විශ්‍රාම ගැනීම පිළිබඳ පැතිරෙන කටකතා ගැන මාලිංග කතා කරයි

1481
Lasith Malinga

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවත්වනු ලබන 2017 ශූරයින්ගේ කුසලාන තරගාවලිය සඳහා එක්වුණු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද (14) නැවතත් එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියහ. ඉන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පරිශ්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා ද ක්‍රීඩකයින් සහභාගි විය.

ශ්‍රී ලංකාව පන්දු රැකීමෙන් ලොව දුර්වලම කණ්ඩායම ද?

ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තබන කුඩා දරුවකුට වුවත් ලොව ඕනෑම ක්‍රිකට් පුහුණුකරුවකු කියා දෙන මූලික සිද්ධාන්තයක් වෙයි.

පසුගිය දින කිහිපයේ දී ලසිත් මාලිංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට සූදානම් වන බවට ජනතාව අතර කටකතාවක් පැතිර ගිය නමුත් ඔහු අද ස්ථිරවම පවසා සිටියේ තේරීම් කමිටුව විසින් තම සේවය අපේක්ෂා කරන තෙක් ශ්‍රී ලංකා වර්ණ දැරීමට ඔහු සූදානමින් පසුවන බවයි.

[rev_slider ct17-dsccricket]

“ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වයට සහ නායකත්වයට මාව අවශ්‍ය වන තුරු මා දිගටම ක්‍රීඩා කිරීමට කැමැත්තෙන් සිටිනවා. එම තීරණය ගැනීම සම්පූර්ණයෙන්ම ඇත්තේ ඔවුන් සතුවයි. මා ඊට එකඟ වනවා.” මාලිංග ඔහුගේ සාමාන්‍ය සිනා මුසු මුහුණින් යුතුව අදහස් පළ කර සිටියේය.

“දැන් මම කලින් සිටි ආකාරයේම පන්දු යවන්නෙක් නෙමෙයි. වයසත් සමඟ මා මුහුකුරා යෑමත් එක්ක මගේ කලින් තිබූ වේගය අඩු වී ඇති බව පැහැදිලියි. නමුත් මම තවමත් විශ්වාස කරනවා ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට තරම් හැකියාවක් මා සතුව ඇති බව, තේරීම් කමිටුව දිගින් දිගටම මගේ සේවය බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙනුවෙන් මං උපරිමයෙන්ම කැප වෙනවා.” මාලිංගගේ සෞඛ්‍ය තත්වය සහ අනාගත සැලසුම් පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටි අවස්ථාවේ දී ඔහු පිළිතුරු දෙමින් කියා සිටියේය.

පන්දු රකින්නන්ගේ දෑත් අතරින් ශූරයින්ගේ කුසලානය බිම වැටෙයි

අද කාඩිෆ් ක්‍රීඩාංගණයේ දී ප්‍රතිවාදී පාකිස්තානු කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට

එසේම මෙවර ශූරයින්ගේ කුසලාන තරගාවලිය පිළිබඳව ද අදහස් දැක්වීමට ද අමතක නොකළ මාලිංග අඩු දක්ෂතා පිළිබඳව එක් ක්‍රීඩකයෙකුට දෝෂාරෝපණය කිරීම සාධාරණ නොවන බවත් මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීමේ වගකීම සමස්ත කණ්ඩායම එකම අයුරෙන් භාර ගත යුතු බවත් පවසා සිටියේය.

“ක්‍රිකට් ක්‍රීඩකයින් වශයෙන් අපි දන්නවා ලෝකයේ සිටින හොඳම පන්දු රකින්නන් අතින් පවා උඩපන්දු ගිලිහී යන බව. එසේ අහිමි වී යන අවස්ථාවකින්ම සම්පූර්ණ තරගයම පරාජය වූ බව කීම අසීරුයි. මීට පෙර මා අතිනුත් උඩපන්දු ගිලිහී ගිහින් තිබෙනවා. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දී අප සාමාන්‍යයෙන් බලාපොරොත්තු විය යුතු තත්ත්වයක්.” මාලිංග වැඩිදුරටත් පවසා සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<