උසාවි නියෝගයකින් විදෙස් ක්‍රීඩකයින්ට තහනමක්

649

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අත්හිටුවමින් ශ්‍රී ලංකා රග්බි ආයතනය වෙත අද (23) උසාවි නියෝගයක් නිකුත් කෙරුණි.

පසුගිය වසරේ ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ අවසන් ස්ථාන හතරට පත්වූ කණ්ඩායම් හතර සඳහා පමණක් මේ වසරේ දී විදෙස් ක්‍රීඩකයින් යොදා ගැනීමට ශ්‍රී ලංකා රග්බි ආයතනය අවසර ලබා දුන් අතර ඒ තීරණය අභියෝගයට ලක් කරමින් CH&FC කණ්ඩායම නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු විය.   

විරෝධය නොතකා විදෙස් ක්‍රීඩකයින් මෙරටට

ශ්‍රී ලංකා රග්බි ආයතනයේ අභිනව සභාපති ලසිත ගුණරත්න මහතාගේ පොරොන්දුවකට අනුව ශ්‍රී ලංකා දේශීය රග්බි පිටිය තවත් තරගකාරී කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා රග්බි ආයතනය එළඹෙන…

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවන සති අන්තය ආරම්භ වීමට පැය අටකටත් අඩු කාලයක් ඉතිරිව තිබිය දී මෙම තහනම් නියෝගය පැනවූ අතර ඒ අනුව පසුගිය වසරේ අවසන් ස්ථාන හතරට පත් වූ කණ්ඩායම් දැඩි අර්බුදයකට පත්වනු ඇත.

එමොසි වුනිවෝසා පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉහළ දස්කම් දක්වන්නට සමත් විය.

තරගාවලිය ආරම්භයට පෙර අවසන් කණ්ඩායම් හතර සඳහා එක් කණ්ඩායමකට එක් තරගයක් සඳහා එක් විදෙස් ක්‍රීඩකයෙකු බැගින් යොදා ගැනීමට අවසර ලබා දී තිබුණි.

ෆීජි ක්‍රීඩකයෙක් පොලිස් ක්‍රීඩා සමාජය සමඟ එක්වෙයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය ආරම්භයට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී නැගී එන ෆීජී ක්‍රීඩක Emosi Vunivosa පොලිස් ක්‍රීඩා සමාජය සමඟින් එක්වී තිබේ.

“උසාවි නියෝගයට අනුව, විදෙස් ක්‍රීඩකයින් ඩයලොග් රග්බි ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම නවත්වන්නට සිදුවෙනවා, එය උසාවි නියෝගයක් නිසා අපි එයට ගරු කරනවා.” යැයි උද්ගත වී ඇති තත්වය පිළිබඳ ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපතිතුමා පැවසීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරන ලද නියෝගයට අනුව 2018-19 ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලිය සඳහා කිසිදු විදේශ ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරවීම තහනම් වන අතර මේ තහනම ඩයලොග් ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගාවලිය ඇතුළු සියලු තරගාවලි සඳහා වලංගු වනු ඇත.

ThePapare.com වෙත අදහස් දක්වමින් CH&FC කණ්ඩායමේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියේ ඇතැම් කණ්ඩායම්වලට පමණක් විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීමේ ඇති අසාධාරණ බව නිසා තමන් නීතිමය ක්‍රියා මාර්ගවලට එළඹුණු බවයි.   

“අපි උසාවිය වෙත අපගේ ඉල්ලීම යොමු කළේ එම නීතිය නිසා අවසන් කණ්ඩායම් හතරට අසාධාරණ ලෙස වාසියක් සිදුවන නිසයිThePapare.com වෙත අදහස් දැක්වූ ඔහු පැවසීය.

ධනුෂ්ක රන්ජන් උත්සාහක දිනුම් ත්‍රිත්වයකින් පොලිසියට සංග්‍රහ කරයි

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන සති අන්තයේ තවත් තරගයක් අද (18) මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී, වත්මන් ශූර මහනුවර ක්‍රීඩා සමාජය හා පොලිස්…

කෙසේ වෙතත් දෙසැම්බර් 14 වැනිදා වනතුරු ශ්‍රී ලංකා රග්බි ආයතනයට හා එම තීරණයෙන් බලපෑම් සිදුවන සියලු පාර්ශවයන්ට උසාවිය හමුවේ එම තීරණයට විරුද්ධ අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

ඒ අනුව පොලිස් ක්‍රීඩා සමාජයට, යුධ හමුදා ක්‍රීඩා සමාජයට, CR&FC කණ්ඩායමට හා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට තමන් සතු විදෙස් ක්‍රීඩකයින් ක්‍රීඩා කරවීම අත්හිටුවන්නට සිදුවනු ඇත.

යුධ හමුදා හා ගුවන් හමුදා යන කණ්ඩායම් දෙකටම කොන්ත්‍රාත්තු ගත විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් සිටින අතර අනෙක් කණ්ඩායම්  දෙකට එක් ක්‍රීඩකයෙකු බැගින් ඇතුලත්ව තිබේ.

මෙම කණ්ඩායම් හතර සදහා ක්‍රීඩකයින් පස් දෙනෙක් මෙවර ඩයලොග් අන්තර් සමාජ ලීග් තරගාවලියේ ක්‍රීඩා කර තිබේ. Emosi Vunivosa – පොලිස් ක්‍රීඩා සමාජය, Raduva Kausoo – ගුවන් හමුදා ක්‍රීඩා සමාජය, Joseph Fuimaona – CR&FC, Sovesta Ualuvu හා Rura Boila – යුධ හමුදා ක්‍රීඩා සමාජය වෙනුවෙනුත් මෙවර තරගාවලියේ ගත වූ සති අන්ත දෙකේ දී ක්‍රීඩා කරන ලදි.

මෙම ක්‍රීඩකයින් අතරින් Emosi Vunivosa පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ඉතා හොඳින් ක්‍රීඩා කරන ලද අතර තරගයේ වීරයා ලෙස දෙවතාවක් ඔහු නම් කෙරුණි. මෙම තීරණය නිසා තෙවන සති අන්තය සඳහා සියලු කණ්ඩායම්වල පුහුණුකරුවන්ට සිය සැලසුම් වෙනස් කිරීමට සිදුවනු ඇත.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<