අකරතැබ්බයක් සමඟින්ම ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම ඉන්දියාවට

166

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාව ඉන්දියාවේ කතක් හිදී පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (16) ඉන්දියාවට ළඟා වී තිබුණි.

පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

“21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවය” මෙවර පැවැත්වෙන්නේ ඉන්දියාවේ කතක් හිදී ය….

තරගාවලියේ සමාරම්භක උත්සවය හා පළමු වටයේ තරග අද (17) ආරම්භ වූ අතර එළඹෙන ජූලි 22 දක්වා තරගාවලිය පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් ඊයේ ඉන්දියාවට ළඟා වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරමක අමිහිරි අත්දැකීමකට ද මුහුණ දීමට සිදු වී තිබුණි. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා ඉෂාරා මධුරංගිගේ හා චමත්සරා ප්‍රනාන්දුගේ ගමන් මළු අස්ථානගත වීමක් හේතුවෙන්. කෙසේ වෙතත් ඉන්දීය මේසපන්දු සම්මේලනයේ මැදිහත් වීමෙන් ඔවුන්ගේ ගමන් මළු නැවත ඔවුන්ට සොයා දී තිබුණි.

ගමන් මළු අස්ථානගත වීම හේතුවෙන් එම ක්‍රීඩිකාවන් දෙදෙනාට පුහුණුවීම් සඳහා සහභාගී වීමට නොහැකිව තිබුණු අතර තරගාවලියේ සංවිධායක මඩුල්ල හා සාකච්ඡාවකින් අනතුරුව ඊයේ පස්වරු 5.30 හේ පමණ සිට ඔවුන්ට විශේෂ පුහුණුවීම් සැසියක් සඳහා අවස්ථාව හිමි කර දී තිබුණි. 

තරගාවලියේ පිරිමි කාණ්ඩ සැලැස්ම පහත පරිදි වේ.

  • A කාණ්ඩය – එංගලන්තය, ශ්‍රී ලංකාව, සයිප්‍රසය
  • B කාණ්ඩය – ඉන්දියාව, සිංගප්පූරුව, ස්කොට්ලන්තය
  • C කාණ්ඩය – නයිජීරියාව, මැලේසියාව, බංග්ලාදේශය
  • D කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, වේල්සය 

කාන්තා කාණ්ඩ සැලැස්ම මෙසේය. 

  • A කාණ්ඩය – සිංගප්පූරුව, වේල්සය, ස්කොට්ලන්තය
  • B කාණ්ඩය – ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකාව
  • C කාණ්ඩය – ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සයිප්‍රසය
  • D කාණ්ඩය – නයිජීරියාව, එංගලන්තය, බංග්ලාදේශය 

තරගාවලියේ කණ්ඩායම් අංශයේ තරගාවලිය පැවැත්වෙන්නේ මෙලෙසිනි. 

පළමු අදියර ක්‍රියාත්මක වන්නේ ලීග් ආකාරයටයි. එක් එක් කාණ්ඩයේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක දෙවන අදියරට සුදුසුකම් ලබනු ඇත. 

දෙවන අදියරේ දී නැවත වතාවක් E හා F ලෙස කණ්ඩායම් අට කාණ්ඩ දෙකකට බෙදන අතර කණ්ඩායම් අට නැවත වතාවක් ලීග් ආකාරයට තරග වදිනු ඇත. E හා F කාණ්ඩවල පළමු ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් දෙක බැගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන අතර අනෙක් කණ්ඩායම් තරගාවලියේ පස්වැනි ස්ථානයේ සිට පහළ ස්ථාන දිනා ගැනීමට තරග වදිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අද කාලසටහන දැක්වුණේ මෙලෙසයි. 

කාන්තා – 

  • ඉන්දියාව හා ශ්‍රී ලංකාව 
  • දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව

පිරිමි  –

  • එංගලන්තය හා ශ්‍රී ලංකාව
  • සයිප්‍රස්  හා ශ්‍රී ලංකාව

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<