කගීසෝ රබාඩා සුව අතට?

138
Getty Images

ආබාධයකට ලක්ව සිටින දකුණු අප්‍රිකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක කගීසෝ රබාඩාට එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ හැකියාව පවතින බව වාර්තා වේ.

බංග්ලාදේශය කොදෙව්වන්ට අනතුරු අඟවයි

අයර්ලන්ත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ……….

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නිල වෛද්‍යරයා වන මොහොමඩ් මූසාජේ මහතා පවසා ඇත්තේ එළඹෙන සති දෙක හෝ තුන ඇතුළත කගීසෝ රබාඩා පූර්ණ වශයෙන් සුවවන බවය.

නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර රබාඩාව නැවත දකුණු අප්‍රිකාවට ගෙන්වා ගැනීමට එරට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ රබාඩාගේ සහභාගීත්වය එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා දකුණු අප්‍රිකා කණ්ඩායමට අතිශය වැදගත්වීම හේතුවෙනි.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේදී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කළ කගීසෝ රබාඩා, එහි තරග 12කදී කඩුලු 25ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ඇතිවූ ආබාධය හේතුවෙන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 5කට ආසන්න සංඛ්‍යාවක් අහිමි වූ රබාඩා, තරගාවලිය අවසන් වනවිට වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමටද සමත් විය.

2012 වසරෙන් පසුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම, ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබාගැනීමට හැකිවූයේ කගීසෝ රබාඩාගේ දක්ෂතා හමුවේය.

නිමාවූ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අතරතුර රබාඩා පාදයේ ආබාධයකට ලක්වූ අතර දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යවරුන් ඔහුගේ ආබාධ තත්වය සුව කිරීම සඳහා එම මොහොතේ සිට කටයුතු කර තිබේ.

“සැවොම වෙනුවෙන් නඩු මගට යන්න මම සූදානම්” – අවිශ්ක

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පසුගියදා…………

දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනයේ වෛද්‍යරුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා කගීසෝ රබාඩාට සහභාගී වීමේ වැඩි අවස්ථාවක් පවතින බවය.

එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ දකුණු අප්‍රිකා සංචිතයේ සිටි ප්‍රබල පන්දු යවන්නන් කිහිප දෙනෙකුම ආබාධ වලට ලක්වීම කැපී පෙණුනි.

දකුණු අප්‍රිකාව සතුව සිටින ප්‍රබලතම වේගපන්දු යවන්නා වන ඩේල් ස්ටෙයින් සහ යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක ලුන්ගි න්ගිඩි ද මෙලෙස ආබාධ වලට ලක්ව තිබේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කළ ඩේල් ස්ටෙයින්, එහිදී තරග 2කට පමණක් සහභාගී වූ අතර ලුන්ගි න්ගිඩි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන ලදි.

විශිෂ්ට තරගයකින් පසු IPL රන් කිරුළ මුම්බායි පිළට!

සමස්ථ ක්‍රිකට් ලෝකයම තම වසඟයට ගනිමින් ……..

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එළඹෙන ලෝක කුසලානය සඳහා පැවැත්වෙන පළමු දකුණු අප්‍රිකා පුහුණු කඳවුර සඳහා ඩේල් ස්ටෙයින් සහ ලුන්ගි න්ගිඩි සහභාගී වීමට නියමිත බවය.

ඔවුන්ගේ ආබාධ තත්වයන්ද මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බවද වාර්තා වේ.


>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<