කුසල් පෙරේරා වෙනුවට වෙන කෙනෙක් එංගලන්තයට

2010

ඊයේ දිනයේ (08) ඉන්දියාවට එරෙහිව ඓතිහාසික ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව ජය ගත් තරගය අතරතුර දී සිදු වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා හට 2017 ශූරයන්ගේ කුසලාන තරගාවලිය නිමා කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වන බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මුම්බායි ඉන්දියන්ස් නියෝජනය කිරීම ප්‍රහාරය පහසු කළා – අසේල ගුණරත්න

ඔහු ක්‍රීඩා පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය වෙනුවෙන් පන්දු 42ක් තුල දී ලකුණු 51ක් අවශ්‍ය වුන වටපිටාවක් තුලයි. ඒ වන විට අනෙක්…

මිට පෙරද බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියක දී පුහුණු තරගයක් අතරතුර කලව ප්‍රදේශයේ ඇති වූ මෙම ආබාධය නිසාම එම තරගාවලිය ඔහුට අහිමි වූ අතර, සතියකට වඩා වැඩි විවේකයකින් පසුව විස්සයි විස්ස තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට ඔහුට හැකි විය.

“අද උදෑසන කුසල්ට රේඩියෝග්‍රැෆි පරීක්ෂණයක් කිරීමට නියමිතයි. ඒ වෛද්‍ය වාර්තාව අප වෙත ලැබුණු පසු තීරණයක් අපි ලබා දෙන්නම්.” ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසංක ගුරුසිංහ ThePapare.com වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කළේය.

නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමඟ 4 වන කඩුල්ල සඳහා ලකුණු 75ක මනා සබඳතාවයක් ගොඩනගමින්, පන්දු 44ක දී ලකුණු 47ක ඉතා වටිනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිටිය දී ඇති වූ මෙම ආබාධය නිසා ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යාමට ඔහුට සිදු විය. ආරම්භක පිතිකරුවෙක් ලෙස නම් වූ පෙරේරා, මෙම තරගාවලියේ දී මැදපෙළ පිතිකරුවෙක් ලෙස යොදා ගත් අතර දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේ දී නොදැවී ලකුණු 44ක් ලබා ගැනීමට ඔහු සමත් විය. ඉන්දියාවට එරෙහිව පැවති තරගයේ දී පිතිකරණයේ 4 වන ස්ථානයට උසස්වීමක් ලෙස තීරණාත්මක කැඳවීමක්, ලකුණු හඹා යාමේ දී සිදු කෙරුණි.

[rev_slider ct17-dsccricket]

තරගයෙන් අනතුරුව නායක ඇන්ජෙලෝ මැතිව්ස් මෙලෙස අදහස් දැක්විය;

“කුසල් පෙරේරා හමුවේ ගත් තීරණය ගොඩක් අසීරු වුනා. නායකයෙක් වශයෙන් ඔහුව ක්‍රීඩාගාරයට යැවීමට මට සිදු වුනා. තරගය හොඳින් අවසාන වුනේ නැත්නම් මා වෙත ගොඩක් විවේචන එල්ල වෙන්න තිබුණා. නමුත් ඒකට තමයි අපි තීරණාත්මක අවස්ථාවල තීරණාත්මක තීරණ ගන්නේ. එය අසාර්ථක වෙනවා ද, නැද්ද කියන එක ප්‍රශ්නයක් නැහැ.”

විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ ලැබී ඇති තොරතුරුවලට අනුව ආදේශක ක්‍රීඩකයා වශයෙන් මැදපෙළ පිතිකරු ධනංජය ද සිල්වා එංගලන්තය බලා පියාසර කිරීමට නියමිත අතර, කුසල් පෙරේරාගේ සෞඛ්‍ය තත්වය ක්‍රීඩා කිරීමට යෝග්‍ය නොවුනහොත් ඉතිරි තරග සඳහා ඔවෙ කණ්ඩායමට කැඳවීමට නියමිතයි. එළඹෙන 12 වැනි දා කාර්ඩිෆ් හිදී පකිස්ථානයට එරෙහිව පැවැත්වෙන අර්ධ අවසන් පූර්ව වටයේ තරගයේ දී, දක්ෂතා අතර සිටින පෙරේරාගේ අඩුව ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල පාඩුවක් වනු ඇත.

ධනංජය ද සිල්වා එක්දින තරග 16ක් ක්‍රීඩා කරමින් 25.69ක සාමාන්‍යයක් ද සමඟ ලකුණු  334ක් ද, කඩුලු 4ක් පමණක් දඟ පන්දු යැවීමෙන් ද දවා ගෙන ඇත. පසුගිය වසරේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව 3-0 ලෙස ජය ගත් ටෙස්ට් තරගාවලියේ දී ඔහු හොඳම පිතිකරුවා සහ වැඩිම ලකුණුලාභියා වූ නමුත් ඔහු දකුණු අප්‍රිකානු තරගාවලියේ දී අසමත් වීමත් සමඟ කණ්ඩායමට නැවතත් කැඳවීමක් ලැබුණේ නැත.

  තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට