භානුක රාජපක්ෂගේ පිත්ත නැවතත් පත්තු වෙයි

134

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොමිලා වොරියර්ස් සහ ඩකා ප්ලැටූන් කණ්ඩායම් අතර ශරේ  බංග්ලා ක්‍රීඩාංගණයේදී ඊයේ (23) දිනයේ පැවති තරගයෙන් කඩුලු 5ක ජයක් අත්කර ගැනීමට ඩකා ප්ලැටූන් කණ්ඩායම සමත් විය. 

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ………

එම තරගයේ දී කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහරදුන් කොමිලා වොරියර්ස් කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ පන්දු 65ක් තුළ වේගවත් ලකුණු 96ක් රැස්කර ගැනීමට සමත් වෙමින් සුපිරි පිතිකරණයක නිරත විය. ඒ නිසාවෙන් කොමිලා වොරියර්ස් කණ්ඩායම සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 160ක් රැස්කර ගත්හ. ආරම්භක පිතිකරු වූ භානුක රාජපක්ෂ වාර්තා කළ මේ අගනා ඉනිම සඳහා හයේ පහර 7ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. 

ලකුණු 57 කට කඩුලු 3ක් බිඳ වැටී තිබිය දී දකුණතින් පන්දුවට පහර දෙන යසීර් අලී සමඟ එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 63 කදී ලකුණු 103 ක බිඳුනු සම්බන්ධතාවක් ගොඩ නැගීමට ද භානුක රාජපක්ෂ සමත් විය. පන්දු 27 කට මුහුණ දුන් යසීර් අලී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් රැස් කළේය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 161 ක ඉලක්කයක් හඹා ගිය ඩකා ප්ලැටූන් කණ්ඩායම එක් පන්දුවක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ. වමතින් පිතිකරණයේ නිරත වන මොමිනුල් හක් ලකුණු 28*ක් සහ සහීඩ් අෆ්රිඩි ලකුණු 26*ක් බැගින් රැස්කර ගැනීමට සමත් වූ අතර ඔවුන් දෙදෙනා එක්ව හයවන කඩුල්ල වෙනුවෙන් පන්දු 26 කදී ලකුණු 39ක බිඳුනු සම්බන්ධතාවක් ගොඩ නගමින් ඩකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. 

ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩාවට ඇතුවත් බැරි නැතුවත් බැරි ‘රවී’

“ඉන්දියානු ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීම සිහිනයක්. ඒ වෙනුවෙන් තිබූ අවස්ථා හරිම …….

සත්කාරක ඩකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් වමතින් පිත්ත හසුරුවන තමීම් ඉක්බාල් සහ මෙහෙදි හසන් දෙවන කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 83 ක සම්බන්ධතාවක් ගොඩ නගමින් ඩකා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා සවිමත් අඩිතාලමක් සකස් කළහ. ඒ සඳහා සවියක් වූ මෙහෙදි හසන් පන්දු 29 කදී අර්ධ ශතකයක් වාර්තා කර ගනිමින් හයේ පහර 7ක් සහ හතරේ පහර 2ක් සමඟ දැවැන්ත ප්‍රහාරයක් දියත් කරන ලදි.  

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මුජිබුර් රහ්මාන් සිය නියමිත පන්දුවාර 4 ලකුණු 22කට සීමා කරමින් පිට පිට පන්දු දෙකක දී කඩුලු 2ක් දවා ගැනීමට ද සමත් වූයේය. එහිදී අසීෆ් අලී සහ ජාකිර් අලී දෙදෙනාම රහ්මාන්ගේ පන්දු හමුවේ ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුනි.

කොමිලා වොරියර්ස්  : 160/3 (20) භානුක රාජපක්ෂ 96*, යසිර් අලී 30*, මෙහෙදි හසන් 2/09. 

ඩකා ප්ලැටූන් : 161/5 (19.5) තමීම් ඉක්බාල් 34, මෙහෙදි හසන් 59, මොමිනුල් හක් 28*, සහීඩ් අෆ්රිඩි 26*, මුජිබුර් රහමන් 2/22. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<