රොනාල්ඩෝට තරග 5ක තහනමක්

922
Courtesy - cristianoronaldofan.net

පෘතුගාල ජාතික පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෑත මාස කිහිපයේදීම ඔහුගේ ප්‍රේක්ෂකයන් අතර වගේම ඔහුගේ වෛරක්කාරයන් අතරත් කතාබහට ලක්විය. එහෙත් ඒ ඔහුගේ දක්ෂතා ගැන නම් නොවේ.

ආදායම් බදු ගෙවීම පිළිබඳ චෝදනාවක් පසුගිය ජුනි මස අගදී ඔහුට එල්ලවූ අතර ඒ සම්බන්ධව ස්පාඤ්ඤ අධිකරණය හමුවේ පෙනීසිටින්නට ද ඔහුට සිදුවිනි. ඒත් ඊයේ බාසිලෝනා පාපන්දු කණ්ඩායමට එරෙහිව පැවති තරගයකදී ඔහුට සිදුවූ දෙයින් දිස්වුණේ ඔහුගේ අපල කාලය අවසන් නොවී ඇති බවයි.

ගෝලයක් වාර්තා කිරීමෙන් අනතුරුව විවිධ සැමරුම් ඉදිරිපත් කිරීම පාපන්දු ක්‍රීඩකයන්ගේ පුරුද්දක්. ඊට ජාත්‍යන්තරයේ සීමා පවතිනවා. ඊයේ පැවති තරගයේදී තම කණ්ඩායම වන රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් රොනාල්ඩෝ ගෝලයක් වාර්තා කළා. ඉන් පසුව ඇතිවූ උද්දාමයෙන් රොනාල්ඩෝ තම කමිසය ගලවමින් එය සැමරූ අතර ඊට කහ කාඩ්පතක් නියම කිරීමට විනිසුරු තීරණය කළේය.

තරගයේ තවත් අවස්ථාවක දඬුවම් පහරක් ලබා ගැනීමේ අරමුණින් බිම ඇද වැටුණු රෝනාල්ඩෝ හා එකඟ නොවූ විනිසුරු, ඔහුට දෙවැනි කහ කාඩ්පත සමඟින් රතු කාඩ්පත නියම කළේය. ඒත් සමඟ විනිසුරුට තල්ලුවක් දැමීමටත් රොනාල්ඩෝ පෙළඹුණි. විනිසුරු රිකාඩෝ ඩි බර්ගොස්  හට සිදු කළ එම ක්‍රියාව නිසාවෙන් රෝනාල්ඩෝට යුරෝ 3,005ක දඩයක් නියම කිරීමට ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනය තීරණය කළේය. එය ඇමරිකානු ඩොලර් වලින් නම් 3,543.20ක්.

රතු කාඩ්පතට එක් තරගයක් ද එයට විරෝධය දක්වමින් විනිසුරු තල්ලු කිරීම හේතුවෙන් ඔහුට තවත් තරග 4ක් සමඟින් තහනමු වූ මුළු තරග ගණන 5ක්.

කෙසේ වෙතත් තරගය අවසන් වුනේ රියාල් මැඩ්රිඩ් කණ්ඩායමට ගෝල 3-1ක ජයක් ලබාදෙමිනි. එහෙත් රෝනාල්ඩෝට යළිත් වරක් අත්වූයේ පරාජයයි.  

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට 

ලිපියේ සංස්කරණ (15 අගෝස්තු 2017 – 11.00 ප.ව)

  • ප්‍රථම සිරස්තලය  “අඩනිරුවත් වීම නිසා රොනාල්ඩෝට තරග 5ක තහනමක්?” වෙනස් කර ඇත. “රොනාල්ඩෝට තරග 5ක තහනමක්”
  • තරගයේ තවත් අවස්ථාවක දඬුවම් පහරක් ලබා ගැනීමේ අරමුණින් බිම ඇද වැටුණු රෝනාල්ඩෝ හා එකඟ නොවූ විනිසුරු, ඔහුට දෙවැනි කහ කාඩ්පත සමඟින් රතු කාඩ්පත නියම කළේය. ඒත් සමඟ විනිසුරුට තල්ලුවක් දැමීමටත් රොනාල්ඩෝ පෙළඹුණි.
  • රතු කාඩ්පතට එක් තරගයක් ද එයට විරෝධය දක්වමින් විනිසුරු තල්ලු කිරීම හේතුවෙන් ඔහුට තවත් තරග 4ක් සමඟින් තහනමු වූ මුළු තරග ගණන 5ක්.