අරවින්ද සහ හරීන් කළින්ම අත් ඔසවති

1095

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස වත්මන් කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් තුළ ඇඳී තිබෙන චිත්‍රය එතරම් හොඳ එකක් නොවන බව පවසන සුපිරි පිතිකරු අරවින්ද ද සිල්වා මහතා එම සිතුවිල්ල වහා වෙනස් කොට ලෝක කුසලාන තරගාවලියේ සාර්ථකත්වය වෙනුවෙන් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් සමඟ අත්වැල් බැඳ ගත යුතු බව අවධාරණය කර සිටියි.

සිදත්.. ඔව් ඔහු ශ්‍රේෂ්ඨතමයෙක්…

ලෝඩ්ස් පිටියේ දීර්ඝතම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කිරීමේ වාර්තාව උසුලන්නේ ශ්‍රී ලාංකිකයෙකු විසින් යැයි මා කිවහොත් ඔබ මවිතයට පත් වනු ඇත. ඒ වාර්තාව 1984 වර්ෂයේ…

එළඹෙන මැයි මස 30 වැනිදා සිට එංගලන්තය සහ වේල්සයේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට සුභාසිංෂණ එක් කිරීමේ වැඩසටහනක් කොකා කෝලා ආයතනය විසින් සංවිධානය කර තිබෙන අතර එම වැඩසටහන් මාලාව පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ (09 දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් අරවින්ද ද සිල්වා මහතා ඉහත අදහස් පළ කර සිටියේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වා සිටි අරවින්ද ද සිල්වා මහතා එදිනෙදා වැඩකටයුතු වලදී මුණ ගැසෙන සියලුදෙනා කතා කරන්නේ හිත සතුටකින් නොවන බවයි. “මම නිතරම රටින් පිටට යන කෙනෙක්. ඒ යන එන හැම අවස්ථාවේදිම ආගමන විගමන කටයුතු සඳහා මම මගේ පාස් පෝර්ට් එක දෙන හැම වෙලාවෙම ඔවුන් මට කියන්නේ ඔයාලාගේ කාලේ වගේ නොවෙයි දැන් නම් ක්‍රිකට් බලන්න හිත දෙන්නෙම නෑ කියලයි. ඔවුන්ට අවශ්‍ය එක දෙයක්. ඒ ලංකාවේ ක්‍රිකට් ලෝකෙ වැජඹෙන එක” යැයි 1996 ලෝක කුසලාන අවසන් මහ සටනේ වීරයා සඳහන් කර සිටියේය.

Photos: Cricket with Coke – Press conference

“නමුත් ඒක තනිකරම වැරදි අදහසක්. මොකද අපිත් ඒ කාලේ තරග පරාජයට පත් වුණා. ඒ විත්තිය ඔවුන් මතකයේ තබා ගත යුතුයි. ඒ ලබපු පරාජයන් වලින් තමයි අපි ජයග්‍රහණය කරන්න ශක්තිමත් වුණේ. විශේෂයෙන්ම පරාජයට පත් වුණු තරගවලදී අපි කරපු අතපසු වීම් බලලා ඒවයින් දෙයක් ඉගෙන ගත්තා. ටිකක් නොවෙයි ගොඩක් දේවල්. අන්න ඒ දේවල් තමයි අපිව ලෝක කුසලානය දිනන තැනට පාර කැපුවේ. ඒක නිසා මම කියන දෙයක් තමයි, අතපසුවීම් වලින් ඔබ දෙයක් ඉගෙන ගත යුතුයි. එහෙම වුණොත් ඔබට යන්න ඕන හරි තැනට යන්න මඟ පාදනවා” යැයි අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

“ජීවිතය ජය ගන්න අසාර්ථක වීම් ප්‍රයෝජනවත් වෙනවා කියන එක අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා. එතැනදි අපි හඳුනාගත යුත්තේ අපිට හරියටම වැරදුණේ කොතැනද කියන එක. ඉන් පස්සෙ ඒ දේ නොවෙන්න වග බලා ගත යුතුයි” යැයි අරවින්ද වැඩිදුරටත් පැවැසීය.

IPL වලින් අහිමි වූ මුදල සොයා ස්ටාක් නඩු මඟට

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයෙකු වන මිචෙල් ස්ටාක් සිය රක්ෂණකරුට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට තීරණය කර තිබේ. ඒ පසුගිය වසරේ…

අවසන් වසර කීපය ඇතුළත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ලබා තිබෙන දැඩි පසුබෑම සම්බන්ධව සමාජ මාධ්‍යයන්හි දැඩි විවේචන එල්ල වීම මේ දිනවල සුලභ සිදුවීමක් බවට පත්ව තිබේ. මේ සම්බන්ධව බොහෝ දෙනා විවිධ මත පළ කර සිටින අතර, ඒ සම්බන්ධව රූපවාහිනිය ඉදිරියේ ක්‍රීඩකයින් ප්‍රතිචාර දැක්වීමද බොහෝ දෙනාගේ දැඩි විවේචනයට බඳුන් වුණු සුලභ සිදුවීම් බවට පත්විය.

