නායකයින්ගේ තරගයේ ජය CR & FC කණ්ඩායමට

547

CR & FC කණ්ඩායම සහ CH & FC කණ්ඩායම අතර පැවැත්වෙන සාම්ප්‍රදායික නායකයින්ගේ තරගය ඊයේ (18) CR & FC ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි ජයග්‍රහණය ලකුණු 27-14ක් ලෙස හිමිකර ගන්නට CR & FC කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකාව 3 වන ස්ථානයට

ඊයේ (15) සවස කොළඹ ජාත්‍යන්තර තුරඟ තරග ක්‍රීඩාංගණයේ දී අවසන් වූ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ 3 වන අදියරේ 3 වන ස්ථානය සඳහා පැවති තරගයේ දී දකුණු කොරියානු කණ්ඩායම…

දුර්වල තරග වාර දෙකකින් අනතුරුව ලී කීගල්, සත්‍ය රණතුංග සහ හෙන්රි ටෙරන්ස් වැනි දක්‍ෂ ක්‍රීඩකයින්ගේ සේවය හමුවේ කොළඹ හොකී සහ පාපන්දු සංගමය (CH & FC) මේ වන විට නැවතත් තරගකාරී කණ්ඩායමක් බවට පත්වෙමින් සිටී.

තරගයේ ලකුණු ලබා ගැනීම ආරම්භ කරනු ලැබුවේ CH & FC කණ්ඩායමේ සැමුවෙල් මදුවන්ත විසිනි. සාන්ත අන්තෝනි විද්‍යාලය නියෝජනය කරනු ලැබූ ක්‍රීඩකයෙක් වන ඔහු මීටර 25ක දුර සිට එල්ල කරනු ලැබූ දඬුවම් පහර සාර්ථක කර ගැනීමට සමත් විය. (00-03)

පසුගිය දා අවසන් වූ ආසියානු සත් සාමාජික තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලැබූ CR & FC කණ්ඩායමේ උපනායක තරින්ද රත්වත්තේ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් නැවතත් තරගයේ ලකුණු තත්වය සම කිරීමට සමත් වුවද ඉන් අනතුරුව CH & FC කණ්ඩායමට තවත් දඬුවම් පහරක් පිරිනමන ලදි. එම දඬුවම් පහර අවස්ථාව ද සාර්ථක කර ගැනීමට සැමුවෙල් මදුවන්ත සමත් වූ අතර ඒ අනුව නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට CH & FC කණ්ඩායම සමත් විය.

CR & FC කණ්ඩායම මෙම තරගයේ දී රග්බි තරග වාරය ආරම්භ වීමට පෙර සිය නවක ක්‍රීඩකයින් පරීක්‍ෂා කිරීම සඳහා ඔවුන්ට වැඩි අවස්ථාවක් ලබාදෙන ලදි.

අනතුරුව තරගයේ 30වන මිනිත්තුවේ දී CR & FC කණ්ඩායම තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කර ගැනීමට සමත් විය. ‘Scrum’ අවස්ථාවකින් පන්දුව ලබාගත් ඔමල්ක ගුණරත්න පන්දුව සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යාමට සමත් විය. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට රත්වත්තේ සමත් වූයේ නැත.

ඉන් අනතුරුව තරගය නැවතත් ආරම්භ වීමෙන් පසුව තරගයේ දෙවන උත්සාහක දිනුම ද වාර්තා කර ගැනීමට CR & FC කණ්ඩායම සමත් විය. එවර එම උත්සාහක දිනුම වාර්තා කර ගනු ලැබුවේ කෝකිල සමන්දපෙරුම විසිනි. කෙසේ නමුත් එහි දී ලැබුණු ප්‍රවර්තන අවස්තාව ද සාර්ථක වූයේ නැත.

‘Dialog’ රග්බි ලීග් තරගාවලිය නොවැම්බර් මස 03 වන දින ආරම්භ වේ. වැඩි විස්තර සඳහා

පළමු අර්ධය: CR & FC 13 – 06 CH & FC  

CH & FC කණ්ඩායම තුළ අනුරාධ හේරත්, ලී කීගල් සහ චූල සුසන්ත වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිටියත් ඔවුන් උත්සාහක දිනුමක් වාර්තා කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය කර ගැනීමට අපොහොසත් විය.

නමුත් දඬුවම් පහර අවස්ථාවක් සාර්ථක කරගත් මදුවන්ත CH & FC කණ්ඩායමේ ලකුණු තත්වය ලකුණු 9ක් දක්වා ඉහළ නැංවීමට සමත් විය.

අනතුරුව CH & FC ක්‍රීඩකයින් ඔවුන්ගේ කලාපයේ උත්සාහක දිනුම් කලාපයට ආසන්න මීටර 5 සීමාව තුළ සිදුකරනු ලැබූ නීති කඩකිරීම වෙනුවෙන් තරග තීරකවරයා CH & FC කණ්ඩායමට දඬුවම් පහර උත්සාහක දිනුමක් ප්‍රදානය කරන ලදි. (20-06)

පසුව CH & FC කණ්ඩායමට උත්සාහක දිනුම් කලාපයට මීටර 5ක පමණ දුරක් ඉතිරිව තිබියදී දඬුවම් පහර අවස්ථාවක් ලැබුණු අතර එහි දී පන්දුව ලබාගත් සත්‍ය රණතුංග එය සාර්ථකව උත්සාහක දිනුම් කලාපය වෙත රැගෙන යමින් සිය කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කරගන්නට සමත් විය. කෙසේ නමුත් එහිදී ලැබුණු ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කරගන්නට ඔහු සමත් වූයේ නැත.

අනතුරුව CR & FC කණ්ඩායමේ රීසා රෆායදීන් පන්දුව රැගෙන යමින් එය තිසල කරුණාතිලක වෙත බාරකළ අතර ඔහු උත්සාහක දිනුමක් වාර්තා කරගනිමින් CR & FC කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට සමත් විය.

සම්පූර්ණ කාලය: CR & FC 27 – 14 CH & FC  

“මේක හොඳ ජයග්‍රහණයක්. නව තරග වාරය ආරම්භ වෙන්න කලින් අපේ අලුත් ක්‍රීඩකයින්ට හොඳ තරගයක් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. මම හිතනවා අපිට අපේ වැරදි හදාගෙන ලීග් තරගාවලියේ දී හොඳින් ක්‍රීඩා කරන්න ලැබෙයි කියලා.”

ජයග්‍රාහී CR & FC කණ්ඩායමේ නායක කවිඳු පෙරේරා අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.

“තරගයේ ප්‍රතිඵලය නෙමෙයි වැදගත්. තරගයේ දී ක්‍රීඩකයින් ක්‍රීඩා කරපු විදිහ. ඔවුන් හොඳ සබඳතාවයකින් යුතුව ක්‍රීඩා කළා. කණ්ඩායම තවමත් අලුත්. නමුත් මම හිතනවා ඒකෙන් අපිට හොඳ ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් වෙයි කියලා.”

CH & FC කණ්ඩායමේ පුහුණුකරු ටවිතා ටුලගීස් ලාගා ප්‍රකාශ කළේය.

CR & FC කණ්ඩායම තරගය හොඳින් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර අනෙක් පසින් CH & FC කණ්ඩායම ද හොඳින් දස්කම් දැක්වූ අතර ඔවුන් මෙම තරගයේ දී සිදුවූ අඩුපාඩු ‘Dialog’ රග්බි ලීග් තරගාවලියට පෙර නිවැරදි කරගැනීමට කටයුතු කරනු ඇති බව නොඅනුමානය.

තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට