මුරලි විශිෂ්ට සම්මානයකින් පිදුම් ලබයි

229

ටෙස්ට් හා එක්දින ජාත්‍යන්තර තරගවල සාර්ථකම පන්දු යවන්නා වන මුත්තයියා මුරලිදරන් හට නිල වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානය ලබා දීම ICC ශූරයින්ගේ කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර එංගලන්තයේ ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවති තරගයේ පළමු ඉනිම අවසානයේ ICC හි ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා අතින් සිදු කෙරිණ.

ICC විසින් මුරලිට ගෞරව සම්මානයක්

පිට දඟ පන්දුවේ රජු වශයෙන් සැලකෙන මුත්තයියා මුරලිදරන් ජුනි මාසයේ දී ආරම්භ වීමට නියමිත අයි. සී. සී. ශූරයින්ගේ කුසලානය සඳහා නිල වශයෙන් ප්‍රවිශ්ටය ලබා දෙන්නා ලෙස තෝරාගෙන තිබේ.

මේ වන විට ක්‍රීඩා දිවියට සමු දී ඇති මුරලිට අමතරව මෙම සම්මානය ආතර් මොරිස්, ජෝර්ජ් ලෝමන් සහ කැරන් රෝල්ටන් යන අයට ද පිරි නමන ලදි. ICC ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලැබූ 83 වැනි ක්‍රීඩකයා වන මුරලි මෙම සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වේ. රිචඩ්සන් මහතා මුරලි හට රාමු කරන ලද සමරු තොප්පිය ලබාදෙමින් නිල වශයෙන් ඔහුට එම සම්මානය ලබා දෙන ලදී.

මෙම උත්සවයේ දී අදහස් දක්වමින් මුරලි ප්‍රකාශ කර සිටියේ;

“ICC ය මඟින් මෙම සම්මානයෙන් පිදුම් ලැබීම අභිමානනීය වගේම ගෞරවනීය අවස්ථාවක්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් හට ලබා ගත හැකි උපරිම ගෞරවය තමයි මෙම සම්මානය. ඒ වගේම මෙය ICC ශූරයින්ගේ කුසලානය වැනි තරගාවලියක් අතරතුර ලබා දීම විශාල ගෞරවයක්. මෙම සම්මානය මට ලබා දීම වෙනුවෙන් මම ICC යට ස්තූතිවන්ත වෙනවා. මේ අවස්ථාව ජීවිත කාලය පුරාවටම මගේ මතකයේ රැඳේවී.”

[rev_slider ct17-dsccricket]

ICC යේ ප්‍රධාන විධායක නිලධාරී ඩේවිඩ් රිචඩ්සන් මහතා මුරලි හට ප්‍රශංසා කරමින් පවසා සිටියේ;

“මුරලි වෙනුවෙන් ඔහුගේ වාර්තා කතා කරයි. ඔහු පන්දු යැවීමේ දී පන්දුවේ වේගය, පන්දුව පතිත කරන ස්ථානය, පන්දුව කැපිය යුතු ආකාරය වගේ සෑම දෙයක්ම පාලනය කළ ආකාරය සැබවින්ම විශිෂ්ටයි. ඔහු දූස්රා පන්දු යැවීම ආරම්භ කිරීමත් සමඟ පිතිකරුවන්ට ඔහුට මුහුණ දීම අතිශය අපහසු කාර්යයක් වුණා.”

“සමකාලීන ක්‍රීඩකයින් අතර මෙන්ම ක්‍රීඩාලෝලීන් අතරත් එක ලෙස ජනප්‍රිය මුරලි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ තලයකට රැගෙන ගිය ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුව නැරඹීම සඳහාම ක්‍රීඩාලෝලීන් තරග වලට පැමිණුනා. ඒ අනුව ICC ‘හෝල් ඔෆ් ෆේම්’ සම්මානයෙන් පිදුම් ලැබීම වෙනුවෙන් මම ICC ය වෙනුවෙන් මුරලි හට සුබ ප්‍රර්ථනා කරනවා.”

මුරලිගේ ක්‍රීඩා දිවියෙන් බිඳක්

  • මුරලිදරන් ටෙස්ට් තරග 133ක දී කඩුලු 800ක් දවාගෙන ඇති අතර ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ සාර්ථකම පන්දු යවන්නා වේ.
  • ඔහු අවස්ථා 67ක දී එක් ඉනිමක දී කඩුලු 5 බැගින් දවාගෙන ඇති අතර අවස්ථා 22ක දී ටෙස්ට් තරගයක් තුළ කඩුලු 10 බැගින් දවාගෙන ඇත.
  • එක්දින තරග 350ක දී කඩුලු 534ක් දවා ගෙන ඇති ඔහු එක්දින පිටියේ ද සාර්ථකම පන්දු යවන්නා වේ.
  • ඔහු 1996 වසරේ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් වූ අතර 2002 වසරේ දී ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සමඟින් ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයෙක් ද වේ.  

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට