ලෝක කුසලානයේ එංගලන්ත – නවසීලන්ත වතගොත 

252

වසර 44ක ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ කුසලාන ජයග්‍රහණය නොලද එංගලන්තය සහ නවසිලන්තය අතර 2019 ලෝක කුසලානයේ පැවති අවසන් තරගයෙන් තම කුළුදුල් කුසලාන ජයග්‍රහණය වාර්තා කිරීමට එංගලන්තය සමත් වුනා.

ඔවුනොවුන් ලෝක කුසලාන තරගාවලි 11ක දී විවිධ ලෙස හමු වූ අතර, මෙවර තරගාවලියේ අවසාන මහා තරගය දක්වා පැමිණි ඒ අතීත ගමන ගැන තැබෙන සටහනකි මේ. 

සුපිරි පන්දුවාරයෙන් ලෝක කුසලානය මහ රැජිනගේ දේශයට

ලන්ඩන් නුවර ‍ඵෙතිහාසික ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (14) නිමාවට පත් වූ 12….

පළමු තරගාවලිය (1975)

එංගලන්තය සහ නවසීලන්තය ලෝක කුසලාන තරග ඉතිහාසයේ පළමු වරට හමු වෙන්නේ 1975 ජුනි මස 11 වැනිදා. එංගලන්ත කණ්ඩායම මයික් ඩෙනිස් විසින් මෙහෙය වූ අතර නවසිලන්ත කණ්ඩායම මෙහෙය වූයේ ග්ලේන් ටර්නර්. කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කරමින් එංගලන්තය පන්දුවට පහර දීමට ආරාධනා කරනවා. 

දකුණත් පිතිකරු කීත් ෆ්ලෙචර්ගේ ශතකයකින් හැඩ වුන එංගලන්ත ඉනිම කඩුලු 6කට ලකුණු 266ක්. පිළිතුරු ලෙසින් නවසීලන්තයට ලබා ගත හැකි වෙන්නේ ලකුණු 186ක් පමණයි. ඒ අනුව ලකුණු 80ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එංගලන්තය සමත් වෙනවා. තරගයේ වීරයා වෙන්නේ කීත් ෆ්ලෙචර්.

එංගලන්ත පළමු නායක මයික් ඩෙනිසි්

එම තරගාවලියේ දී අවසන් පූර්ව වටය සඳහා නියෝජන කිරීමට එංගලන්තය සහ නවසීලන්ත කණ්ඩායම් දෙකම සමත් වෙනවා. ඔවුන් එම තරගාවලියේ A කාණ්ඩය නියෝජනය කළ අතර පළමු වටය නිමා වන විට එංගලන්තය අපරාජිතව පළමු ස්ථානයට ද, නවසීලන්තය එංගලන්තයට පරාජය වෙමින් දෙවැනි ස්ථානයට ද පත් වෙනවා.

එංගලන්තය ඕස්ට්‍රේලියාව සමඟ පළමු අවසන් පූර්ව වටය සහභාගී වෙන අතර එහි දී ඔවුන්ට කඩුලු 4ක පරාජයක් හිමි වෙනවා. දෙවැනි අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය බටහිර ඉන්දීය කොදෙව්වන් වෙතින් පරාජය වෙන්නේ කඩුලු 5කින්. 

එම තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අවසන් මහා තරගය සඳහා සහභාගී අතර ඉන් ලකුණු 17ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ සමත් වෙනවා. 

දෙවැනි තරගාවලිය (1979)

එංගලන්තය සහ නවසීලන්තය මෙම තරගාවලියේ දී හමුවෙන්නේ පළමු අවසන් පූර්ව තරගයේ දී ය. එංගලන්තය කණ්ඩායමට මයික් බ්‍රෙයර්ලි නායකත්වය දුන් අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙය වූයේ මාර්ක් බර්ගස්. එම තරගයේ දී කාසියේ වාසිය දිනා ගන්නා නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්තයට ආරාධනා කරනවා. ඒ අනුව ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 221ක් ලබා ගන්නා අතර නවසීලන්තයට ලබා ගත හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 212ක්. තරගයේ වීරයා වෙන්නේ එංගලන්තයේ ග්‍රැහැම් ගුච්. 

එම තරගය ජය ගත් එංගලන්තය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. ඒ මංගල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයන් වූ බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟින්. එම තරගයේ දී ලකුණු 92ක ජයග්‍රහණය ලබන කොදෙව්වෝ ලෝක කුසලාන දෙවැනි වතාවටත් තමන් සතු කර ගන්නවා.

බරත් නෑ, වැඩත් නෑ

1992 බෙන්සන් සහ හෙජස් ලෝක කුසලානයේ පාකිස්තානු කණ්ඩායමේ ….

තෙවැනි තරගාවලිය (1983) 

මෙම තරගාවලියේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතර තරගයයි. එංගලන්තයේ නායකත්වය බොබ් විල්ස් විසින් ද නවසීලන්තයේ නායකත්වය ජෙෆ් හොවාත් විසින් ද දැරුවා. 

එංගලන්තය කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 6කට ලකුණු 322ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් නවසීලන්තයට ලබා ගත හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 216ක් පමණයි. තරගයේ ප්‍රතිඵලය වූයේ එංගලන්තයට ලකුණු 106ක ජයග්‍රහණයක් ලෙසයි. තරගයේ වීරයා ලෙසින් ලකුණු 102ක් ලබා ගත් එංගලන්ත ක්‍රීඩක ඇලන් ලෑම්බ් නම් කෙරෙනවා. 

ලෝක කුසලානයක දී දෙරට ක්‍රීඩකයන් අතුරින් පළමු ශතකලාභියා ඇලන් ලෑම්බ්.

අනතුරුව තරගාවලියේ 13 වැනි තරගය ලෙසින් ද නැවත වතාවත් දෙරටේ ක්‍රීඩකයෝ හමුවෙනවා. දෙවැනි වතාවටත් කාසියේ වාසිය දිනා ගන්නා එංගලන්තය සියලුම දෙනා දැවී ලකුණු 234ක් ලබා ගන්නවා. ඊට පිළිතුරු ලෙසින් නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 238ක් ලබා ගන්නවා. ඒ තවත් පන්දුවක් පමණක් ඉතිරිව තිබෙද්දී. ලෝක කුසලාන තරගාවලියේ පළමු වරට නවසීලන්ත ක්‍රීඩකයෝ එංගලන්තයට එරෙහිව තරගයක් ජය ගන්නේ එයයි. කඩුලු 2ක ජයක් ලැබූ එම තරගයේ වීරයා වෙන්නේ නවසීලන්තයේ ජෙරමි කෝනි.

එම තරග නිමාවත් සමඟින් ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය තෙවැනි තැනට පත්වෙමින් නතර වෙන අතර එංගලන්තය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගන්නවා. එහි දී ඉන්දියාව හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීමට එංගලන්තයට සිදු වෙනවා. 

සිව්වැනි තරගාවලිය (1987)

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය එකිනෙකා හමු නොවූ පළමු තරගාවලිය වෙන්නේ මෙයයි. නවසිලන්තය A කාණ්ඩය යටතේ තරගාවලියට පිවිසෙන අතර එංගලන්තය B කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙනවා. නවසීලන්තය දෙවැනි වටයට සුදුසුකම් නොලබාම තරගාවලියෙන් ඉවත් වෙන අතර එංගලන්ත ඉන්දියාව සමඟ පැවති අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගන්නා. 

ඕස්ට්‍රේලියාව සමග පැවති එම තරගයෙන් එංගලන්තයට ලකුණු 7ක පරාජයක් හිමි වෙනවා. මෙම තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම මයික් ගැටින් මෙහෙයවන අතර නවසීලන්ත කණ්ඩායමේ නායකයා වූයේ ජෙෆ් ක්‍රෝ. 

පස්වැනි තරගාවලිය (1992) 

මෙම තරගාවලියේ එංගලන්තය සහ නවසීලන්තය හමුවෙන්නේ තරගාවලියේ 31 වැනි තරගයේ දී. එංගලන්ත කණ්ඩායම ඇලෙක්ස් ස්ටුවර්ට් විසින් මෙහෙයවූ අතර නවසීලන්තය මෙහෙයවීමේ වගකීම පැවරුණේ මාටින් ක්‍රෝට. 

කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි එංගලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 200ක් ලබා ගත්තා. නවසීලන්තය කඩුලු 3ක් දැවී  එම ඉලක්කය සපුරා ගනිමින් කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගත්තා. තරගයේ වීරයා වුනේ ඇන්ඩෘ ජෝන්ස්.

