ලබන වසරේ මුල දී ම ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තාවෝ විශේෂ සංචාරයක

178

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවලියේ එක්දින ක්‍රිකට් තරග 3ක් හා විස්සයි විස්ස ක්‍රිකට් තරග 3කින් සමන්විත කාන්තා ක්‍රිකට් තරගාවලියක් එළඹෙන පෙබරවාරි මස 1 වැනිදා සිට 17 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වේ.

මෙතුශාන් හා අයන්තගේ වික්‍රමය ඩී. එස්. සේනානායකට ජයක් ගෙනේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය…

දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් හා තරග වැදීම වෙනුවෙන්  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් එරටට සංචාරය කරනු ලබන දෙවන අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම අතර අවසන් වරට එක්දින ක්‍රිකට් තරගාවලියක් පවත්වා ඇත්තේ 2014/15 යන වර්ෂවල දී වන අතර එහි දී එක්දින තරගාවලිය හා විස්සයි විස්ස යන තරගාවලි දෙකම 2-1ක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

දෙරට අතර මෙතෙක් පවත්වා තිබෙන එක්දින කාන්තා ක්‍රිකට් තරගාවලිවල දී තරග 4ක් දකුණු අප්‍රිකානුවන් ජයගෙන තිබෙන අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක් වතාවක දී දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පරාජය කර තිබේ. තවද විස්සයි විස්ස දත්ත පිරික්සා බැලූ කළ තරග 4ක ජය දකුණු අප්‍රිකානුවන් සතුවෙද්දී තරග දෙකක ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෑතක දී සහභාගී වූ මැලේසියාවේ පැවති ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම තායිලන්තය, ඉන්දියාව හා පාකිස්තානු යන කණ්ඩායම් හමුවේ පරාජය වී දිනා ගත්තේ සමස්ත තරගාවලියේ සිව්වැනි ස්ථානයයි. ඉන්පසුව ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ මෙරට දී පැවති ක්‍රිකට් තරගාවලියේ දී එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙසත්, විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 4-0ක් ලෙසත් පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදු විය.

මේ තරගාවලියේ සියලුම තොරතුරු, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

සම්පූර්ණ තරග කාලසටහන

විස්සයි විස්ස තරග කාලසටහන

  • පෙබරවාරි 1 – පළමු විස්සයි – විස්ස ක්‍රිකට් තරගය  – කේප්ටවුන් හිදී
  • පෙබරවාරි 3 – දෙවන එක්දින ක්‍රිකට් තරගය  – ජොහැන්නස්බර්ග් හිදී
  • පෙබරවාරි 6 – තෙවන එක්දින ක්‍රිකට් තරගය  – සෙන්චූරියන් හිදී

ICC කාන්තා එක්දින ක්‍රිකට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන එක්දින තරගාවලිය

  • පෙබරවාරි 9 – පුහුණු තරගය – පොචෙස්ට්‍රොම් හිදී
  • පෙබරවාරි11  – පළමු එක්දින ක්‍රිකට් තරගය – පොචෙස්ට්‍රොම් හිදී
  • පෙබරවාරි 14 – දෙවන එක්දින ක්‍රිකට් තරගය – පොචෙස්ට්‍රොම් හිදී
  • පෙබරවාරි 17 – තෙවන එක්දින ක්‍රිකට් තරගය  – පොචෙස්ට්‍රොම් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<