කාන්තා පිරිමි කණ්ඩායම් දෙකම සුපිරි අට වටයට

104

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාව ඊයේ (17) ඉන්දියාවේ කතක් හිදී ආරම්භ වූ අතර පළමු දිනයේ දී ශ්‍රී ලංකා කාන්තා හා පිරිමි කණ්ඩායම් දෙකම දක්ෂතා අතරට පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.

අකරතැබ්බයක් සමඟින්ම ශ්‍රී ලංකා මේසපන්දු කණ්ඩායම ඉන්දියාවට

21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේසපන්දු ශූරතාව ඉන්දියාවේ කතක් හිදී…..

තරගාවලියේ තරගාරම්භයට පෙර 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවයේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ ඔඩිෂා හි ආණ්ඩුකාර මහාචාර්ය ගනේෂ් ලාල්ගේ ප්‍රධානත්වයෙන්. තරගාවලිය පැවැත්වෙන්නේ කතක් හි ජවහල්ලාල් නේරු ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව

පළමුවෙන් තරග බිමට පිවිසුණ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වටයේ පළමු තරගයේ දී ඉන්දියානු කණ්ඩායම හමුවේ තරග 3-0ක් ලෙස පරාජය විය. එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග කළ ක්‍රීඩිකාවන් තිදෙනාම සිය තරග පරාජය වීම විශේෂත්වයක්.

බට්‍රා මානිකා හමුවේ 11/05ක්, 11/ 04ක් හා 11/ 05ක් ලෙස ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා බිමන්දී බණ්ඩාර පරාජය වූ අතර කමත් අර්චනා හමුවේ ශ්‍රී ලංකා නායිකාව වූ ඉෂාරා මධුරංගි ලකුණු 1/05ක්, 11/ 04ක් හා 11/ 05ක් ලෙස පරාජය විය.

අවසන් තරගකාරිය ලෙස තරග කළ චමත්සරා ප්‍රනාන්දු 11/03ක්, 11/05ක්, 08/ 11ක් හා 11/04ක් ලෙස ඉන්දියානු ක්‍රීඩිකා මුකර්ජි අයිහිකා හමුවේ පරාජය විය.


ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම විසින් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම තරග 3-0ක් ලෙස පරාජය කරන්නට සමත් විය. නායිකා ඉෂාර මධුරංගි ලකුණු 11/08ක්, 15/13ක්, 11/09ක් ලෙස දකුණු අප්‍රිකාවේ Mookrey Simeen පරාජය කළ අතර බිමන්දී බණ්ඩාර ලකුණු 13/11ක්, 09/11ක්, 11/02ක් සහ 11/06ක් ලෙස Patel Danisha පරාජය කරන ලදි. චමත්සරා ප්‍රනාන්දු, Mtshoelibe Palesa ලකුණු 11/09ක්, 12/10ක් සහ 11/08ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජය තහවුරු කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ද දැඩි උත්සහයකින් පසුව සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගත්තේ කාන්තා කණ්ඩායමට දෙවැනි නොවෙමින්.


ශ්‍රී ලංකාව හා එංගලන්තය

පිරිමි කණ්ඩායමට පළමු වටයේ සිය පළමු තරගයේ දී එංගලන්තය හමුවේ පරාජය වන්නට සිදු විය. ඒ තරග 3-0ක් ලෙසයි.

මැක්බත් ඩේවිඩ් හමුවේ ශ්‍රී ලංකා නායක රොහාන් සිරිසේන පරාජය ලැබුවේ ලකුණු 11/05ක්, 11/09ක් සහ 11/03ක් ලෙසයි. වෝකර් සැමුවෙල්, ක්‍රිෂාන් වික්‍රමරත්න ලකුණු 11/09ක්, 11/07ක්, 11/06ක් ලෙස පරාජය කළ අතර බී. එන්. බී. ජයසිංහ ලකුණු 11/02ක්, 11/08ක්, 11/06ක් ලෙස ජර්විස් තෝමස් හමුවේ පරාජය ලබන ලදි. 

පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

“21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය මේස පන්දු ශූරතාවය” මෙවර පැවැත්වෙන්නේ….


ශ්‍රී ලංකාව හා සයිප්‍රසය

පළමු තරගය පරාජය වුනත් දෙවන තරගයේ දී සුපිරි දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම තරග 3-2ක් ලෙස සයිප්‍රසය පරාජය කරන්නට සමත් විය.

රොහාන් සිරිසේන සිය පළමු තරගයේ දී සයිප්‍රස් ක්‍රීඩක Yingou Yiangos, ලකුණු 09/11ක්, 12/10ක්, 11/08ක්, 13/15ක් සහ 11/05ක් ලෙස පරාජය කරන්නට සමත් විය. දෙවන තරගයේ දී Yiango Marios, ක්‍රිෂාන් වික්‍රමරත්න ලකුණු 09/11ක්, 11/04ක්, 02/11ක් සහ 09/11ක් ලෙස පරාජය කළේ තරගයේ උණුසුම තවත් ඉහළ දමමින්. තෙවැනි තරගයේ දී නිර්මල ජයසිංහ Eliya Losif පරාජය කළේ ලකුණු 11/07ක්, 17/15ක්, 04/11ක්, 11/07ක් ලෙසයි. 

සිය දෙවන තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නායක රොහාන් සිරිසේන Yiangou Marios හමුවේ ලකුණු 11/13ක්, 03/11ක්, 05/11ක් ලෙස පරාජය වූයේ අවසන් තරගය ඉතා තීරණාත්මක තරගයක් බවට පත් කරමින්.

කෙසේ වෙතත් කණ්ඩායමේ වගකීම කරට ගත් ක්‍රිෂාන් වික්‍රමරත්න, Yiangou  Yiangos ලකුණු 14/16ක්, 11/07ක්, 11/08ක්, 11/06ක් ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකාව සුපිරි අටට රැගෙන යන්නට සමත් විය.

සුපිරි 8 වටයේ කාණ්ඩ සැලැස්ම මෙසේය.

කාන්තා අංශය

  • A කාණ්ඩය – සිංගප්පූරුව, එංගලන්තය, ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව
  • B කාණ්ඩය – ඉන්දියාව, මැලේසියාව, වේල්ස්, නයිජීරියාව

පිරිමි අංශය

  • A කාණ්ඩය – එංගලන්තය, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, නයිජීරියාව
  • B කාණ්ඩය – ඉන්දියාව, මැලේසියාව, ශ්‍රී ලංකාව, වේල්සය

තරගාවලියේ සුපිරි අට වටයේ තරග අද පැවැත්වීමට නියමිත අතර තරගාවලිය පිළිබඳ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com  සමඟ.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<