ලෝකයේ වටිනාම මෝටර් රථය රොනාල්ඩෝට

482

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් මෙතෙක් ලොව නිපදවා ඇති වටිනාම මෝටර් රථය මිල දී ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රසිද්ධ මෝටර් රථ නිශ්පාදක සමාගමක් වන බුගාටි සමාගම විසින් නිපදවන ලද Bugatti La Voiture Noire නමින් හැදින්වුණු මෙම මෝටර් රථය මිල දී ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය හෙලි කිරීම එම සමාගම ප්‍රතික්ෂේප කළ ද, Spanish Sports Daily පුවත්පත එම මෝටර් රථයේ හිමිකරුවා Juventus කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මේ පෘතුගීසි ජාතික පාපන්දු ශූරයා බව පසුගිය දා පලකර තිබුණි. මීට පෙර වාර්තාවල සඳහන් වූයේ එම මෝටර් රථය හිටපු Volkswagen අධ්‍යක්ෂකවරයෙකු වූ Ferdinand Piech විසින් මිල දී ගත් බවයි.

නේමාර් කට වරද්දා ගනී

බ්‍රසීලයේ සුපිරි පාපන්දු තරුවක් වන නේමාර් ද සිල්වා……….

Daily Mail වාර්තා කරන ආකාරයට රොනාල්ඩෝ විසින් මෙම රථය මිල දී ගෙන ඇත්තේ යුරෝ මිලියන 11 මුදලකටයි. එනම් පවුම් මිලියන 9.49ක වටිනාකමකට වීම විශේෂත්වයකි. (එනම් රුපියල් 2,169,422,809.88 වැනි මුදලකට) 2019 ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී බුගාටි සමාගම මෙම Bugatti La Voiture Noire රථය එළිදැක්විය.

පෘතුගාල ක්‍රීඩකයෙකු වන මෙම සුපිරි පාපන්දු තරුව විසින් මෙම වටිනාම මෝටර් රථය මිල දී ගත්ත ද ඔහුට මෙම මෝටර් රථය පැදවීමට නම් 2021 දක්වා සිටීමට සිදුවේ. ඒ තවමත් මෙම රථයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් වී නොමැති වීම නිසාවෙනි. එතෙක් මෙය Bugatti සමාගම සතුව ඇතැයි පැවසෙනවා.

1936 හා 1938 වසරවල දී Bugatti සමාගම නිපදවූ Bugatti Type 57 SC Atlantic මෝටර් රථයේ දියුණු ප්‍රතිනිර්මාණයක් ලෙස මෙම Bugatti La Voiture Noire රථය සැලකෙනවා. Type 57 SC Atlantic නිෂ්පාදන Bugatti සමාගමේ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ බව නොරහසක්.

FIFA විසින් 8 දෙනෙකුට එරෙහිව වාරණ

අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පසුගිය ……….

ක්‍රිස්ටියානෝ ‍රොනාල්ඩෝ මෝටර් රථ එකතු කරන්නෙක් ලෙස ප්‍රසිද්ධියක් උසුලන අතර ඔහු සතුව අනගි මෝටර් රථ එකතුවක් පවතින බව වාර්තා වේ. එහි වටිනාකම යුරෝ බිලියන ගණනක් වනු ඇත. රොනාල්ඩෝ සතුව ඇති Mercedes C Class Sport Coupe, Rolls-Royce Phantom, Ujn Ferrari 599 GTO, Lamborghini Aventador LP700-4, Aston Martin DB9, McLaren MP4 12C හා Bentley Continental GTC Speed යන මෝටර් රථ ඒ අතරින් වැඩිම වටිනාකමක් සහිත මෝටර් රථ ලෙස සැලකේ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<