කණ්ඩායම් දෙකම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත් අතර නවසීලන්තය පාකිස්තානය වෙතින් කඩුලු 4ක පරාජයක් ලබමින් තරගාවලියේ එතෙක් ගමන අවසන් කරනවා. එංගලන්තය දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 19ක ජයග්‍රහණයක් ලබා ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා. අවසාන තරගයේ දී එංගලන්තයට පාකිස්තානය වෙතින් ලකුණු 22ක පරාජයක් හිමි වෙනවා. 

ක්‍රිකට් උපන්බිමට මෙවරවත් අවසන් පිම්ම පැනගත හැකි වේද?

විවියන් රිචර්ඩ්ස් සහ කොලිස් කිං එංගලන්ත ලෝක කුසලාන සිහින බොඳ…

හයවැනි තරගාවලිය (1996)

තරගාවලිය ආරම්භ වෙන්නේ එංගලන්තය සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරගයෙන්. එංගලන්තයේ නායක මයිකල් ඇතර්ටන් කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දෙන ලෙස නවසීලන්ත නායක ලී ජර්මන්ට ආරාධනා කරනවා. 

ඒ අනුව පිටියට පිවිසි නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 239ක් ලබා ගන්නේ නේතන් ඇස්ට්ලේගේ ශතකයක් ද සමඟින්. එංගලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 228ක් පමණයි. ඒ අනුව නවසීලන්තයට ලකුණු 11ක ජයග්‍රහණයක් හිමි වෙනවා. 

කණ්ඩායම් දෙකම B කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර නවසීලන්තය පළමු වටය නිමා කරන්නේ තරග 5කට මුහුණ දී ඉන් තරග 3ක් ජයග්‍රහණය කරමින් 2ක් පරාජය වෙමින් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන දිනා ගනිමින්. එංගලන්තයට හිමි වෙන්නේ සිව්වැනි තැන. ඔවුන් තරග 5කට මුහුණ දෙමින් තරග 2ක් ජයග්‍රහණය කළ අතර තරග 3ක් පරාජය වුනා. 

දෙවැනි වටයේ දී එංගලන්ත 1996 ලෝක කුසලාන ජයග්‍රාහී ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5කින් පරාජය වෙනවා. නවසීලන්තය දෙවැනි වටයේ දී ඕස්ට්‍රේලියාව හා සමග තරගයේ දී කඩුලු 6කින් පරාජය වෙමින් තරගාවලියේ එතෙක් ආ ගමන නතර කරනවා. 

හත්වැනි තරගාවලිය (1999) 

මෙවර තරගාවලියේ දී නවසීලන්තය B කාණ්ඩය නියෝජනය කරන අතර එංගලන්තය නියෝජනය කරන්නේ A කාණ්ඩයයි. 

එංගලන්තයට සිපිරි 6 කණ්ඩායම් වටයට පැමිණීම අහිමි වෙන්නේ සිම්බාබ්වේ එම ස්ථානය ගන්නා නිසා. නවසීලන්තය එම වටයට සුදුසුකම් ලබා ගන්නා අතර තරගාවලිය අවසන් වෙන විට ඔවුන් සිව්වැනි ස්ථානය දිනා ගන්නවා. නමුත් මෙවර තරගාවලියේ දී ද එංගලන්තය සහ නවසීලන්තය එකිනෙකා හමුවෙන්නේ නැහැ. 

පිට පිට තරගාවලි තුනකට නායකත්වය දුන් නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින්

එංගලන්ත කණ්ඩායම ඇලෙක්ස් ස්ටුවර්ට් මෙහෙයවූ අතර නවසීලන්ත කණ්ඩායම ස්ටීවන් ෆ්ලෙමින් විසින් මෙහෙයවූවා. 

අටවැනි තරගාවලිය (2003) 

මෙවර තරගාවලියේ දී ද එංගලන්තය A කාණ්ඩයෙන් ද නවසීලන්තය B කාණ්ඩයෙන් ද පිටියට පිවිසෙන්නේ නසාර් හුසේන් සහ ස්ටීවන් ෆ්ලෙමින්ගේ නායකත්වයන් යටතේ. නමුත් මෙවර තරගාවලියේ දී දෙරටේ ක්‍රීඩකයෝ එකිනෙකා හමුවෙන්නේ නැහැ. 

පිට පිට තරගාවලි තුනකට නායකත්වය දුන් නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින්

එවර ද නවසීලන්තය සුපිරි 6 වටයට සුදුසුකම් ලබා ගන්නා අතර ඔවුන්ට තරගාවලියේ හිමි වෙන්නේ 5 වැනි ස්ථානයයි. එංගලන්තය පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවතට යනවා. 

නවවැනි තරගාවලිය (2007) 

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වසර 11කට පසුව දෙරටේ ක්‍රීඩකයන් එකිනෙකා හමුවෙන්නේ මෙම තරගාවලියේ 6 වැනි තරගයේ දී ය. එංගලන්ත කණ්ඩායම මයිකල් වැගන් මෙහෙයවූ අතර නවසීලන්ත කණ්ඩායම ස්ටීවන් ෆ්ලෙමින් විසින් මෙහෙයවනවා. ෆ්ලෙමින් මෙම තරගාවලියත් සමඟින් පිට පිටි ලෝක කුසලාන තරගාවලි තුනකට නායකත්වය ලබා දෙනවා. 

මෙවර තරගාවලිය ප්‍රථම වතාවට කාණ්ඩ 4ක් යටතේ තරග වදින අතර එංගලන්තය සහ නවසීලන්තය C කාණ්ඩයෙන් පිටියට පිවිසෙනවා. 

දෙරට අතර පැවති තරගයේ දී නවසීලන්තයේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට එංගලන්තය පිටියට පිවිසෙමින් කඩුලු 7ක් දැවී ලකුණු 209ක් ලබා ගන්නවා. නවසීලන්තය තවත් පන්දු වාර 9ක් ම ඉතිරිව තිබිය දී කඩුලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කරනවා. ඒ අනුව නවසීලන්තයට කඩුලු 6ක ජයග්‍රහණයක් හිමි වෙනවා.

තරගාවලියේ සුපිරි 8 වටයට කණ්ඩායම් දෙකම නම් සුදුසුකම් ලබා ගන්නා අතර එහි දී නවසීලන්තය තෙවැනි ස්ථානයත් එංගලන්තය 5 වැනි ස්ථානයටත් පත් වෙනවා. 

දහවැනි තරගාවලිය (2011) 

මෙවර තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම ඇන්ඩෘ ස්ට්‍රාවුස් මෙහෙයවන අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවන්නේ ඩැනියෙල් විටෝරි. 

තරගාවලිය සඳහා දෙරටේ ක්‍රීඩකයෝ කාණ්ඩ දෙකක් යටතේ සහභාගී වූ අතර එහි දී නවසීලන්තය A කාණ්ඩයෙන් සිව්වැනි තැනත් එංගලන්තය B කාණ්ඩයෙන් දෙවැනි තැනත් ගන්නවා. තරගාවලිය නිමා වෙන්නේ දෙරටේ ක්‍රීඩකයෝ එකිනෙකා නැවත වතාවක් හමුනොවෙමිනි. 

එකොළොස් වැනි තරගාවලිය (2015) 

මෙවර තරගාවලියේ A කාණ්ඩය යටතේ එංගලන්තය සහ නවසීලන්තය එකිනෙකා හමුවෙන අතර එංගලන්ත කණ්ඩායම ඔයින් මෝර්ගන් විසින් ද නවසීලන්ත කණ්ඩායම බ්‍රෙන්ඩන් මැකලම් විසින් ද මෙහෙයවනවා. තරගාවලියේ 9 වැනි තරගයේ දී දෙරටේ ක්‍රීඩකයෝ එකිනෙකා හමුවෙන අතර එහි දී කඩුලු 8ක පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට නවසීලන්තය සමත් වෙනවා. 

කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමට පිවිසෙමින් ලබා ගත් ලකුණු 123 පන්දුවාර 12කුත් පන්දු දෙකක දී ලබා ගැනීමට නවසීලන්ත ක්‍රීඩකයෝ සමත් වෙනවා. එම තරගයේ දී නවසීලන්තයේ දකුණතින් වේගපන්දු යැවූ ටීම් සවුති ලකුණු 33කට එංගලන්ත ක්‍රීඩකයෝ 7 දෙනෙක් දවා ගන්නවා. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කරනවා. 

එම තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායම තම කාණ්ඩයේ 5 වැනි තැන ලබා වේලාසනින්ම ගෙදර යන අතර නවසිලන්තය එම කාණ්ඩයේ පළමු තැන ලබා අවසන් මහා තරගයට සහභාගී වෙමින් අනුශූරයන් වෙනවා. 

ඉන් අනතුරුවයි 2019 වසරේ 12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වුණේ.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<