මේ සම්බන්ධවද අදහස් දක්වා සිටි සුපිරි පිතිකරුවා පැවසුවේ “කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝ විට මා මුණ ගැහෙනවා. එතැනදි මම ඔවුන්ට කියන්නේ එකම දෙයයි. ඒ සම්පූර්ණයෙන්ම සමාජ මාධ්‍ය වලින් ඉවත් වීම මෙන්ම විවේචනයන් සියල්ල සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න කියන එක. මේ තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන පහසුම විදිහ ඒකම තමයි. මේ අවස්ථාවේදී ඔවුන් දක්ෂතා අතින් මෙන්ම මානසිකවත් වැටිලා ඉන්නේ. අන්න ඒ නිසයි අපි ඔවුන් සමඟ සිටිය යුතුයි කියලා මම මුලිනුත් කිව්වේ. මෙය ඔබ විතරක් නොවෙයි, මේ රට පුරා විසිරී සිටින මිලියන 22 ක ජනතාව අතරටත් ඒ පණිවිඩය රැගෙන යා යුතුයි. අන්න එහෙම වුණොත් මේ ලෝක කුසලානයේ දී පෙරළියක් කරන්න අපේ ක්‍රීඩකයින්ට අවස්ථාව තියෙනවා” යනුවෙනි.

ශේන් වොන්ගේ ඕස්ට්‍රේලියා සංචිතයෙන් දක්ෂයින් කිහිප දෙනෙක් හැලේ

හිටපු සුපිරි ඕස්ට්‍රේලියානු දඟපන්දු යවන්නෙකු වන ශේන් වොන් 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට සුදුසු වන ඕස්ට්‍රේලියා සංචිතයක් ප්‍රකාශ…

මේ අතර මෙම සුවිශේෂී අවස්ථාවට ප්‍රධාන ආරාධිතයකු ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාද සහභාගී වී සිටි අතර ඔහු ද තම අදහස් දක්වමින් පවසා සිටියේ දක්ෂතා දැක්වීමට නොහැකිව ලෝකයා හමුවේ සමච්චලයට ලක්ව සිටින සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකා පිල ලෝක කුසලාන තරගාවලියේ අවසානයට ගිය පරිදිම මෙම තරගාවලියේදී ද ක්‍රීඩකයින් උපරිම දක්ෂතා අතරට පැමිණෙනු ඇති බව තමා විශ්වාස කරන බවයි.  

“අපි ලෝක සිතියමේ තැනකට ආවේ ක්‍රිකට් නිසා. ඒ 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කිරීමත් සමඟ. ඊට පස්සෙත් අපි ලෝක කුසලාන තරගාවලිවලදී හොඳට ක්‍රීඩා කරලා තියෙනවා. අවස්ථා 2 කදී අනුශූරතාවට පත්වීම වගේම 2014 විස්සයි-20 ලෝක කුසලානෙත් අපි දිනලා තියෙනවා” යැයි පවසන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා, “අපි අන්ඩර්ඩෝග් ල (දුර්වලම යැයි හඳුන්වනු ලබන ඉංග්‍රීසි යෙදුමකි) විදියට පහළට දාලා තියෙන හැම වෙලාවකම අපි හොඳට කරලා තියෙනවා. විශේෂයෙන්ම ශ්‍රේණිගත කිරීම්වලදී ලෝකෙ හැමෝම අපිව සමච්චලයට ලක් කරලා හිනා වෙද්දී තමයි අපි කණ්ඩායමක් විදියට හොඳටම කරලා තියෙන්නේ. ඒ වගේ මේ පාරත් අපිට හොඳට කරයි කියලා විශ්වාසය මට තියෙනවා” යැයි හරීන් ක්‍රීඩා අමාත්‍යවරයා පැවැසීය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ ඉදිරි වසර 5 ක කාල සීමාවේදී නිල පානය ලෙසින් අත්වැල් බැඳගෙන සිටින කොකා කෝලා ආයතනය, 2019 ලෝක කුසලාන තරගාවලිය නැරඹීමේ අවස්ථාවක් ‘From Cap to Cup’ නමින් ක්‍රීඩා ලෝලීන්ට උදාකර දීමට කටයුතු යොදා තිබේ. ජයග්‍රාහකයින් 30 දෙනෙකුට ඒ සඳහා අවස්ථාව පවතින අතර කළ යුත්තේ කොකා කෝලා, ස්ප්‍රයිට් හෝ ෆැන්ටා බෝතල් හි විශේෂිත මූඩිය (කහ පැහැති) යට ඇති කෝක් සංකේත අංකය 2343 ට එස්.එම්.එස්. කිරීම පමණි. ඊට අමතරව කුසපත් ඇදීමේ තරගයක්ද පැවැත්වෙන අතර ඒ හරහා ජයග්‍රාහකයින් 600 දෙනෙකුට ස්මාර්ට් ජංගම දුරකථන ලබාදීමටද කොකා කෝලා ආයතනය බලාපොරොත්තු වන අතර එම වැඩසටහන මෙම අප්‍රේල් 01 වැනිදා සිට ජුනි 01 වැනිදා දක්වා ක්‍රියාත්මක වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<