උපුල් චන්දන, චමින්ද වාස් පාපන්දුවෙන් වැඩ පෙන්නයි

409

ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පාපන්දු සමාජය හා ආදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින් අතර පැවැත්වූ පාපන්දු තරගය, ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට ක්‍රිකට් ප්‍රවීණයෝ ඊයේ (15) සමත් විය. මෙම තරගය මාරිස් ස්ටෙල්ලා විදුහල් පිටියේ දී පැවැත්විය.

ජයග්‍රහණය කොළඹ පාපන්දු සමාජය, සහ මාතර සිටි කණ්ඩායම්වලට

2017 වසර සඳහා වන ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 6 වන තරග…

දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන උපුල් චන්දන විසින් ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම මෙහෙය වූ අතර, ආදී මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම ජනක ද ලැම්බර්ට් විසින් මෙහෙයවනු ලැබීය. මීට අමතරව ක්‍රිකට් ප්‍රවීණයන්ගේ කණ්ඩායම තුල චමින්ද වාස්, රවීන්ද්‍ර පුෂ්පකුමාර, ජීවන් කුලතුංග, ෆර්වීස් මහරුෆ්, සජීව් වීරකෝන් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා කළහ.

තරගය ආරම්භ වී දෙවන මිනිත්තුව ගතවෙද්දී  මහරුෆ් හා නායක චන්දන දෙදෙනා එක්ව තරගයේ පළමු ගෝලය ක්‍රිකට් ප්‍රවීණයන් වෙනුවෙන් රැස්කළ අතර, ඒ අනුව ඔවුන් ගෝල 1-0ක් ලෙස මිනිත්තු 25 වන තෙක් පෙරමුණේ පසු විය. තරගයේ 25 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ආදී මාරිස් ස්ටෙල්ලා කණ්ඩායමේ රමල්ඩ් ප්‍රනාන්දු විසින් ගෝලයක් ලබා ගත්තේ ගෝල 1-1ක් ලෙස තරගය සම මට්ටමකට ගෙන එමිනි.

පළමු අර්ධය: ආදී මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම 1-1 ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පාපන්දු සමාජය

තරගයේ දෙවන අර්ධය ආරම්භ වී මිනිත්තු 10ක් ගතවෙද්දී චන්දන හා වීරකෝන් යන දෙපළ විසින් තවත් ගෝල දෙකක් ලබා ගත්තේය. ඒ නිසා ගෝල 2ක වාසියක් ලබා ගැනීමට ඔවුන්ට හැකි විය.

අවසන් මිනිත්තු කිහිපය තුල ක්‍රිකට් ප්‍රවීණයන්ගේ ප්‍රතිවාදීන් වූ  ආදී මාරිස් ස්ටෙල්ලාවන් හොඳින් ක්‍රීඩා කළත් ඔවුන්ට ගෝලයක් ලබා ගැනීමට නොහැකි විය.

කෙසේ නමුත් තරගයේ 75 වන මිනිත්තුවේ දී ගෝලයක් ලබාගෙන ගෝල 3-2ක් ලෙස තරගය තියුණු තැනකට ගෙන ඒමට ආදී මාරිස් ස්ටෙල්ලා ක්‍රීඩකයින්ට හැකිවුවත් ඒ වන විට තරගය අවසන් මිනිත්තු කිහිපයට පැමිණ තිබුණි.

අවසන් ලකුණු තත්වය: ආදී මාරිස් ස්ටෙල්ලා කණ්ඩායම 2-3 ක්‍රිකට් ප්‍රවීණයන්ගේ පාපන්දු සමාජය

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<