හිරුණි එකොළොස්වැනියා ලෙස තරගය නිමා කරයි

149

ශ්‍රී ලාංකීය මැරතන් ධාවන ක්‍රීඩිකා හිරුණි විජේරත්න අද (15) පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මැරතන් ඉසව්වට සහභාගී වූ අතර අද නිමා වීමට නියමිත මෙවර ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉසව්වකට සහභාගී වන අවසන් ක්‍රීඩිකාව වන ඇය 11 වන ස්ථානයට තරගය අවසන් කිරීමට සමත් විය.

4×100 ධාවන ශූරයෝ ඉතිහාසය නැවත ලියති

ශ්‍රී ලංකා පිරිමි 4×100 සහාය දිවීමේ කණ්ඩායම අද (14) දින පැවති විසිඑක්වන පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 4×100 සහය දිවීමේ ඉසව්ව…

රන් පදක්කම දිනා ගත් නැමීබියාවේ හෙලලියා ජෝහැනේස්ට වඩා මිනිත්තු 16.58ක් පසුපසින් හිඳිමින් 2:49.38ක කාලයක් වාර්තා කරමින් හිරුණි තරගය අවසන් කළ අතර රිදී හා ලෝකඩ පදක්කම් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් වන ලීසා වයිට්මන් හා ජෙසිකා ටෙන්ග්‍රෝව් විසින් දිනා ගන්නා ලදි. ගෝල්ඩ් කෝස්ට් නගරයේ සෙල්සියස් අංශක 30කට අධික උණුසුම හා 75%ක් වූ ආර්ද්‍රතාව මැරතන් ධාවන ක්‍රීඩිකාවන්ට දැඩි බාධා එල්ල කළේය. තරගය ආරම්භයේ ප්‍රධාන පොකුරේ ධාවනයේ නිරත වූ හිරුණි කිලෝමීටර 15 සීමාවේ සිට පසුබෑමට පත්වූ අතර 13 වැනි ස්ථානය දක්වා පසුපසට පැමිණීමට සිදු වුනත්, තරගය අවසාන භාගයේ නැවතත් ඉදිරියට පැමිණෙමින් 11 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.

සිය පෞද්ගලික දක්ෂතාවය අලුත් කරමින් නව ජාතික වාර්තාවක් පිහිටුවීමේ දැඩි අරමුණින් ධාවනයේ යෙදුණු හිරුණි තරගයෙන් පසුව සමාජ මධ්‍ය ඔස්සේ සංවේදී පණිවුඩයක් සටහන් කර තිබුණි.

සම්පත් රණසිංහ හෙල්ල අරන් අවසන් සටනට

ඕස්ට්‍රේලියාවේ ගොල්ඩ් කොස්ට් නුවර කේන්ද්‍ර කරගනිමින් මේ දිනවල පැවැත්වෙන 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව…

“මැරතන් තරග බොහොම අමාරුයි, ඒ කිලෝමීටර 42ක දුර නිසා නොවේ, ආරම්භයේ සිට අවසානය දක්වාම එක සේ හොඳින් කිරීම අපහසුයි, ඔබ හොඳින් පුහුණු වීම් කරොත් ඔබට හොඳින් මැරතන් තරගයට තරග වැදිය හැකියි යැයි කවුරුහරි කියනවා නම් ඔහු මෝඩ වෙනවා, මැරතන් තරගය ඔබට කිසිදෙයක් දෙන්නේ නැහැ, තරගය අවසන් කරනවා නම් මැරතන් තරගය ඔබෙන් සියලු දේ ගන්නවා, අද මගේ හොඳම දවස නෙවේ, නමුත් මම මගේ උපරිමය කළා, 15 වැනි සැතපුමේ සිට මං දැන ගත්තා මගේ ශක්තිය නැති වෙනවා කියල, 17 වැනි සැතපුම් කණුවේ දී මං දැන ගත්තා මගේ ශක්තිය නැති වෙලා කියල, 18 වැනි සැතපුමේ සිට 26 වැනි සැතපුම දක්වා තමයි මගේ ජීවිතේ අමාරුම පැය ගෙවුනේ, මම තනිවෙලා, මගේ කකුල් වෙව්ලනවා, මට බෝතල් 3ක්ම අතපසු වුනා, උෂ්ණත්වය අංශක 90ට වැඩියි, මගේ කකුල් ධාවනයේ නොදෙවෙන විට මම මගේ හදවතින් දිව්වා, දෑසින් කඳුළු හැලෙද්දී මම මටම පොරොන්දු වුනා මම තරගය අවසන් කරනවාමයි කියල, තරගය අවසන් කරන්න බඩගාන්න වුනත්. ඉතින් මම තරගය අවසන් කරා, 2:49, ආසියානු මහද්වීපයේ එකම තරග අවසන් කළ එකම තැනැත්තා, මම නැවත එනවා, ශක්තිමත්ව, නුවනැතිව, ජයග්‍රහණය කුසගින්නෙන්. මට උපකාර කළ සියලු දෙනාට ස්තුතියි.”

ඇමරිකාවේ ජීවත්වන හිරුණි එහි දී පුහුණුවීම් හා තරගාවලිවලට සහභාගී වන අතර පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය තෙක් ඇය සුපිරි දස්කම් පෙන්වනු ලැබිය. ටෙක්සාස් හී පැවති හූස්ටන් මැරතන් තරගාවලියේ දී 2:38.35ක කාලයක් වාර්තා කරමින් ජාතික වාර්තාව බිඳ දැමූ ඇය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට සුදුසුකම් හිමි කර ගන්නා ලදි.

නිමාලි හා ගයන්තිකාට අවසන් තරගයේ ස්ථානය අහිමි වේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ධාවන තරගයේ තෝරා ගැනීමේ වටයන් අද (12) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හී කරාරා…

ඇමරිකාවේ ඇරිසෝනා හී පැවැත්වුණු Mesa- PHX අර්ධ මැරතන් තරගයට සහභාගී වූ හිරුණි 1:14.07 කාලයක් වාර්තා කරමින් නැවතත් සිය ජාතික වාර්තාව අලුත් කරමින් තරගය ජය ගැනීමට සමත් විය.    

මෙම තරගාවලිය තෙක් විශිෂ්ට දස්කම් පෙන්වූ හිරුණි හට පදක්කමක් හිමි නොවීම අවාසනාවට කරුණකි. නමුත් පරාජය ධනාත්මක ලෙස භාරගෙන ඉදිරිය සඳහා ඇයගේ ඇති අධිෂ්ඨානය අගය කළ යුතුමය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් හිරුණි තරගය අවසන් කිරීමත් සමගම ශ්‍රී ලංකාවේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ චාරිකාව අවසන් වන අතර ශ්‍රී ලංකාවට ගෞරවයක් දිනා දෙමින් ජයග්‍රහණය උදෙසා මනා විනයක් සහිතව තරග කළ සියලු ක්‍රීඩකයින් අප අගය කළ යුතුය.

දැන් වගකීම ක්‍රීඩාලෝලී ජනතාව අතේය. ජයග්‍රාහකයින් ඉහළින් භාරගෙන පරාජිතයින්ට සවියක් වී ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුල ශ්‍රී ලාංකේය සලකුණ තබන්නට ක්‍රීඩකයින්ට ශක්තියක් වීම ක්‍රීඩාලෝලීන්ගේ වගකීමය.  

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<