කොළඹ FC ජ්‍යෙෂ්ඨ කණ්ඩායම ජාත්‍යන්තර මාස්ටර්ස් තරගාවලියට

309

රටවල් 10ක කණ්ඩායම් සහභාගී වන මාස්ටර්ස් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය මෙම මස 08 වන දින සිට 10 වන දින දක්වා ඉන්දියාවේ කොචින් නුවර දී පැවැත්වෙන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ හිටපු ආරක්‍ෂක ක්‍රීඩකයෙක් වන ජගත් රොහාන්ගේ නායකත්වය යටතේ කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම සහභාගී වීමට නියමිතය.

උස්බෙකිස්තානයෙන් ශ්‍රී ලංකාවට දරුණු ප්‍රහාරයක්

අබ්දු සැලමෝව්ගේ ප්‍රහාරාත්මක ගෝල 4 නිසාවෙන්, 2018 වයස අවුරුදු 19න් පහළ යොවුන් පාපන්දු ශූරතා තරගාවලියේ B කාණ්ඩයේ සුදුසුකම් ලැබීමේ වටයේ අද (2) පැවැත්වූ තරගයෙන් ගෝල 10-00ක දරුණු පරාජයකට …

මෙම ශූරතාවය 04 වරක් දිනා ගැනීමට සමත්ව ඇති කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම, මෙවර ද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මෙන්ම කොළඹ පාපන්දු සමාජය කණ්ඩායම ද නියෝජනය කළ ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත වන අතර ඒ අනුව ඔවුන් මෙවර තරගාවලිය සඳහා ද එක්වන්නේ එය පස්වන වරටත් ජයග්‍රහණය කිරීමේ අරමුණ ඇතිව ය.

කෙසේ නමුත් මෙවර තරගාවලිය සඳහා පළමු වරට එංගලන්තය නියෝජනය කරමින් කණ්ඩායමක් ද සහභාගී වන අතර ඒ අනුව කොළඹ පාපන්දු සමාජ කණ්ඩායමට මෙවර ශූරතාවය ජයග්‍රහණය කිරීම විශාල අභියෝගයක් වනු ඇත. තරගාවලිය සඳහා සහභාගී වන අනෙක් කණ්ඩායම් එක් වන්නේ ඉන්දුනීසියාව, ඉතාලිය, මැලේසියාව, මොරීෂියස්, සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සත්කාරක ඉන්දියාව යන රටවල් නියෝජනය කරමිනි.

තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් 10 කාණ්ඩ දෙකකට බෙදා වෙන්කරන අතර පළමු වටයේ තරග පවත්වන්නේ ලීග් ක්‍රමයට අනුව ය. අනතුරුව එම කාණ්ඩ දෙකේ පළමු ස්ථානය දිනා ගන්නා කණ්ඩායම් දෙක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබයි.

Highlights – Saunders SC v Air Force SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

මෙම තරගාවලිය ආරම්භයේ පටන්ම ඊට සහභාගී වූ කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 2006 වසරේ දී සිංගප්පූරුවේ දී පළමු වරට පැවති මෙම මාස්ටර්ස් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේම ශූරතාවය දිනා ගැනීමට සමත් විය. අනතුරුව ඔවුන් 2008 වසරේ දී සිංගප්පූරුව සමඟ සම ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් වූ අතර පසුව 2011 වසරේ දී මෙන්ම පසුගිය වසරේ දී ද එහි ශූරතාවය දිනා ගැනීමට ඔවුන් සමත් විය. ඊට අමතරව කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම 2007, 2012, 2013 සහ 2015 යන වසරවල දී තරගාවලියේ අනුශූරයින් බවට පත්වී ඇත.

පසුගිය වසරේ ඩුබායි හිදී ‘Goodwill Soccer Festival’ යන තේමාව යටතේ පැවති තරගාවලියේ ශූරතාවය දිනාගත් කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමම මෙවර තරගාවලිය සඳහා ද එක්වේ.

මෙම දිනවල පැවැත්වෙන වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ පුහුණුවීම් කටයුතුවලට බාධා එල්ල වී ඇති නමුත් කණ්ඩායමේ පුහුණුකරු මෙන්ම ක්‍රීඩක මොහොමඩ් ෆායිස් මහතා සහ කණ්ඩායමේ කළමනාකරු ෆෙරෝස් ඉන්හාම් මහතා, කණ්ඩායම තරගාවලියේ දී ඉහළ දක්‍ෂතා අතරට පැමිණෙමින් ශූරතාවය පස්වන වරටත් ජයග්‍රහණය කරනු ඇතැයි දැඩි විශ්වාසයකින් පසුවේ.

කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායමේ නිර්මාතෘ, සභාපති මෙන්ම කණ්ඩායමේ සාමාජිකයෙක් ද වන රාමනාතන් පුවනේන්තිරන් කණ්ඩායමට සම්පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දෙන අතර ඒ අනුව ඔහු විසින් කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ සියලුම ගුවන් ටිකට්පත් වියදම් සහ ඉන්දියාවේ නවාතැන් වියදම් දරනු ඇත.

Highlights – Navy SC v Super Sun SC – DCL17 (Week 3)

Uploaded by ThePapare.com on 2017-09-21.

‘පුහාල්’ යන අනුවර්ත නාමයෙන් හැඳින්වෙන පුවනේන්තිරන් ක්‍රීඩාවේ දියුණුවට විශාල දායකත්වයක් ලබා දෙන අතර ඔහු විසින් කණ්ඩායම විශ්‍රාමලත් පාපන්දු ක්‍රීඩකයින් හට සිය ජීවිතය විදීමට අවස්ථාවක් ලබා දීම සඳහා මෙම ජ්‍යෙෂ්ඨ කණ්ඩායම නිර්මාණය කරනු ලැබීය.

කොළඹ පාපන්දු සමාජයේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම

ජගත් රොහාන් (නායක), ජෝසප් ශාන්තකුමාර් (රාසා), ජයශාන්ත ලියනගේ, ප්‍රියන්ත ලියනගේ (චුට්ටා), ඇන්ටන් සිල්වා, කරුප්පන් රාමාරැ, එම්. එච්. රූමි (මොවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් ය), මොහොමඩ් ෆායිස් (පුහුණුකරු සහ ක්‍රීඩක), මැක්සි ලේට්‍රන්, ධම්මික අතුකෝරල, ගුණතිලක බණ්ඩාර, විජය බාස්කර්, මොහොමඩ් ඉම්තිෂාන් (උදය), මොහොමඩ් රිෂාන්, සිසිර කුමාර, මොහොමඩ් හිශාමුදීන්, ප්‍රසන්න හෙට්ටිආරච්චි, ටුවාන් හලදීන්, සමන්ත පෙරේරා, ෆෙරෝස් ඉන්හාම් (කළමනාකරු)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට