. ඒ රාජකීය විද්‍යාලයට එරෙහිව ඇති තරගය ජයග්‍රහණය කරමින්.

තරග 8ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 6ක් ජයගත් සාන්ත ජෝසප් කණ්ඩායම ඉන් තරග දෙකක් පමණක් පරාජය වන්නේ සාන්ත පීතර විද්‍යාලයට හා වෙස්ලි විද්‍යාලයට. ඒත් සමඟින් දැන් සාන්ත ජෝසප් විද්‍යාලයට කුසලාන ශූරතාවයේ ආශාවන් අතහැර දැමීමට සිදුවන නමුත් රාජකීයයන්ගේ ශූරතා සිහිනය බොඳකර අනුශූරතාවය ලබා ගැනීමට සාන්ත ජෝසප් කණ්ඩායමට හැකියාවක් ඇත.

ප්‍රසාද ලකුණු 36ක් ලබාගෙන දැනට තෙවැනි ස්ථානයේ සිටින සාන්ත ජෝසප්වරුන්, මේ සති අන්තයේදී රාජකීය විද්‍යාලය පරාජය කළහොත් ඔවුන්ගේ ප්‍රසාද ලකුණු 41ක් දක්වා ඉහළ යන අතර ප්‍රසාද ලකණු 40ක් ලබාගෙන ඇති රාජකීයයන්ට තෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවේ. 

නමුත් රාජකීය විද්‍යාලයට ඇත්තේ වෙනස්ම කතාවක්. ඔවුන් මෙම ලීග් ශූරතාවයේ ක්‍රීඩා කරන අවසන් තරගය තිබෙන්නේ මේ සති අන්තයේ සාන්ත ජෝසප් විද්‍යාලයට එරෙහිව. රාජකීයයන්ට මේ වසරේ ශූරතාවය ජයගැනීමට අවශ්‍ය නම් ඔවුන් අනිවාර්යයෙන්ම ජෝසප්වරුන්ට එරෙහි තරගය ප්‍රසාද දීමනා ලකුණක් (Bonus Point) සමඟින් ජයගත යුතුයි.

පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට දොරටු ඇරෙන්නේ කාටද?

වෙහෙසකාරී සති 9ක පාසල් රග්බි ලීගයෙන් ………..


තරගයක් ජයගත් විට ජයගන්නා කණ්ඩායමට හිමිවන්නේ ලකුණු 5කි. දැන් රාජකීයයන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 40ක්. දැනට පළමු ස්ථානයේ සිටින සාන්ත පීතර විද්‍යාලයට ඇත්තේ ලකුණු 45කි. ඉතින් රාජකීයයන් ජෝසප්වරුන්ට එරෙහි තරගයේදී උත්සාහක දිනුම් 4ක් හෝ ඊට වැඩියෙන් වාර්තා කරමින් අමතරව හිමිවන ප්‍රසාද දීමනා ලකුණක් ලබාගත යුතුමයි. එවිට මුළු ලකුණු 46ක් සමඟින් රාජකීයයන්ට 2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි ශූරතාවය ජයගන්න පුළුවන්. එය එසේ සිදුවූවා නම් රාජකීයන් 21 වැනි සියවසේ ලීග් ශූරතාවය අඛණ්ඩව තුන් වරක් හෙබවූ එකම පාසල වෙනවා.

ඒත් මෙහි තිබෙන ප්‍රශ්නය වන්නේ ජෝසප්වරුන්ට එරෙහි තරගයෙන් ජයගෙන ප්‍රසාද දීමනා ලකුණක් හිමිකර ගැනීමට ඔවුන්ට දක්ෂතා පෙන්වීමට නොහැකි වුවහොත් සිදුවන්නේ කුමක්ද? ඒ කියන්නේ සාන්ත පීතරයින්ගේ හා රාජකීයයන්ගේ මුළු ලකුණු සංඛ්‍යාව 45ක් ලෙස සම වුවහොත් සිදුවන්නේ කුමක්ද? 

ඒ ගැන ශ්‍රී ලංකා පාසල් ලීග් රග්බි තරගාවලියේ නීති රීති පොතේ සඳහන් වෙලා තියෙන්නේ මෙහෙමයි.


“කණ්ඩායම් දෙකක් ලීග් ලකුණු සටහන අවසානයේදී ලකුණු සමවුනොත්, ජයග්‍රහණය ගැන සැලකිල්ලට ගත යුතු ඊළඟ අවකලනය වන්නේ සමවූ කණ්ඩායම් දෙක අතර තරගයයි. එම තරගයෙත් ලකුණු සංඛ්‍යාව සමවී තිබුන හොත්, ඊළඟ අවකලනය වන්නේ කණ්ඩායම් දෙක අතර ඇති ‘ලකුණු වෙනස’ (එම කණ්ඩායම රැස්කළ ලකුණු – එම කණ්ඩායමට එරෙහිව අනෙක් කණ්ඩායම් රැස්කළ ලකුණු )”. 

නමුත් මේ අවස්ථාවේදී රාජකීය විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර තරගයෙන් සාන්ත පීතර විද්‍යාලය ලකුණු 12 – 08ක් වශයෙන් ජයගැනීම නිසා අවසානයේ කණ්ඩායම් දෙක අතර ප්‍රසාද ලකුණු සමවුවහොත් ශූරතාවය හිමිවන්නේ සාන්ත පීතර විද්‍යාලයටයි. 

මෙහි සාන්ත පීතර විද්‍යාලයට තිබෙන්නේ “බලා සිටීමක්”. ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පෙන්වීමට ලබාදුන් තරග 9 අවසන්. දැන් ඔවුන්ට තිබෙන්නේ රාජකීය – ජෝසප් තරගය අවසන් වෙනකන් බලා සිටින්න. එසේම රාජකීයයන් මෙම තරගයෙන් පරාජය වුවත්, එහෙමත් නැතිනම් ප්‍රසාද දීමනා ලකුණක් නොමැතිව ජයගත්තත් වාසිය හිමිවන්නේ සාන්ත පීතර විද්‍යාලයටයි. එසේ සාන්ත පීතරයින්ගේ බලාපොරොත්තු ඉටු වූවා නම් සාන්ත පීතරයින් ලීග් ශූරතාවයක් හොබවන්නේ වසර 9කට පසුවයි. 

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික තරගාවලිය 29 වැනිදා

ඩයලොග් අන්තර් සමාජ සත්සාමාජික රග්බි ……..

ලීගය අවසන් වීමට හැකියාවක් ඇත්තේ පහත ආකාර වලටයි. 

රාජකීය – ජෝසප් තරගයෙන් ජෝසප්වරුන් ජය ගතහොත්, 

  •   ශූරතාවය – සාන්ත පීතර විද්‍යාලය 
  •   අනුශූරතාවය – සාන්ත ජෝසප් විද්‍යාලය 
  •   තෙවැනි ස්ථානය – රාජකීය විද්‍යාලය 

රාජකීය – ජෝසප් තරගයෙන් රාජකීයයන් ජය ගතහොත්, (ප්‍රසාද දීමනා ලකුණක් නොමැතිව) 

  •   ශූරතාවය – සාන්ත පීතර විද්‍යාලය 
  •   අනුශූරතාවය – රාජකීය විද්‍යාලය 
  •   තෙවැනි ස්ථානය – සාන්ත ජෝසප් විද්‍යාලය 

රාජකීය – ජෝසප් තරගයෙන් රාජකීයයන් ජය ගතහොත්, (ප්‍රසාද දීමනා ලකුණක් සහිතව) 

  •   ශූරතාවය – රාජකීය විද්‍යාලය 
  •   අනුශූරතාවය – සාන්ත පීතර විද්‍යාලය 
  •   තෙවැනි ස්ථානය – සාන්ත ජෝසප් විද්‍යාලය 

රාජකීය – ජෝසප් තරගය සම ලකුණු මට්ටමකින් අවසන් වුවහොත් 

  •   ශූරතාවය – සාන්ත පීතර විද්‍යාලය 
  •   අනුශූරතාවය – රාජකීය විද්‍යාලය 
  •   තෙවැනි ස්ථානය – සාන්ත ජෝසප් විද්‍යාලය 

ඉතින් අපට තිබෙන්නේ සාන්ත පීතර විද්‍යාලය මෙන් රාජකීය – ජෝසප් තරගය අවසන් වනතෙක් බලා සිටින්නට පමණයි! 

අපිත් බලා සිටිමු කුමක් සිදුවෙයිද කියා.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<