SAG සහය දිවීමේ සුදුසුකම් ලැබීමේ තරගවලට බාලගිරි

72

මේ වසරේ දෙසැම්බර් හි නේපාලයේ කත්මණ්ඩු නුවර දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන සහය දිවීමේ කණ්ඩායම් තෝරාගනු ලබන අවසන් සුදුසුකම් ලබා ගැනීමේ සැසිය අද (20) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් එය නොවැම්බර් 26 දක්වා කල් දමා ඇති බව වාර්තා වේ. 

මෙම තරගාවලියට සහභාගී වන සහ තේරීම් ලැයිස්තුවේ ඉහළින් පසුවන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සුදුසුකම් ලබා ගැනීමේ තරග සඳහා සහභාගී වීම අනිවාර්ය කර තිබුණි.

SAG යන යෞවනයින්ට සාමාන්‍ය පෙළ ගැටලුවක් නොවේ!

ලබන දෙසැම්බර් මස 1 සිට 10 වැනිදා දක්වා නේපාලයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා…

කෙසේ වෙතත්, තෝරාගත් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා යෝග්‍යතා පරීක්‍ෂණයක් ද සමඟින් මෙම පුහුණු සැසිය නොවැම්බර් 26 වැනිදා පැවැත්වීමට සංවිධායකයින් තීරණය කර ඇත. එසේම එදිනම සහය දිවීම් කණ්ඩායමේ ආරම්භක, මැද සහ අවසන් කරන ක්‍රීඩකයින් ද නම් කරනු ඇති.

මෙසේ යෝග්‍යතා පරීක්ෂණ පවත්වන්නේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නේපාලය දී තරග වැදීමේ දී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවය උපරිම මට්ටමේ තබා ගැනීම අරමුණු කරගනිමිනි. 

SAG ලැයිස්තුවට තවත් නමක් එකතු වෙයි

දෙසැම්බර් මාසයේ නේපාලයේ දී පැවැත්වීමට නියමිත 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන…

නේපාලයේ ශීත දේශගුණ තත්වයන් තුල පුහුණුවීම් කටයුතු සිදු කිරීම සඳහා දිගු දුර ඉසව්වලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය දියතලාව පුහුණු කඳවුරේ දී පැවැත්වීමට නියමිතයි.

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතය නොවැම්බර් 28 වැනිදා නේපාලය බලා පිටත්ව යනු ඇත.

මෙවර SAG තරගාවලියේ සියලුම පුවත්, ඡායාරූප, වීඩියේ සහ තවත් දෑ සඳහා රැඳී සිටින්න www.thepapare.com/sag2019 Hub එක සමඟින්. 

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<