පාසල් පිටියේ තවත් තුරුම්පු දෙකක් CR&FC ඩැහැගනියි

783

නිමා වූ පාසල් ලීග් රග්බි තරගාවලියේ දක්ෂතා දැක්වූ තවත් දක්ෂ ක්‍රීඩකයන් දෙදෙනෙකු 2018/19 අන්තර් සමාජ ලීග් තරග වාරයේ දී CR&FC කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර තිබේ.

තුලෙයිබ්ගේ කහ කාඩ්පත කුසලාන සිහිනය බොඳ කරයි

හොංකොං නුවර කිංග්ස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 20න්..

පසුගිය පාසල් තරග වාරයේ වැඩිම උත්සාහක දිනුම් ලාභියා වූ සාන්ත ජෝසප් විද්‍යාලයේ ගැමුණු චේතිය ප්‍රථම ක්‍රීඩකයා වේ. ඔහු වයස අවුරුදු 18න් පහළ යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායමේ නායකත්වය ද දරා ඇති අතර නිමා වූ ආසියානු වයස අවුරුදු 20න් පහළ තරගාවලිය ද නියෝජනය කිරීම ද කැපී පෙනුණි. වේගය හා අවබෝධය තුලින් ඕනෑම ස්ථානයක ක්‍රීඩා කළ හැකි වීම ද ගැමුණුගේ විශේෂත්වයකි.

ගිවිසුම් තැබූ දෙවන ක්‍රීඩකයා වන්නේ ජනිදු ඩිල්ෂාන් ය. මෙවර පාසල් ලීගය අපරාජිතව ජයග්‍රහණය කළ කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන තුරුම්පුව වූ ජනිදු ඩිල්ෂාන් නිමා වූ ආසියානු යොවුන් තරගාවලියේ ද විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි. තවමත් වයස අවුරුදු 19ක් වන තරමක් උස ක්‍රීඩකයෙකු වූ ජනිදුත් වේගය හා පන්දු පාලනය අතින් විශේෂ දස්කම් දැක්වූ ක්‍රීඩකයෙකි.         

දක්ෂ “සෙන්ටර්” ක්‍රීඩකයෙකු වන ජනිදු හා “වින්ග්” ක්‍රීඩකයෙකු වන ගැමුණු පිළිබඳ කණ්ඩායමේ පුහුණුකරු නිල්ෆර් ඊබ්‍රහිම් මහතා මෙසේ අදහස් දැක්විය.

“පාසල් තරග වාරයේ දී වැඩි දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයන් දෙදෙනෙකු නිසාම පාසල් පිටියට වගේම CR&FC ක්‍රීඩා සමාජය වෙනුවෙනුත් ඔවුන් සාධාරණයක් කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.”

ආසියානු තරගාවලියට යන සංචිතයේ නායකයා “මුතූ”

18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය..

CR&FC ක්‍රීඩා සමාජය ගැන පැවසීමේ දී මෙවර ක්‍රීඩක හුවමාරු අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස පෙන්වා දිය හැකි අතර මේ වන විට ප්‍රබල පාසල් හා අන්තර් සමාජ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් සංචිතයක් CR ක්‍රීඩා සමාජය සතුවීම ද විශේෂත්වයකි.

නොවැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත අන්තර් සමාජ රග්බි තරගාවලිය ජනිදු හා ගැමුණුගේ මංගල ක්‍රීඩා සමාජ අත්දැකීම නිසා ඉතා තියුණු තරගාවලියක් දැක බලා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට උරුම වනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<