2024 ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් එයි?

362
cricket will be added to Olympic Games

2024 වසරේදි පැවැත්වීමි නියමිත ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමට කටයුතු කරන බව ඉතාලිය සඳහන් කරයි. ඒ අනුව 2024 ඔලිම්පික් උළෙලේ සත්කාරකත්වය ලබා ගැනීමට තම රටේ ලංසු තැබීම ජයගත හොත් එම තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන බවයි ඉතාලිය පවසයන්නේ.

ඉතාලියේ රෝමය, පැරීසිය, ලොස්ඇන්ජලීස් හා බුඩාපේස්ට් යන නගර 2024 වසරේ ඔලිම්පික් සත්කාරකත්වය ලබාගැනීමට තරග වදිමින් සිටියි. 2024 වසරේ ඔලිම්පික් තරගාවලියට ක්‍රීඩා පහක් ඇතුළත් කිරීමට නියමිතය. ඒ අනුව එයින් එක් ක්‍රීඩාවක් ලෙස ක්‍රිකට් තෝරා ගැනීමට නියමිතය.

පැරිස් නගරයට සත්කාරකත්වය ලැබුණහෝත් ඔවුන්ද තරගාවලියට ක්‍රිකට්  එක් කිරිමේ සූදානමින් පසුවෙයි.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට