නිව් යංග්ස් හා කොළඹ පාපන්දු සමාජවලට විශිෂ්ට ජයක්

237
Colombo & New Youngs

ඩයලොග් ආයතනය විසින් සවිබල ගන්වනු ලබන 2017 ඩයලොග් ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ තවත් තීරණාත්මක තරග 3ක් පසුගිය සතියේ පැවැත්වූ අතර, එහි දී කොළඹ පාපන්දු සමාජය, නිව් යංග්ස් පාපන්දු සමාජය හා පොලිස් ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ලබා ගන්නා ලදි.

සෝන්ඩර්ස් හමුවේ ක්‍රිස්ටල් පැලස්ට ජය

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරගයක් ලෙස ඊයේ..

කොළඹ පාපන්දු සමාජය හා බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

CR & FC පිටියේ දී පැවැත්වූ මෙම තරගය ගෝල 5-0ක් ලෙස පහසුවෙන් ජයග්‍රහණය කිරීමට කොළඹ පාපන්දු සමාජය සමත් වූයේ බ්ලු ස්ටාර් ක්‍රීඩා සමාජය පරාජය කරමිනි.

තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වෙමින් ක්‍රීඩා කරන ලදි. තරගයේ 48 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ කොළඹ පාපන්දු සමාජ ක්‍රීඩක මොමස් යපෝ තරගයේ පළමු ගෝලය ලබාගත් අතර, තරගයේ 55 වන මිනිත්තුවේ දී ප්‍රතිවිරුද්ධ පිලේ සිටින යොවුන් ක්‍රීඩක මොහොමඩ් ඉජාස් කොළඹ පාපන්දු සමාජයට ත්‍යාගයක් බඳු ගෝලයක් ලබා දුන්නේය. ඒ ඔහු එල්ල කළ පහරක් කොළඹ පාපන්දු සමාජයේ දැල තුළ ස්පර්ශ වීම නිසාවෙනි.  

සර්වන් ජොහාර් ගෝල 3-0ක් ලෙස ගෝල පුවරුව සටහන් කරමින් තරගයේ 82 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් ලබා ගන්නා ලදි. නැවතත් ක්‍රියාත්මක වූ ජොහාර් 90+2 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් ලබාගෙන සිය කණ්ඩායමේ ජය තහවුරු කරන ලදි.

අවසන් ලකුණු තත්වය – කොළඹ පාපන්දු සමාජය 5-0 බ්ලූ ස්ටාර් ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගැනීම

  • කොළඹ පාපන්දු සමාජය – මොමස් යපෝ 48’, 87’, සර්වන් ජොහාර් 82’, 90+2’, මොහොමඩ් ඉජාස් (ප්‍රතිවිරුද්ධ ගෝලය) 55’.

නිව් යංග්ස් පාපන්දු සමාජය හා ජවා ලේන් ක්‍රීඩා සමාජය

වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් පිටියේ දී නිමාවට පත්වූ මෙම තරගය නිව් යංග්ස් පාපන්දු සමාජය ගෝල 4-0ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කරන ලදි.

නිව් යංග්ස් කණ්ඩායමට මෙම තරගය ජයග්‍රහණය කළ යුතුම තරගයක් වූයේ, ඔවුන් අවසන් වරට සහභාගි වූ තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය හමුවේ ගෝල 5-1ක් ලෙස පරාජය වීම නිසාවෙනි.

ප්‍රේක්ෂකාගරයේ ඔල්වරසන් හඬ මධ්‍යයේ ක්‍රියාත්මක වූ ඉවෙයිනී කයමෙසී තරගයේ 16 වන මිනිත්තුවේ දී තරගයේ පළමු ගෝලය වාර්තා කරන ලදි. ඉන් මිනිත්තු 13කට පසුව ඇන්තනී ඇරීන්ස් නිව් යංග්ස් පිලේ දෙවන ගෝලය වාර්තා කරමින් පළමු අර්ධය තුළම තරගයේ වැඩි වාසිය සිය කණ්ඩායමට ලබා ගැනීමට සවියක් විය. හසිත ප්‍රියංකර හා කයිමෙසී තරගයේ දෙවන අර්ධය තුළ තවත් ගෝල ද්විත්වයක් ලබා ගත්තේ ගෝල 4-0ක පහසු ජයක් නිව් යංග්ස් පිලට උරුමකර දෙමිනි.

අවසන් ලකුණු තත්වය – නිව් යංග්ස් පාපන්දු සමාජය 4-0 ජවා ලේන් ක්‍රීඩා සමාජය

ගෝල ලබා ගැනීම,

  • නිව් යංග්ස් පාපන්දු සමාජය – ඉවෙයිනී කයමෙසී 16’ & 86’, ඇන්ටනී ඇරීන්ස් 29’, හසිත ප්‍රියංකර 56’

පොලිස් ක්‍රීඩා සමාජය හා මීගමුව යූත් ක්‍රීඩා සමාජය

දක්ෂ ක්‍රීඩකයින් රැසක්ම ක්‍රීඩා කළ මෙම තරගය පොලිස් ක්‍රීඩා සමාජයේ සත්කාරකත්වය ඇතිව කොළඹ පොලිස් පිටියේ දී සාර්ථක අවසන් විය.

පොලිස් ක්‍රීඩා සමාජයට ගෝල 3-0ක පහසු ජයග්‍රහණයක් හිමි වූ මෙම තරගය තුළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ හිටපු උප නායකයෙක් වන චතුර ගුණරත්න හා මොහොමඩ් නව්ශාඩ් මෙන්ම මොහොමඩ් රාෆීක් ලබාගත් ගෝල 3 හමුවේ මීගමුව යූත් කණ්ඩායම පහසුවෙන්ම පසුබැස්මකට ලක්වූ අතර, අවසානයේ සත්කාරක පොලිස් ක්‍රීඩා සමාජයට ජය හිමි විය.

අවසන් ලකුණු තත්වය – පොලිස් ක්‍රීඩා සමාජය 3-0 Negombo යූත්

ගෝල ලබා ගැනීම,

  • පොලිස් ක්‍රීඩා සමාජය – මොහොමඩ් නව්ශාඩ් 23’, චතුර ගුණරත්න 63’, මොහොමඩ් රාෆීක් 90+3’.

 >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<