මත භේදාත්මක සුපිරි පන්දුවාරයේ නීති කිහිපයක් වෙනස් වෙයි

91

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) විධායක කමිටු රැස්වීම ඊයේ (14) ඩුබායි නුවර දී පැවැත්වුණු අතර එහි දී 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී මත භේදයකට ලක්වූ සුපිරි පන්දුවාරය සඳහා නව නීති කිහිපයක් ගෙන ඒමට තීරණය කර ඇත.

ගුරුකුලේ රිසිත, බණ්ඩාරනායකවරුන් අමාරුවේ දමයි

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය ……

ඊට අමතරව ක්‍රිකට් පිටියේ තවත් ප්‍රධාන කරුණු කාරනා කිහිපයක් පිළිබඳව එහි දී අවධානයට ලක් කර තිබේ.

ICC විධායක කමිටුවේ නිර්දේශයකින් පසුව, ප්‍රධාන විධායක කමිටුව එකඟ වූයේ ICC ඉසව්වල ලකුණු සම වූ විට ප්‍රතිඵල තීරණය කිරීමේ ක්‍රමයක් ලෙස සුපිරි පන්දුවාරය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි. එය ක්‍රිකට් ක්‍රීඩාව වෙත ප්‍රේක්ෂකයින් ආකර්ෂණීය කරගැනීමට හැකි හොඳ අවස්ථාවක් ලෙස සැලකීම ද සුපිරි පන්දුවාරය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට එක් හේතුවක් වේ.

ඒ අනුව විස්සයි විස්ස සහ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක මූලික වටයේ තරගවල දී සුපිරි පන්දුවාරය ද ලකුණු සමවීමකින් අවසන් වුවහොත් එම තරග ලකුණු සම වීමෙන් අවසන් වූ තරග ලෙස ජය පරාජයකින් තොරව නිමා කරයි.

කෙසේ නමුත්  අවසන් පූර්ව තරග සහ අවසන් තරගයේ දී (පිළිමළුන් පිටුදැකීමේ තරග වටවල දී) සුපිරි පන්දුවාරයක් සම වී අවසන් වුවහොත් එක් කණ්ඩායමක් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබා ගන්නා තෙක් සුපිරි පන්දුවාර යළි යළිත් ක්‍රියාත්මක කිරීමට ICCය තීරණය කර තිබේ. 

මීට පෙර සුපිරි පන්දුවාරයක් සම වීමේ දී සිදු කෙරුණේ කණ්ඩායම් දෙක ලබා ගත් හතරේ පහර සංඛ්‍යාව අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමයි.

ICCයට සුපිරි පන්දුවාරයේ නීති කිහිපයක් වෙනස් කිරීමට හේතු වූ ආසන්තම සිදුවීම වූයේ නිමා වූ 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දී ද සුපිරි පන්දුවාරයේ ලකුණු සමවීමක් සිදුවීමයි. එහි දී එම තරගයේ වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කළ කණ්ඩායම බවට එංගලන්තය පත්වීම හේතුවෙන් ලෝක ශූරයින් බවට ඔවුන් තේරී පත් විය. 

නව කාන්තා T20 තරගාවලියකට ICCයෙන් අනුමැතිය

ඊයේ (15) පැවැත්වුණු ICC විධායක කමිටු රැස්වීමෙන් අනතුරුව …….

2023-2031 ICC ඉදිරි ප්‍රධාන වැඩසටහන්, 

  • 2023 වසරේ සිට ඇරඹෙන අට වසරක ක්‍රිකට් චක්‍රයට පිරිමි ඉසව් 8ක්, කාන්තා ඉසව් 8ක්, වයස අවුරුදු 19න් පහළ පිරිමි ඉසව් හතරක් සහ වයස අවුරුදු 19න් පහළ කාන්තා ඉසව් හතරක් ඇතුළත් වන බව මණ්ඩලය තීරණය කළේය.
  • ඉදිරියට පැමිණෙන ICC ඉසව් සඳහා සත්කාරකත්වය සැපයීමට කැමති සියලුම සාමාජිකයින්ගේ අදහස් ප්‍රකාශ කිරීමට ICC කාන්තා සහ වයස අවුරුදු 19න් පහළ ඉසව් සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලිය 2020 මුලදී ආරම්භ වේ.

A හා B කාණ්ඩයේ අභියෝගතා ලීගයන්,

2020 වසරේ පැවැත්වෙන ICC අභියෝගතා ලීගයේ A හා B කාණ්ඩයේ තරග පිළිවෙළින් මලයාසියාවේ හා උගන්ඩාවේ පැවැත්වීමට තීරණය කර තිබේ.

  • අභියෝගතා ලීගය A – 2020 මාර්තු 14 – 27 – මලයාසියාවේ දී
  • අභියෝගතා ලීගය B – 2020 ජූලි 27 – අගෝස්තු 9 – උගන්ඩාවේ  දී

ICC සාමාජිකයින්ගේ තතු,

2020 සඳහා ICC ආශ්‍රිත (Associate) සාමාජිකයින් සඳහා ඩොලර් මිලියන 30.5ක අරමුදල් වෙන් කිරීමක් සිදු කිරීමට ICC විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. 2019 වසර හා සසඳා බලන විට එම මුදල් ප්‍රමාණය 12%ක පමණ අගයකින් වැඩි වී තිබේ.

පාකිස්තානෙට නොගිය අයත් ඕස්ට්‍රේලියා යන සංචිතයට

මේ මස 27 වැනිදා ආරම්භ වන ඕස්ට්‍රේලියානු …..

පරිපාලන කටයුතු,

2020 සිට 2022 දක්වා වසර දෙකක කාලයක් සඳහා ICC ස්වාධීන අධ්‍යක්ෂවරිය ලෙස ඉන්ද්‍රා නූයි මහත්මියව ඒකමතිකව පත් කර තිබේ.

ICCයේ අනාගත පරිපාලන ව්‍යුහය සලකා බැලීම සඳහා පාලන ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට මණ්ඩලය අනුමත කළේය. මෙම කණ්ඩායමේ මුලසුන හොබවන්නේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අර්ල් එඩින්ග්ස් වන අතර ග්‍රෙග් බාර්ක්ලේ (නවසීලන්ත ක්‍රිකට් මණ්ඩලය), ටෝනි බ්‍රයන් (ස්කොට්ලන්ත ක්‍රිකට් මණ්ඩලය ), එහ්සාන් මනි (පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය), ක්‍රිස් නෙන්සානි (දකුණු අප්‍රිකානු ක්‍රිකට් මණ්ඩලය) සහ රිකී ස්කර්රිට් (බටහිර ඉන්දීය කොදෙව් මණ්ඩලය) එම ක්‍රියාකාරී කණ්ඩායමේ සාමාජිකයින් වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<