තරග පාවා දීම නවත්තන්න වැටුප් වැඩි වීමක්?

132

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ආයතන ප්‍රධානී පසුගිය අඟහරුවාදා බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තුල පවතින මුදල් අර්බුද පිළිබඳව ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණා. ඔහු පවසා සිටියේ බංග්ලාදේශය තුල මුදලට තරග පාවාදීම බංග්ලාදේශයේ බහුලව පවතින බවයි. මෙම ප්‍රකාශයත් සමඟින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තුල දැඩි අර්බුදයක් නිර්මාණය වී තිබේ. 

රෝහිත්ගේ ද්විත්ව ශතකය නිසා දකුණු අප්‍රිකාවට තවත් ඉනිමක පරාජයක්!

තම සත්කාරකත්වය යටතේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ…

හිටපු බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය සභාපති සබර් හුසේන් චෞද්‍රි, එංගලන්තයේ අධ්‍යාපනය හැදෑරූ නීතිඥයෙකු වන අතර වර්තමාන බංග්ලාදේශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ද වේ. ඔහු මෙම බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පිළිබඳව පවසා සිටියේ තරග පාවාදීම බංග්ලාදේශයේ ප්‍රාදේශීය මට්ටම දක්වා පැතිර පවතින බවයි. 

තම ට්වීටර් ගිණුමේ නිල ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසා සිටියා. 

” බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තමයි ලෝකයේ තරග පාවා දීම ප්‍රවර්ධනය කරන එකම රට.”

තමන්ට මෙම අර්බුදය පිළිබඳව අවස්ථා කිහිපයකම වැටහුණ බවත් ඔහු පවසා සිටියා. බංග්ලාදේශ ක්‍රිකට් අර්බුදය පිළිබඳව බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන්ද පසුගිය දා පවසා සිටියා. ඒ පසුගිය සඳුදායි. බංග්ලාදේශයේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙකු හොඳ වැටුපක් ලබාගැනීම සඳහා ක්‍රිකට් වර්ජනයකට යොමුව ඇති බව දැනුම්දීම සඳහා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර දීය. 

එම වර්ජනය නිසා ඉන්දීය බංග්ලාදේශය තරගාවලිය ද අවදානමකට ලක්ව ඇත. 

ඔත්තු බැලීම ඔට්ටු ද? එංගලන්ත පුහුණුකරුගෙන් සැර ප්‍රකාශ කිහිපයක්

මෙවර Webb Ellis ලෝක කුසලානයේ සැබෑ උරුමකරුවා සොයා යන ගමන් මඟේ තීරණාත්මක…

“අපි හැමෝම දන්නවා අපේ පළමු, දෙවන හා තෙවැනි පෙළ ක්‍රිකට්වල පවතින අර්බුද ගැන. අපි තරගයක් පටන් ගන්න කලින් දන්නවා කවුද දිනන්නේ කවුද පරදින්නේ කියලා. අපේ මේ විරෝධය දක්වන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයට, ඔවුන් අපේ ක්‍රිකට් දියුණු කිරීම සඳහා දක්වන උනන්දුව වැඩි කරගන්න. දේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුකරුවන්ගේ උපදේශයන් අවශ්‍යයි. අපි ඉල්ලා සිටින්නේ 50%ක වැටුප් වැඩිවීමක් පළමු පෙළ ක්‍රීඩකයන්ට. 

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත්තුව වැඩි කිරීමට. ඒ වගේම දේශීය තරගවල ගාස්තු වැඩි කිරීමට, ක්‍රිකට් නිලධාරීන්ට සහායක නිලධාරීන්ට ගෙවන ගාස්තු වැඩි කිරීමට. බංග්ලාදේශයේ ක්‍රිකට්වල මේ දූෂණ ළඟ දී ආව කරුණු නෙමෙයි. 2014 දී බංග්ලාදේශය ප්‍රිමියර් ලීග් තරගාවලිය සම්පූර්ණයෙන් අවලංගු කළා. ඒක තහනම් කළා මේ තරග පාවා දීම නිසා. ඒ වගේම 2017 දී අපේ පාලකයන් විසින් පන්දු ‍යවන්නෙකුට වසර 10ක් තරග තහනමක් පැනවූවා ඔහු එක් තරගයක දී වයිඩ් පන්දු හා නිපන්දුව වලින් ලකුණු 92ක් ලබා දීම නිසා. ඔහුගේ කණ්ඩායම විරෝධයක් දක්වා තිබුණා ඒක විනිසුරුවන්ගේ අඩුපාඩුවක් නිසා කියලා. “

එමෙන්ම ඩකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන අදියරේ තරගයක් සැක සහිත බව වාර්තා වූ අතර පන්දු ‍යවන්නෙකු වයිඩ් පන්දු 13ක් හා නිපන්දු 3ක් යවා තිබුණි. ඔහු ඒ පන්දු වලින් ලකුණු 80ක් ද ලබාදී තිබුණි. 

කෙසේ වෙතත් මෙම අර්බුදය පිළිබඳව එරට ක්‍රිකට් බලධාරීන් තවමත් ප්‍රතිචාර දක්වා නැත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<