ක්‍රිකට් ක්‍රීඩාවත් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට

319
Cricket for 2019 SAG
Image Courtesy- wordpress.com

2019 වසරේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නව ක්‍රීඩා ද්විත්වයක් ඇතුලත් කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුව තීරණය කර තිබේ.

පසුගිය සෙනසුරාදා (21) නේපාලයේ කත්මන්ඩු නුවර පැවති දකුණු ආසියානු ඔලිම්පික් කමිටු රැස්වීමේ දී ගත් මෙම තීරණයත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාව හා පැරග්ලයිඩින් ක්‍රීඩාව මීළඟ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ඇතුලත් කිරීමට කටයුතු කර ඇත.

ධනුෂ්ක ගුණතිලකට අන්තර්ජාතික තරග තහනමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ‘ක්‍රීඩක චර්යාධර්ම පද්ධතිය’ කඩ කිරීමේ සිද්ධියක් පිළිබඳ…

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සහ ලේකම් ජෙනරාල් මැක්ස්වෙල් ද සිල්වා මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම රැස්වීමට සහභාගී විය.

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුලත් කළ දෙවැනි අවස්ථාව මෙය වන අතර මීට ප්‍රථමයෙන් 2010 වසරේ බංගලාදේශයේ ඩකා නුවර පැවති ක්‍රීඩා උළෙලේ දී වයස අවුරුදු 21න් පහළ ක්‍රිකට් තරගාවලියක් පැවැත්විය. නමුත් 2014 වසරේ ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලින් නැවත ක්‍රිකට් ක්‍රීඩාව ඉවත් කරනු ලැබීය.

පැරග්ලයිඩින් නම් ක්‍රීඩාව ත්‍රාසජනක ක්‍රීඩා ගණයට ඇතුලත් ක්‍රීඩාවක් වන අතර මෙය එය ක්‍රීඩාවක් ලෙස ක්‍රීඩා උළෙලකට ඇතුලත් කරනු ලැබූ ප්‍රථම අවස්ථාව ද විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<